පෙම් බස් දෙඩුවෙමු ...... |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Thursday, October 21, 2010

පෙම් බස් දෙඩුවෙමු ......

ද හරිම අවිවේකී දවසක් කිව්වොත් හරි. දවසෙම වැඩ තිබුනා. උදෙන්ම මම ඉගෙනගත් පාසලට ගියා, ඊට පස්සෙ කොම්පූටරයක් හදන්න ගියා, එතනත් කාලෙ කෑවා, සී.ඩී එකේ අවුලක්, බූට් වෙන්නෙ නෑ.
ආ කියන්න බැරිව ගියා, හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට ලෑස්ති වෙන්න ගියා හවස, යන අතරමග පොලිසියෙන් මාර්ග නීති කැඩුව කියල ඇල්ලුවා. දඩ ගැහුවෙ නෑ, කෙලින්ම උසාවි දැම්මෙ.
මොනව කරන්නද ඉතින්, ලයිසන් එකත් දීල ආපහු ගෙදර ආව. 25 යන්න වෙනව, දඩ කොලයක් අරන් ගෙවන්න. අනේ මන්ද දැන් පොලිසියට නඩු මදිලු , එකයිලු ඔය හැම දේටම උසාවි දාන්නේ.
මේ කාලෙ ක්‍රියාත්මක වෙන්නෙ අර කාගෙද නීතිනෙ. අහින්සක අපි මොනව කරන්නද? ඒත් දේෂපාලනයටනම් ඔය නීති නෑ. හරිම අසාදාරන ලෝකයක්.
හ්ම්ම්ම්... මම මේ ලියන්න හැදුවෙ පාසලට ගියාම හිතුන දේවල්, පොඩි කාලේ උන්න පන්ති කාමර දැක්කම හරිම සතුටක් දැනුනෙ.
ඔය අතරේ, අපි ඒ කාලෙ කරපු පිස්සු වැඩ මතක් වෙනකොට හරිම ජොලි. ඒ කාලෙට ආයෙත් යන්න තිබුනනම්, කොයි තරම් සුන්දරයිද. අපි ටික ටික කාර්ය බහුල වෙනව විතරයි දැන්. ඒ කාලෙ වගේ නිදහසක් නෑ, පොඩි කාලෙදි හිතෙනව , ලොකු උනානම් කොයි තරම් හොඳද කියල, ඒත් දැන් තමයි තේරෙන්නෙ, පොඩි කාලේම රැඳිලා ඉන්න තිබුනා නම් කොයි තරම් හොඳයිද කියල....
ඔය අතරෙ මට ලස්සන ගීතයක් හම්බුනා, මේක මට මුලින්ම අසන්න සැලැස්සුවේ සනිති අක්කා, ලක් හඬ ගුවන් විදුලියෙ වැඩ කරන. බොහෝම පින් අක්කේ..

ඔයාලත් පාසල් කාලෙට මේ ගීතය අහලා , යයි කියල මම හිතනවා..





ඔබට ජය .....

7 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

L200 said...

මමත් කෑමතිම ගීතයක්.:t

සංකල්ප said...

නියමයි මචන් සින්දුව.. ඇත්තටම අපිට නොදැනුනාට පාසල් කාලය තමයි අපී සුන්දරම කාලය.

Anonymous said...

නියමයි අයියා....මේ සින්දුව ගොඩක් හදවතට දැනෙන්නේ දැන් තමා.....

ආගන්තුකයා said...

අඩෝ උඹල හොඳ නෑ බන් හැමදාම ඉස්කොලෙට යන්න දා ගන්නෙ මට එන්න බැරි දවසක..... අඩේ ඇත්තටම ආපහු ඉස්කෝලෙ යන්න තියෙනවනම් නේද බන්.... අපි කොච්චර සරල වෙන්න දැඟලුවත් වෙන්නෙ එන්න එන්නම තවතවත් අපෙ ජීවිත සංකීර්න වෙන එක විතරයි....

උඹට මතකද ඒ දවස් වල අධිකාරි සර්ගෙ ක්ලාස් යන කාලෙ පුදුම ෆන් නේද බන් අපි හරිම සැහැල්ලුවෙන් හිටිය බන්... ඉස්කෝලෙ ඇරිල අජිත් අයියගෙ චයිනීස් එකට ගිහින් රයිස් එකක් දාගෙන කාපු කාලෙ..( හැබැයි එක දෙයක් ඒකෙ රස නම් තාමත් ඒ විදිහමයි.. මම ලඟදිත් කෑවා).
ම්ම් මට ඒක වෙලාවකට හිතෙනවා අපේ පාසල් කාලය කවුරු හරි හොරෙන් ගත්තදවත් කියල .
මට ආයෙත් අතීතයට යන්න තියෙනවනම් මම යන්න 11 වසරට තමයි..

දෙලුම් මල් පිපුනු දෙවට දිගේ
පාසල් ගිය කාලේ...
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ..

ඉමක් කොනක් නැති අහස වගේ..
කෙලිලොල් දිවිය මගේ මලක් පිපී සුවඳින් පිරුන සේ මුහුනේ සිනා නැගේ....
දුකක් සිතේ දනුනෙ නෑ මා හට අද මට දැනෙනු වගෙ..
තවත් වරක්...
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ....

ආගන්තුකයා said...
This comment has been removed by the author.
nilmini yapa said...

‍ෙකලිලොල් විය ‍ෙගවුනු වග‍යි....:[

nilmini yapa said...

‍ෙකලිලොල් විය ‍ෙගවුනු වගයි....:[

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION