රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, April 17, 2010

නවතම චිත්‍රපට



ද හවස නංගි කෙනෙක් පොඩි ඉල්ලීමක් කෙරුව චිත්‍රපටි ගැන පොඩි විස්තරයක් අහල. ඉතින් මම හිතුව ඒ ගැනත් පොඩ්ඩක් ලියන්ට.

මම හිතාගෙන උන්නෙ කෙල්ලො කැමති, රොමැන්ටික් ෆිල්ම්ස් වලට කියල, ඒත් බැලින්නම් කඩ කෙල්ලොත් ඉන්නව නොවැ. ඒ මොකද, හොරර් ෆිල්ම්ස් බලන්නත් කැමති කෙල්ලො ඉන්නව මේ කාලෙ. හොඳයි ඒකෙත් වරදක් නෑ.

ඉතින් මම දැන් කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම්ස් කීපයක් ගැනයි, පරන ලස්සන ෆිල්ම්ස් ටිකක් ගැනයි.

මගෙ යාලුවෙක් ඉන්නව කැම්පස් එකේ, ෆිල්ම්ස් වලට ආස, අපි ඉතින් ෆිල්ම් එකක් ඕන උනාම යන්නෙ මිනිහ ගාවට (3477). RapidShare පිස්සෙක්.අලුතෙන් එන ෆිල්ම්ස් වල විස්තර ගන්නෙ එයාගෙන් තමයි.

හොරර්, රොමෑන්ටික්, ලෙජන්ඩ්‍රි, ට්‍රැජඩි, තව සයන්ටිෆික් ,ඩාන්සින් , ඔය වගේ ගොඩාක් වර්ගීකරන කරන්න පුලුවන්  ෆිල්ම්ස්.
හොඳම එව්වා ටිකක් දාන්නම්.


හොරර් - ත්‍රාසය, භීතිය කැටිවූ චිත්‍රපට


                             A Tale of Two Sisters (2003)


මේ ෆිල්ම් එක මමනම් බලල නැහැ. ඒත් යාලුවෙක්ගෙන් තමයි දැනගන්න හම්බ උනේ. මම හිතනව හොඳ ඇති කියල. මොකද මම බලපු අයගෙ කමෙන්ට්ස් දැක්ක, මේ ෆිල්ම් එක. 



                                    The Unborn (2009)


මේ තියෙන්නෙ මම බලපු හොඳම හොරර් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මේකෙ කතා වස්තුව ගෙතෙන්නෙ, තරුන කාන්තවක් පාදක කරගෙන. කිසියම් අත්බූත ආත්මයක් මෙම කාන්තාව පසුපස එන්නේ, ඇයගේ මවගේ, මවගෙන්, කලකට ඉහතදී සිදුවූ සිදුවීමක් හරහායි.
බලලම කියන්නකො හොඳයි ද කියල
    

 Drag Me to Hell (2009)
මේ ෆිල්ම් එක මම බැලුවෙ මෑතකදි. ටිකක් බය හිතෙන කතාවක් තමයි තියෙන්නෙ. බැංකුවකට එන කාන්තාවක් එහිදී , බැංකුවේ වැඩකරමින් සිටින තරුන කාන්තාවක සමග අතිකරගනු ලබන ආරවුලක් තමයි මේකෙ කතා වස්තුව. බැංකුවකට එන කාන්තාව මහලු යක්ශනියක්. 
ඩවුන්ලෝඩ් කරලම බලන්නකො



The Collector(2009)

මේ ෆිල්ම් එක ගැන මට කිව්වෙ අපේ මල්ලි කෙනෙක්. මිනිහ එක බලල හොඳටම බයවෙලා. හොඳ බයහිතෙන ෆිල්ම් එකක් කියල කිව්වා. බාලම බලන්න.



Open Graves (2009)


ත්‍රාසය, භීතිය කැටිවුන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. බාලම කමෙන්ට්ස් කියන්නකො.



The Last House on the Left (2009)

මේකනම් හොඳම ෆිල්ම් එකක්. මේකෙ කතාවට පාදක වෙන්නෙ පලිගැනීමක්. තමන්ගෙ දුවව දූෂනය කර මරා දමන්නට තැත් කරන කාණ්ඩයකට, ඇයගේ දෙමවුපියන් විසින් දඬුවම් කරන හැටි තමයි මෙකෙ තියෙන්නෙ. කවදාවත් අපරාධයක් නොකල දෙමවුපියන් දෙදෙනෙකු තම දියනියට සිදුවූ විපතින් පසුව, වෙනස්ම දෙදෙනෙකු බවට පත්වන හැටි. ඕනාම දෙමවුපියෙක් මෙසේ හැසිරේද?



තව ඉදිරියට මේ වගේ හොඳ ෆිල්ම්ස් ගැන දාන්නම්. අවදානය හොරර් ෆිල්ම්ස් වලට වැඩිපුර යොමුවුනෙ නංගි කෙනෙක්ගෙ විමසීම නිසා. පසුවට වෙනත් ෆිල්ම්ස් ගැනත් ලියන්නම්.  




ජය වේවා කිව්වා....







~~ඉතිරි ටිකත් කියවන්න..

යාලුවෝ..



ට මේ ලිපිය ලියන්න හිතුනෙ ටික කාලෙකට කලින්. ඒත් මෙ වෙනකල් ඒ ගැන ලියන්න හම්බ උනෙ නැහැ. ඒත් ඉතින් යලුවෝ කියන්නෙ හැම කෙනටම ඉන්න පිරිසක් නිසා, යලුවෝ ගැන ඔයාලගෙනුත් දැනගන්න කැමතී.
..........................................

එක එක යාලුවො එක එක විදියයි. ඉතින් ඔයාලටත් අත් දැකීම් අති යාලුවො ගැන. සමහර යාලුවො කොයි තරම් වලි දාගත්තත් පහුවදා වෙනකොට ශේප්. එ තමයි නියම යාලු ෆිට් එක කියල මට හිතෙන්නෙ. ඒ උනත් සමහරු ඉන්නව, අර කතවක් තියෙන්නෙ, "එකට උන්නත් බොක්ක වෙනස්" කියල.. අන්න ඒ වගෙ අයත්.

කොහොම උනත් ඒ අපේ යලුවොනෙ, එක නිසා ඉතින් හිතෙ කිසි කහටක් නැහැ.

මගෙ යාලුවොනම් මුලින්ම සෙට් උනේ ඉස්කෝලෙ යද්දි. ඊට පස්සෙ ඉතින් බොක්ක දෙන්න උනත් පුලුවන් සෙට් එකක් තමයි සෙට් වෙන්නෙ. මොකද සමහරු ඉන්නවනෙ අර "දිරවන්නෙ නැහැ" යි කියන කට්ටියක්. අන්න ඒ අය එන්නෙ නැනෙ ගැන්සි බහින්ට.

ඕකයි කේස් එක.
.......................................


  තවමත් මගෙ ඉස්කෝලෙ කාලෙ යලුවො බොක්ක වගේ ඉන්නව. ඒ ක්ලාස් එකේ අය. උන් සෙට් එකනම් බුදු ෆිට්. ලගදි කට්ටිය සෙටුත් උනා. කවාදවත් අමතක කරන්නෙ නැති, අමතක වෙන්න් නැති සෙට් එකක් තමයි. නිවාඩුවට ආවත් කට්ටිය එකතු වෙනව. මම හිතන විදියට එක තමයි නියම යාලු කම.

ක්ලාස් වලදි සර් ලගෙන් බැනුම් අහපුව, (ඩිලා මතකද?) ක්ලාස් කට් කරපුව,(මන්ඩූ), පස්සෙන් ගිය එව්වා(කනිශ්කයා,බුද්දිකයා) මතකද ?

තව තව ඒව තිබුනා. ඒත් ඉතින් ඒ කලේ තරම් හොද කාලයක් අයෙත් එන්නෙ නැහැ.

අපි හමෝම දැන් විශ්ව විද්යාල වල, සමහර අය ජොබ් කරනව, හැම දෙනාම හොද තැන් වල ඉන්නව, ඒක ගොඩාක් සතුටට කාරනාවක්.

....................................................
කැම්පස් එක ගැන කියනවනම් කැම්පස් එක කියන්නෙ අසීමිත නිදහසක් තියන තැනක්. ඕනම දෙයක් කරන්න පුලුවන්. ඕනනම් ඉගෙනගන්න පුලුවන්, ඕනනම් පිස්සු කෙලින්න පුලුවන්, ඕන දෙයක්.

යාලුවො ඉන්නව ගොඩක්, ඒත් අර "බොකු" කියන ජාතියෙ අය ඉන්නව. මාලුවොත් ඉන්නව.

ඒ උනාට මාත් එක්කම ඉන්න කොල්ලො ටික, හැමදාමත් එකටයි. ගොඩාක් උදව් කරනව එක එක්කෙනාට. ඒක තමයි වටිනම දේ.

..................................................

ගෙදර ආපු දවසට යන්නෙ කොහෙද කියලත් කියන්නම ඕනා.. එකෙක් ඉන්නව, (මැx), අයෙනම් ඉතින් එකා එන්න එපා කිව්වත් මම යනවා. තව (ඩොන්කී,රතු,සුමා, සන්ජය, ගිහා) අපේ යාලු කමනම් නවතින එකක් නැහ කවදවත්. ඒ මොකද කොහෙ ගියත් අන්තිමට එන්නෙ ගෙදරටනෙ.

................................................


තව ගොඩාක් ඉන්නව යාලුවො. සමහරු රට. පට්ටම , හැන්ඩිම කොල්ලෙක් ඉන්නව, නේවි එකේ, ඉගෙන ගන්නෙ ඉන්දියවේ. තව ඉන්නව, ඉතාලි, ඔස්ට්‍රේලියා, යු.කේ, කැනඩා, අම්මො ගොඩාක් අය. තව අය ඉන්නව ටවුන් එකේ. කොහෙ හරි ගමනක් යනකොට වැඩ කරන තැනට ඔලුව දාල තමයි අපිනම් යන්නෙ.

අපි ඉතින් ආඩම්බර නහැ නොවැ.



~~ඉතිරි ටිකත් කියවන්න..

Friday, April 16, 2010

මිතුරු හමුව 2010

මේ ලිපිය අපේ වාර්ශික මිතුරු හමුව ගැන.
                                                               යාලුවො ඔක්කොම එකට සෙට් උන ලගදිම දවස මොකක්ද කියල මම ඔයාලගෙන් ඇහුවොත් කියයි "ගොඩ කාලෙකින් නැහැ " කියල. ඒකට හේතුව මොකක්ද?


ඒකට හේතුව තමයි, ගොඩාක් අයව අපේ අවිවේකීකම නිසා මුන නොගැසීම. කට්ටියම අවුරුදු නිවඩුවට ගමේ එන නිසා තමයි අපිත් මේ වගේ සෙට් වෙන්නෙ.




අපේ කට්ටිය



මේ ඉන්නෙ අපේ කට්ටිය අද සෙට් උන. ගොඩක් අයට මෙ දවස්වලත් වැඩ නිසා එන්ට බැරි උනා. අපිටත් අප්සෙට් ඉතින්. ඒත්, මෙහෙමවත් දෙනෙක් එකතු වෙන්න තියන එක ලොකු දෙයක් නේද?

මේ ෆොටෝ එක මගෙ යාලුව බුද්ධික ගෙන් හම්බ උනේ. තෑන්ක්ස් කිව්වා.


රස කතා ගොඩාක් තියනව කියන්න. ඒවා පසුවට. හරිම මහන්සියි. හොද නින්දක් දාලා එන්නම්.
සුභ රාත්‍රියක්.

~~ඉතිරි ටිකත් කියවන්න..

අද උදේ ...

ද ගොඩ දවසකින් උදේ පාන්දරම අවදි උනා.. ඒ කිව්වේ ඇහැරුනා. ඒත් ඇත්තම කියනවනම් ඊයේ රෑ නින්ද ගියෙ නැහැ කියනවනම් ඒක තමා හරි. අද පාන්දර වැස්ස තමයි ප්‍රධානතම හේතුව. ඒ ඇයි කියල කියනවනම් පාන්දර කොටපු අකුනු වලට මට නින්ද ගියෙම නැහැ නොවැ.මගෙ ලැප් එකේ බැට්ටරිත් අඩුයි. ඉතින් මට මේක ඉක්මනටම ඉවර කරන්න වෙනව. ඒ මොකද විදුලියත් නැහැ නොවැ.
ඇත්තම කියනවනම් මම ඔක්කොම ප්ල්ග්ස් ගලවල තමයි නිදා ගන්න ගියෙ. ඒත් චරස් ගාල ලයිට් එලියක් පත්තු උනා , මොනවා උනාද මන්ද, තවම හොයාගන්න බැරි උනා මොකක්ද පිච්චුනෙ කියල. අනේ දෙවියනේ , ලැප් එකේ චාජර් එකද? අම්මෝ ඒකනම් වෙන්න එපා. දැන් චාජර් එකක් මාර ගානක්.අනේ මොකවත් පිච්චිලා නම් තියෙන්න එපා. දැන් චෙක් කරන්න විදියකුත් නැහැ. ලයිට් නැහැනෙ.
                                  
                                           තින් ඒක නෙමේ මම ඔයාලට මේ කියන්න ආවේ මේ දවස් වල ටිකක් පරිස්සම් වෙල ඉන්න කියල කියන්නයි. පොඩ්ඩ්ඩක් හරි විදුලි කොටනවනම් මොනවත්ම ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකක් දාල තියන්න එපා. ප්ල්ග් ඔක්කොම ගලවල තියන්න. ස්විච් දාල නොතිබුනත් කරන්ට් එක යන්න පුලුවන් වයර දිගේ.ඒක නිසා හැම කනෙක්ශන් එකක්ම ගලවල දාන්න.


මේ දවස් වල ගොඩක් කියන කතාවක් තමයි විදුලි බල මන්ඩලය ගොඩක් පරිස්සම් වෙන්න කියන එක. ඒ උනාට ඕනම කෙනෙකුට දුකක් දැනෙන්නේ තමුන්ට කරදරයක් උනහමනෙ. ඉතින් කරදරයක් වෙන්න කලින් මේ පිලිබදව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්ට හොදේ.

අද යාලුවො ටික සෙට් වෙනව අපේ. ඒකයි පාන්දරම ඇහැරුනෙ. ගිහින් ඇවිත් ඉලෙක්ට්‍රොනික්ස් ගැන කුප්පියක් දාන්නම් හොදේ..


~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, April 15, 2010

කවි..අදහස්..

ද දවස ටිකක් හිතට දෑනුන දවසක්. මගේ යාලුවෙක්ගෙ පොඩි ප්‍රශ්නයක් නිසා.. ඉතින් මම හිතුව, පොඩි නිසදෑසක් ලියන්න.. මට කල්පනා උන අදහසක්.



කිසිවක් නොව....

සිතට දෑනෙන ඒ පාලු , නිහඩ බව,
මා හට සුපුරුදු ඒ තනිකම,
කවදා මා අතහෑර යන්නේදෑය්,
මා හට නොදෑනෙන්නේ මන්ද?


මා  සිත ගොලුවී, දෑසම රතුවි,
තවමත් ඒ දෙස බලා සිටි,
කුමක් කරන්නද, කුමක් කියන්නද,
කුමක් සිතන්නද, කෙසේ හිදින්නද


සිනහව දෙන්නට, මතකය හෑර යන්නට,
කිසිවක් සිතන්න, සිත සෑනසුම දෙන,
මා හට කවදා හෑකි වේවිද,
වෙනකෙකු කෑඩපත දෙස නොබලා..


ඒ දින සොයමින් බලා හිදිමි මග,
සොරකම් කල ඒ සුදු නෙලුම,
පිපෙන තුරා නිල්, විල් දිය මත,
බම්බර පහස ලබනු පිනිස....
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION