ඇයි මේ....මේකට විසඳුම් නැද්ද ??? |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Wednesday, October 6, 2010

ඇයි මේ....මේකට විසඳුම් නැද්ද ???

මේ දවස්වල හරියට වහිනවා. කාලෙකින් තමයි ලියන්න හිතුනේ.. වහින නිසාද මන්ද ලියන්න කම්මැලි. සීතලට සෛල ප්‍රබෝධමත් වෙන්නෙ හෙමීට වෙන්න ඇති. ඒක නිසා මම ලියන්න හිතුව ටිකක් කම්මැලිකම යන්නත් එක්ක.

ඔයාලට මතකත් ඇති, පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ තිබුනා ප්‍රදර්ශනයක්, තාක්ශණික.
ඉතින් ඔයාල දන්නවත් ඇති ඒකෙ ඉන්නෙ ගොඩාක් ඔටුවො. ඒත් ගොඩක් කට්ට්ය හිතන් ඉන්නෙ එහෙම නෙමේ, ඒත් ඇත්ත මේක. 3/4 ක් ඔටුවො. ඉතින් මම මේ කියන්න යන්නෙ ප්‍රදර්ශනය


බලන්න ආපු නන්ගිලා ගොඩායි. ඉතින් අපේ කට්ටිය පුල් ට්‍රයි එක දුන්න එයාලගෙ ඔටු භාවය අහෝසි කරගන්න. මම හිතන්නෙ දැන්නම් ගොඩාක් අය ඔටු භාවය නැති කරගන්න ඇති. ඉතින් ඔය අතරෙ, අපේ උන්න කොල්ලෙක්, ජනිත් කියපු කතාවක් මතක් උනේ මට.

"මචන්, මේක වෙන්න ඇති ෆැකල්ටියට වැඩියෙන්ම ගෑනු ලමයි පා තියපු දවස් ටික. මේ දවස් ටිකෙත් ගොඩ යන්න බෑ කියන්නෙ ආයෙ කවදාවත් ගොඩ යන්න බෑ කියන එක තමයි", කියල .
ඒකනම් සහතික ඇත්ත. ඒකනෙ අපි තාම මෙහෙම ඉන්නෙ..

ඔය අතරෙ මගෙ තව මිතුරෙක් මනූෂ ඇවිත් කියපු කතාවක් මට මතක් වෙනව.

"මචන් අපි දැන් වයසයි, ආදරේ කරන කාලෙ පහුවෙලා, දැන් පිනක් දහමක් කරගෙන එන දේ බලාපොරොත්තු වෙලා ඉන්න ඕන කාලෙ, අපි දිහා දැන් ගෑණු ළමයි බලන්නෙ තාත්තල දිහා බලනව වගේ" කියල.

ඒත් ඉතින් මමනම් එකඟ නෑ එයාගෙ කතාවට. මමනම් හිතන්නෙ තව ටික කාලයක් තියනව මේ දෙයින් මිදෙන්න.
අර කතාවකුත් තියනවනේ, ට්‍රයි ඇන් ට්‍රයි, යු කැන් ෆ්ලයි කියල. ඉතින් ඒක මත බලාපොරොත්තු තියන් ඉන්නව අපේ අය.. හැමදාම අපි පරක්කු වැඩී..

මේකට විසඳුම් නැද්ද???

4 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

පිස්සා පලාමල්ල said...

හික් හික් පිස්සත් ඔය දෙවැනි කතාව ගයනව මේ කාලේ... හික් හික්. ඒ කිව්වට තාම 30 ක් නැහ. හික් හික්

Bhathiya said...

මේකේ දාන්න අමතක වෙච්ච කතාවකුත් තියෙනව. ඔය අපේ යලුවො අතරේ හිටිය ගොඩ යන්න ගොඩාක් මහන්සි වෙලා ඒත් ගොඩයන්න බැරි උන යලුවෙක්. ඉතින් අනේ ඒදා ඒයාටත් පොඩි ඇබැද්දියක් උනා. මෙන්න මෙකයි කතාව..... එයත් අනේ මේ පාර කොහොම හරි ගොඩ යනව කියල හිතල, ඔය බලන්න ආපු නංගිල කීප දෙනෙකුට මෙයගෙ mobile ඒකේ number එක ලියල දීල තිබුන... ඉතින් ඔයාල දන්නවනෙ Exhibition එක ගැන comments ලියල යන්න පොඩි පොතක් තියල තියෙනව කියල... ඔන්න ඕකෙ එක ගැනු ළමයෙක් අපේ අර යාලුවගෙ number එක ලියල "මේ වගෙ අය ඉද්දි කොහොමද බලන්න එන්නෙ" කියල ලියල ගිහින්.... අපේ සර්ලා ඔය සිද්දිය කියන කොටයි අපි දන්නෙ... කොලුකමට ඔයවගෙ වැඩ කලට මිනිහ එහෙම නරක කෙනෙක් නෙමෙයි ඒත් ඉතින් වෙච්ච නෝන්ඩියට man Sim එකත් මාරුකලා ඔයින් මෙයින්...

රන් said...

@පිස්සා පලාමල්ල : හික් හික්zzz....

@Tip Top :හික්z...එහෙමද? අපි ඒක දන්නෙ නෑනෙ.... එහෙම කරල හරි ඔටු කමෙන් අයි උනානම් ලොකු දෙයක්...

චමී4යූ~chami4u said...

:a

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION