රන්සුර..: විහිලු කතා

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter
Showing posts with label විහිලු කතා. Show all posts
Showing posts with label විහිලු කතා. Show all posts

Sunday, September 5, 2010

රෙද්ද....

මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.

මේකයි කතන්දරේ.. /hihi

දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.
~~ඉතිරි ටිකත් කියවන්න..

Tuesday, May 11, 2010

තවත් එක් සත්‍ය කතාවක්

මේ දවස්වල අපිට විභාගෙ තිබුන නිසා ගොඩාක් ස්ට්‍රෙස් එකේ උන්නෙ. හැමෝම එහෙමනෙ. විභාගෙ කල් යනවනම් හැමෝම කැමතියි, මට දැනෙන විදියට. කීප දෙනෙක් ඇරෙන්න. ඔයාලටත් ඒ අත්දැකීම ඇතිනෙ? විභාගෙට කලින් දාට හිතෙන්නෙ , අනේ හෙට විභාගෙ අනිද්දට  කල් යනවනම් කොයි තරම් හොඳඳ කියල නේද?

ඉතින් ඔය ඉන්න අතරෙ, දන්නවනෙ සමහරු ඉන්නවා යාලුවො, සෙට් උනාම කතන්දර කිය කිය ඉන්න, ඉතින් ඔය විභාගෙකට සම්බන්ද කතාවක් තමයි මේක. මම කියන්නම් දැන් ඒ කතාව. ඔන්න අහගන්න,


හැමෝම කැමති දවස ව්නෝදයෙන් ගත කරන්නනෙ. පාර්ටි වලට යන්න හැමෝම කැමතියි. ඉතින් මම කියන්න යන්නෙ යාලුවො 4 දෙනෙක් ගැන.

දවසක් මේ යාලුවො 4 දෙනා, පාර්ටි එකකට ගිහින්. නටලා, කාල බීල හොඳටම විනෝද වෙන්න. ඉතින් ඒත් මේ 4 දෙනාට පහුවෙනිදට කැම්පස් එකේ විභාගෙ. මොනවත්ම බලල තිබිල නෑ. ඉතින් ආපහු වේලස්සන, නවාතැනට ගිහින් පාඩම් කරන්න කියල හිතන් උන්න මේ යාලුවො ටිකට, දන්නෙම නැතුව, පාර්ටි එකට හිත ඇදිල ගිහින් ගෙදර එන වෙලාව වෙනකොට උදෙත් වෙලා.

දැන් මොනව කරන්නද? ගිහින් විභාගෙ ලියන්න කියලද, ඇයි මොනවත්ම දන්නෙ නෑනෙ. ඉතින් මේ කට්ටිය කල්පනා කෙරුවලු මේකට මොකක්ද කරන්නෙ කියල. එක යාලුවෙක්ට ආවලු අදහසක්.
"අපි දැන් හොඳටම ඇඳුම් ටික කිලිටි කරගෙන ඩීන් සර් ලඟට යමු",කියල ඒ යාලුව කිව්වලු.


ඉතින් කට්ටියම එහෙමම ගියාලු ඩින් සර් ගාවට ඇඳුම් ටිකත් කිලිටි කරගෙන. ගිහින් කිව්වලු,
"සර්, අපි ඊයෙ යාලුවෙක්ගෙ ගෙදර වෙඩින් එකකට ගිහින් එදිදි කාර් එකේ ටයර් එක ගියා, දැන් තමයි කාර් එක හදාගෙන එන්නෙ. ඉතින් සර් අපි මෙහෙම කිලිටි ඇඳුම් ඇඳගෙන විභාගෙ ලියන්නෙ කොහොමද?"


කියල. ඉතින් සර් කල්පනා කරන කිව්වලු ඔයාල 4 දෙනාට විතරක් එහෙනම් විශේෂ විභාගයක් තියන්නම්, දවස් 3කට පස්සෙ කියල. ඉතින් යාලුවොත් එකඟ උනාලු.
කට්ටියගෙ වැඩේ සාර්ථක උනානෙ. යාලුවො 4 දෙනාට ගොඩාක් සතුටුලු. ඉතින් කට්ටිය නවාතැනට ගිහින් දවස් 3ම හොඳට පාඩම් කෙරුවලු  A+ එකක් විභාගෙට අරගන්න.

ඉතින් විභාගෙ තියන දවස ආව දවස් 3කට පස්සෙ. කට්ටියම සතුටින් විභාගෙට ගියා.
විභාග ශාලාවෙදි සර් කිව්වලු, "ඔයාලට විශේෂ විභාගයක් තියෙන්නෙ, ඒක නිසා 4 දෙනාව ශාලා 4කට දාල තමයි විභාගෙට උත්තර ලියන්න දෙන්න වෙන්නෙ"කියල.

කට්ටියම එකඟ උනාලු, මොකද බය වෙන්න දෙයක් නෑනෙ, කොපි කරන්න ඕනත් නෑ, පාඩම් කරලනෙ ආවෙ. ඉතින් 4 දෙනාව ශාලා 4කට දාල පේපර්ස් දුන්නලු.



කට්ටියම පේපර්ස් අරගෙන ලියන්න බලනකොට, පේපර් එකේ ප්‍රශ්න 2යි ලු තියෙන්නෙ.

1) ඔබගේ නම කුමක්ද? (ලකුනු 2)

2)කාර් එකේ පිපිරුනේ මොන ටයරයද?
   a)ඉදිරි දකුනුපස
   b)ඉදිරි වම්පස
   c)පසුපස දකුනුපස
   d)පසුපස වම්පස           (ලකුනු 98)




ඉතින් ඔන්න ඕක තමයි කතාව. මේ කතාව කියපු ගුරා නම් කිව්වෙ මේක ඇත්තටම සිදු උන සිද්දියක් කියල. ඒත් මමනම් හරියටම දන්නෙ නෑ හොඳද?

ඉතින් අපිට මේකෙන් ගන්න තියන පාඩම මොකක්ද?

හොර බොරු වැඩ නොකර ඉන්න කියන එකද? එහෙම ආදර්ශයකුත් හොඳයි.

ඒත් මටනම් හිතෙන්නෙ , අපි මොකක් හරි අපිට විශේෂ කාර්යක් සැලසුම් කරනකොට, වෙන්න පුලුවන් හැම පැත්ත ගැනම හොඳට හිතල බලල තමයි තීරන ගන්න ඕන.දෙයක් සිද්ද උනාට පස්සෙ ආපස්සට ගන්න බෑනෙ. ඉතින් දෙයක් වෙන්න කලින් වෙන්න පුලුවන් අකරතැබ්බ මොනවද කියල හොඳට කල්පනා කරල තීරන ගන්න. ඔයාලටත් වැඩිය කල්පනා කරන්නෙ නැතිව අරගත්තු තීරන නිසා දුක් වෙන්න උන අවස්තාවල් එමට ඇති. මටත් එහෙමයි.

ඉතින් ඔන්න ඔහොමයි සිද්දිය... කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.




සුභ දවසක් හැමෝටම.
~~ඉතිරි ටිකත් කියවන්න..

Saturday, April 24, 2010

රස කතාවක්



ද මම ආව නුවර, ඒ කියන්නෙ මම අධ්‍යපනය හදාරන තැන පේරාදෙනියට. හෙට අපේ සීනියර්ස් ලගෙ ගොයින් ඩවුන් එක. ඉතින් අපි සින්දු ටිකක් පුරුදු උනා කියන්න හෙට, අපේ වාදන කන්ඩායම. කෑම කන්න පුහුනුවීම් නවත්වනකොට 10ට විතර රෑ. ඉතින් යාලුවෙක්ගෙ වාහනේම ගියා කන්න පේරාදෙනියට, නේවාසිකාගාරයේ ඉඳන්.

ඉතින්  කෑම කන ගමන් එක යාලුවෙක් කියපු රස කතාවක් ලියන්න කියල හිතුන අද.

මුලින්ම කියන්න ඕන අපිව වාහනේ අරන් ගිය යාලුවගෙයි, කතාව කිව්ව යාලුවගෙයි දෙන්නගෙම උපන් දින අද.

ඒක නිසා දෙන්නට සුභම සුභ උපන් දිනයක් වේවා, කියල කියන්න ඕනි මුලින්ම.
හරි, දැන් අපි කතාවට යමු. මෙන්න මේකයි කතාව.
..............................................................................................

පොඩි කොල්ලෙක් ගැන තමයි මේ කතාව. මේ කොල්ල පොඩි කාලෙ ඉඳන්ම හරිම අන්ඩපාලයලු.
 කියන තරමක් කියන්නෙ බොරු, හැම වෙලේම කලොත් කරන්නෙ මොකක් හරි අන්ඩපාල වැඩක්.

ඉතින් මේ කොලුවගෙ තාත්ත, දවසක් අරන් ඇවිත් තියෙන්නෙ මොකක්ද දන්නවද? රොබෝ අතක්.

මේ රොබෝ අත, කවුරු හරි බොරුවක් කිව්වොත් ස්වයන්ක්‍රීයව අ බොරුව කිව්ව කෙනාට පහරක් එල්ල කරනවලු. ඉතින් මේ කොලුවගෙ තාත්ත, මෙ රොබෝ අත අරන් ඇවිත් මේසෙ උඩ තියල, පුතාට එන්න කියල, ඇහුවලු,


"පුතේ, මේ පාර, විභාගෙට ලකුනු කීයද?"

පුතා දන්නෙ නෑනෙ රොබෝ අත ගැන. ඒකත් අත ගගා උන්න කොල්ල කීවලු,

"හොඳයි, තාත්තෙ, ඔක්කොටම 80 ට වඩා තියනව" කියල,

ඒ කියපු ගමන්ම රොබෝ අතින් අරන් කොල්ලට දුන්නලු තරු පේන්න පාරක්.

තාත්ත  කිව්වලු ඒට පස්සෙ,
 "උබ මට බොරු කරන්න හිතුව මදි, මමනම් උබ වගේ නෙමේ ඒ කාලේ හැම විෂයටම 90 ට වඩා ගත්ත" කියල. එතකොටම අර රොබෝ අතින් තාත්තටත් තරු පේන්න 6 පාරක් වැදුනලු.

දැන් මේක දිහෑ බලාගෙන උන්න අම්මට  පුදුම හිනාවක්ලු, දෙන්නම බොරු කියල ගුටි කෑවනෙ.

අම්ම කිව්වලු  "ඔව් ඉතින් දෙන්නම එකයි", කියල පුතා ගාවට ගිහින් කන මිරිකල කිව්වලු,
"මේකත් ඉතින් තාත්ත වගේමයි, තාත්තගෙම පුතානෙ" කියල,

ඒ කියපු ගමන්ම අම්මටත් අර රොබෝ අතින් වැදුනලු හොඳ කනේ පාරක්.

.....................................................................................................

කතාව කියල ඉවර උන ගමන්ම , හිනා ගියා කියන්නෙ, තව පොඩ්ඩෙන් කකා උන්න කෑම ටිකත් හිර වෙනව.

කාල බීල ඇවිත් මේ නිදාගන්න කියල ලෑස්ති උනේ. ඊට පස්සෙ හිතුන මේ කතාව ඔයාලට කියලම නිදාගන්නව කියල. හරිම මහන්සියි. හෙට වැඩ ගොඩයි.

සුභ රාත්‍රියක්....
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION