රන්සුර..: නාටක

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter
Showing posts with label නාටක. Show all posts
Showing posts with label නාටක. Show all posts

Tuesday, May 11, 2010

Dear John Vs The Last Song



අද බොහොම නිදහස් දවසක්. මොකද කියල කියනවනම් අද තමයි සෙමෙස්ටර් එකේ අන්තිම විභාගෙ ඉවර උනේ.හිතට මාර නිදහසක්.

ඉස්සර අලුතින් එන එක ෆිල්ම් එකක්වත් මග අරින්නෙ නෑ මම. ඒත් මේ දවස් වල තිබුන කාර්යබහුල කම නිසා බලන්න බැරි උනා කාලෙකින් ෆිල්ම් එකක්.
ඉතින් අද කාමරේට ඇවිත් ඉන්නකොට තමයි මතක් උනේ දැන් ටික කාලෙකට කලින් බාපු ෆිල්ම් එකක් තිබුනනෙ හාඩ් එකේ කියල. ඉතින් ඒ ෆිල්ම් එක හොයන්න යනකොට හම්බ උනා තව ෆිල්ම් එකක්. ඉතින් ඒ ෆිල්ම් දෙක තමයි DEAR JOHN සහ THE LAST SONG. ගොඩාක්ම කැමති  Romantic  ෆිල්ම්ස් වලට නිසා මටත් හරිම කික් එකක් ආව මේ ෆිල්ම්ස් දෙකම බලනව කියල. ඉතින් මුලින්ම කියන්න යන්නෙ  DEAR JOHN  ගැන.


මේ ෆිල්ම් එක ගැන කියනවනම් ඉතාමත්ම හැඟීම්බර ෆිල්ම් එකක්. ආදර වන්තයින් දෙන්නෙක් ගැන. හදිස්සියෙන්ම හමුවෙන මොවුන් සති 2 යනකොට දෙන්නට දෙන්න, නැතුව ඉන්න බැරි තරමටම ආදරවන්තයින් වෙලා. කොල්ලගෙ නම තමයි, ජොන්. කෙල්ලගෙ නම අමන්දා. කොල්ලා එස්.එෆ් එකේ වඩ කරන්නෙ. කෙල්ල ඉගෙන ගන්නව. ඉතින් ඔය දෙන්නගෙ ආදර කතාවට මොකද වෙන්නෙ? බලන්නම ඕන කතාවක් තමයි.
ජොන් , ආමි එකේ ඉන්නකොට තමයි සේරම දේවල් වෙන්නෙ. කොහොම හරි අමන්දා, ජොන් නැතිව මාස ගනනක් දුක් වෙවී ඉන්නව. අන්තිමට මොකක් හරි හේතුවක් නිසා, දෙන්නගෙ බැඳීම නැති වෙනව. ඒත් දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි.
ඔය අතරෙ ගොඩාක් දේවල් දෙන්නගෙම ජීවිත අතරට එනව. ජොන් ආපහු ගෙදර එන්නෙ අවුරුදු 5 කට පස්සෙ.
ඇවිත් අමන්දාව දකිනකොට, ඇයගෙ ජීවිතේ මොන තරම් වෙනස් වෙලාද, ජොන්ට තිබුන ආදරෙට මොකද උනේ කියල මම කියන එක හරි නැහැ, මොකද සමහරවිට ඔයාල ෆිල්ම් එක බලල නැතිව තියෙන්න පුලුවන්නෙ.
ඒක නිසා මේ ෆිල්ම් එක බාලම බලන්න. වරද්දන්න එපා, හැඟීම්බර, ආදරය, දුක, ජීවිතය මුසු උන ෆිල්ම් එකක් මේක.

උඩ තියන පෙර දසුන බලල මෙතනින් බාගන්න DEAR JOHN







The Last Song ගැනත් කියන්න ඕනා. මොකද ආදරවන්තයින්ට ගැලපෙන ෆිල්ම් එකක් තමයි මේක. මට මේකෙ හම්බ උන කොපිය හොඳ එකක් නෙමෙයි. ඒක නිසා හොඳ කොපියක් හම්බ උන ගමන්ම දාන්නම්.

මේකත් අනිවාර්යෙන්ම බලන්න. මොකක්ද වැඩියෙන්ම හොඳ? ඔයාලම තීරනය කරන්න. මටනම් දෙකම සුපර්බ්.

ජය වේවා..
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION