කඳුලු බින්දුවක් නොදැනීම මාගේ ඇසකින් කඩාවැටෙන්නට පටන් ගත්තේ ඇයි කියා මමවත් නොදනිමි. මාගේ ජීවිතයේ මතක ඇති කාලයේ සිට මා සමග සිටි මාගේ සමීපතම මිතුරා ඔහුය.
මා තදින් දෑස වසාගත්තේ, මා ප්‍රිය කරන සිහින ලෝකවල සැරිසරීමටය, එහෙත් පසුදා දින මතක් වන මොහොතක් පාසා මම , ගැස්සී ඇහැරෙන්නේ ඇයිදැයි මටම සිතා ගත නොහැකිව ඇත. මාගේ, අත් පා වලින් නැගෙන වේදනාව සියුම් තලයකින්, මා හද පිරිමදින්නා සේ දැනේ.
මේ ලෝකෙට ඇවිත් කොයි තරම් කල්ද කියල දන්නේ දෙයියො තමයි. ඒත් මම කව්ද? මම මගෙන්ම ඇසූ වාර අපමනයි. පිලිතුරු නැති ප්‍රශ්න දහසක් ඔලුවෙහි වද දෙන්නේ කුමක් කරන්නටදැයි සිතා ගත නොහැකි ලෙසය.
දුම්ර්‍රියෙහි හූ හඬ සමග, පසුදින උදාවී ඇති බව දැන ගතිමි. යහනාවෙන් බිමට බැස පයිප්පය කරා ගිය මම, මුහුනට වතුර ටිකක් ඉහා ගත්තෙමි.
"කෙලින්ම වැඩට පලයන්" පිටුපහින් පැමින හිසට පහරක් ගැසූ මිනිසා මා හට නියෝග කලේය.
මුලු ජීවිත කාලය පුරාවට මා කල දෙය, නියෝග ඇසීමත්, එවා පිලිපැදීමත්, ගුටි කෑමත් පමනකි.
මේ දෙය මා හට තිත්ත වී ඇත. එහෙත් දවසේ රාත්‍රී වේල වෙනුවෙන් වැඩ කල යුතුමය. දවසට වේල් කොපමන ඇත්දැයි මම නොදැන සිටියෙමි. පිටි සමග, වතුර කවලම් කර, අපගේ අහාර වේලවල් සාදා තිබුනි. රස යනු කුමක්ද, දැන නොසිටියෙමි.
අඩුම තරමින්, ජීවිතය යනු කුමක්දැයිවත් මම නොදන්නෙමි. ඔබ කවුද? මම කව්ද? කිසිත් නොදන්නෙමි.
දන්න එකම දෙය, මෙම දින චර්යාව පමනකි.
එතෙකින් එහා ලෝකය ඔබට පමනද?
ඇත්තටම ඔබ කව්ද?
0 ප්‍රතිචාරයක් දාලම යමුකො..:
ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....