රන්සුර..: හිතට දෑනෙන දේ.

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter
Showing posts with label හිතට දෑනෙන දේ.. Show all posts
Showing posts with label හිතට දෑනෙන දේ.. Show all posts

Tuesday, May 4, 2010

"ජීවිතේ...." මොකක්ද මේකෙ තේරුම....


                                        ගොඩ කාලෙකින් ලියන්න බැරි උනා මොනවත්. ඒක නිසා අද මොනව හරි ලියන්න හිතුවෙ, ලියන්න දේවල් නම් ගොඩාක් තියනව. ඒත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා උන්න නිසා හිත ටිකක් විතර නොසන්සුන්.

මට හිතුන අද මගෙ හිතට දැනුන දේවල් ටිකක් ඔයාලට කියන්න. මොකද අද මට දැනුන හැඟීම හරිම වෙනස් දෙයක්.


*අපේ ජීවිතේ අර්ථය මොකක්ද?
*අපි කොයි තරම් කල් ජීවත් වෙනවද?
*ජීවත් වෙන කාල සීමාව තුල අපි ලබාගන්න ඕනා දේවල් මොනවද?
*අපිට උවමනා දේවල් ලබාගන්න බැරි උනාම අපිට දැනෙන විදිය?
*අනිත් අයට කරදරයක්, උදවුවක් ඕන උනාම අපි කරන්නෙ මොනවද?
*අපේ ජීවිත කාලය තුල අපෙන් වැරදි සිද්ද උන අය කොයි තරම් ඉන්නවද?


ඇත්තටම අපිට අපි කරපු වැරදි වලට දඬුවම් ලැබෙනවද?
ජීවත් වෙන්නෙ අවුරුදු කීපයයයි.

ඇත්තටම අපි මේ කරන්නෙ මොනවද?

ගොඩාක් අය කරන්නෙ, ඉගෙන ගන්නව, ජොබ් එකක් කරනව, පවුල් ජීවිතයක් ගත කරනව. ඊට එහා දෙයක් ගැන හිතන්නවත් සමහරු උත්සාහ කරන්නෙ නැහැ. ඒකට හේතුව මොකක්ද? සල්ලි හම්බ කරන්න නේද හැමෝම බලන්නෙ ඉක්මනට. සමහරු හොඳින්, සමහරු නරකින්.


අපේ රටේ ගොඩාක් මනුස්සයිගෙ මතය තමයි, ඉගෙන ගත්තෙ නැත්තන්, ජීවත් වෙන්න අමාරුයි, එතනින් එහාට මාර්ග අඩුයි ජීවිතය ඉස්සරහට අරගෙන යන්න කියන එක. ඒක ගොඩක් දෙමවුපියන්ගෙ මතය. ඔයලගෙ දෙමවුපියොත් කැමති තමුන්ගෙ දරුව හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යනවට. ඒත් සමහර දෙමවුපියො මම දැකල තියනව, ළමයින්ට බලෙන් උගන්වනව. තමුන්ගෙ අශාව ඉෂ්ට කර ගන්න.

ඒ ඇයි?

අපි අනිත් අයගෙ හැඟීම් කොහොමද කියල හිතන්නෙ නැහැ,
"අපිට මොකද අනිත් අයට මොනව උනත්?"
 එහෙම හිතන අය ඉන්නව ගොඩාක් මේ ලෝකෙ. වැඩිම පිරිසක් එහෙම අය.


පොඩ්ඩක් හිතල බලන්න ඔයාලත් මේ ගැන. තමුන්ට කරදයක් ඇති උන වෙලාවට දැනෙන හැඟීම මොන වගේද, ඒ වගේ හැඟීමක් තමයි, අනිත් අයටත් ප්‍රශ්නයක් උනාම දැනෙන්නෙ. කවදාවත් ඒ දාල යන්න හදන්න එපා. ඒ වගේ දෙයක් සමහර අයට දරා  ගන්න අමාරුයි.

ඉතින් අපිත් කවද හරි ලොකු මිනිස්සු වෙයි. ඒ උනාට, දුප්පත් මිනිහටත්, පෝසත් මිනිහටත්, ප්‍රශ්න තියන මිනිහටත්, සතුටින් ඉන්න මිනිහටත් මේ ලෝකෙ ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයයි. ඒක නිසා අපි හැමෝම  අනිත් අයට උදව් කරගෙන ජීවත් වෙන්න ඕන නේද?

නීතියට වැඩ කරන සමහර මිනුස්සයො ඉන්නව, මනුස්ස කම ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැති. ඇයි ඒ? තමුන්ගෙ වර්ගය ගැන බලන්නෙ නැති ඒ අය අයිති වෙන්නෙ මොන වර්ගයටද?



පොඩ්ඩක් හිතල බලන්න තනියම , නිදාගන්න යනකොට, ඔයාලගෙ ජීවිත ගැනත්....

හැම දේම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව මම.. හද පතුලින්ම....

අපේ ජීවිත වලට දුක, සැප, කරදර, වේදනා එනව, යනව, ඒක තමයි ජීවිතේ. ලැබෙන්න තියන දේවල් ලැබෙනව, නොලැබෙන දේවල් ගොඩායි. ඒත් දුක් වෙන්නෙ මොකටද?  එවාට බියවෙලා පලායන්න එපා,

ඒවට නොසැලී මූන දෙන්න. ධනාත්මකව සිතන්න, අපිට නැති උන දේවල් ගැන සිතන්න එපා. ඉදිරියට ලබාගන්න තියන දේවල් ගැන හිතන්න.

කිසිම දාක, තමුන්ගෙ සිතට තමුන්ව පාලනය කරන්න දෙන්න එපා, තමුන් සිත පාලනය කරන්න.

එයයි ජීවිතයේ සැබෑ අර්ථය..




සදා ජය..
~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, April 15, 2010

කවි..අදහස්..

ද දවස ටිකක් හිතට දෑනුන දවසක්. මගේ යාලුවෙක්ගෙ පොඩි ප්‍රශ්නයක් නිසා.. ඉතින් මම හිතුව, පොඩි නිසදෑසක් ලියන්න.. මට කල්පනා උන අදහසක්.



කිසිවක් නොව....

සිතට දෑනෙන ඒ පාලු , නිහඩ බව,
මා හට සුපුරුදු ඒ තනිකම,
කවදා මා අතහෑර යන්නේදෑය්,
මා හට නොදෑනෙන්නේ මන්ද?


මා  සිත ගොලුවී, දෑසම රතුවි,
තවමත් ඒ දෙස බලා සිටි,
කුමක් කරන්නද, කුමක් කියන්නද,
කුමක් සිතන්නද, කෙසේ හිදින්නද


සිනහව දෙන්නට, මතකය හෑර යන්නට,
කිසිවක් සිතන්න, සිත සෑනසුම දෙන,
මා හට කවදා හෑකි වේවිද,
වෙනකෙකු කෑඩපත දෙස නොබලා..


ඒ දින සොයමින් බලා හිදිමි මග,
සොරකම් කල ඒ සුදු නෙලුම,
පිපෙන තුරා නිල්, විල් දිය මත,
බම්බර පහස ලබනු පිනිස....
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION