Thursday, July 15, 2010
අක්කේ, මොකද ඔරවන්නේ?
මොකද මන්ද මේ ටිකේ හරිම කම්මැලි, ලියන්නත් හිතෙන්නෙ නැහැ. ඒ උනාට මේ සිද්දියනම් ලියන්නම ඕනි කියල හිතුනා. මොකද ටිකක් කොල්ලන්ට සෙට් වෙන කතාවක්.
මම වැඩට යන්නෙ දුම්ර්‍රියෙ, ඉතින් ඕකේ යනකොට වෙන එක එක දේවල් ඔයාලත් අහල ඇතිනෙ. මම කියන්න යන්නෙ මම ගුටි නොකා අනූ නවයෙන්
බේරුනු කතාවක්. /no
ඔන්න ඉතින් වෙනදා වගේම වැඩත් ඉවර වෙලා ආව දුම්ර්රිය පලට. සෙනඟ පිරිල. දන්නවනෙ ඔෆිස් ඇරිල ගෙදර යන අය තමයි ගොඩාක් ඉන්නෙ.
ගොඩාක් අයට හැමදාම දුම්ර්‍රියෙ යන, තියනව තමුන්ට වෙන් උන පෙට්ටියක්. ඒ කියන්නෙ ඒ අය හැමදාම යන්නෙ ඒ පෙට්ටියෙ. ඒ පෙට්ටියෙ ඉන්න ඕන කෙනෙක්ව දන්නව ඒ පෙටිටියෙ හැමදාම යන අය. ගොඩාක් දවස් වලට පාර්ට්ස් තියනව. ඒ කියන්නෙ කවුරු හරි කන්න අරන් එනව කට්ටියටම කේක්, බිස්කට් වගේ දේවල්. ඒට පස්සෙ සෙට් එකම වල් පල් දොඩව දොඩව යනව.
ගොඩාක් අය උදෙන්ම නැගිටල වැඩට යන්න කම්මැලියි. අපේ සෙට් එකේ අය. කෝච්චියේ යන්න පටන් ගත්තු දා ඉඳන් කට්ටිය වෙලාවටත් කලින් නැගිටල ස්ටේශමට එනව. මොකද, හැමදාම යන අක්කල, නන්ගිල එක්ක ලයින් එක දාගෙන යන්න පුලුවන්නෙ. :D
හරි. ඉතින් මටත් තියනව ඒ වගේම වෙන් උන පෙට්ටියක්. මම වැඩට යන්න පටන් ගත්තු කාලේ, එහෙම විශේශ පෙට්ටියක් තිබුනෙ නෑ. මම වැඩ කරන තැන (ප්‍රසිද්ද මාධ්‍ය ආයතනයක්) අක්ක කෙනෙක් තමයි කිව්වෙ, මල්ලි යමු මම යන පෙට්ටියෙ කියල. ඉතින් මමත් ඔය පෙට්ටියට සම්බන්ද උනේ ඔන්න ඔහොමයි.
ඒකත් හරිය කියමුකො. ඉතින් පෙරේදා මම ස්ටේශන් එකට එන්න පරක්කු උනා, අක්කවත් මිසින්, ඉතින් මම එනකොට කෝච්චිය ඇවිත්, පෙටිටිය බල බල උන්නෙ නෑ නැග්ග දොරකින්, තව විනාඩියක් වෙලා ගියානම් නැගගන්න වෙන්නෙත් නෑ. ඉතින් මේ පෙටිටියට ගොඩ වෙලා ඇතුලට ටිකක් ගියා. සෙනග පිරිල. මොනව කරන්නද. ඉතින් පැත්තකට සයිඩ් වෙලා උන්න.
මෙන්න මට ඉස්සරහ අක්ක කෙනෙක්. ඒ අක්ක ෆෝන් එක කනේ ගහගෙන මල් කඩනව පාරත් හරස් කරගෙන. පිටිපස්සෙන් ඉන්න සෙනග ලෝඩ් එකම මගේ ඇඟ උඩ. මම බොහොම අමරුවෙන් එල්ලිල උන්නෙ. ඉතින් මේ අක්කගෙ දැඟලිල්ල එන්න එන්නම වැඩි වෙනව.
ඒ මදිවට කාගෙ හරි උපන්දිනයක්, මෙයාටත් කේක් කෑල්ලක් හම්බුනා, මෙයත් හැමදාම ඒ පෙට්ටියෙ යන නිසා වෙන්න ඇති. එක පාරටම මගෙ ඇඟ ආව කොච්චිය බ්රේක් ගහද්දි, ඒ අක්කව, මාව දැන් දෙපැත්තෙන්ම තැලෙනව. මොනව කරන්නද. මම ඒ අක්කට කිව්ව,
"අක්කෙ පොඩ්ඩක් අයිනට වෙනවද?" /XD
කියල. මෙයා ගනන්වත් ගත්තෙ නෑ ඔන්න, හරියට නිකම් මෙයාගෙ වගේ කෝච්චිය. මොනව කරන්නද, අසරන මම තැලි තැලි උන්න. ඔය යන ගමන් මට ඉන්නම අමාරුයි. ඉතින් මම කකුල පොඩ්ඩක් එහාට කෙරුව. අර අක්ක මං දිහා ඔරොවල බැලුව. මම බැලුව මේ මොකද කියල. අක්කගෙ කකුල පෑගිලාද කොහෙද.
මම සොරි කිව්වා. මෙයා මට දුන්න වද වල හැටියට ඕක මොකක්ද කියලයි මම හිතුවෙ. තවම එය ඇබරි, ඇම්බරි මල් කඩනවා. ඉතින් මෙයා දැන් ලොකු ඉඩක් අරගෙන කකුලත් ඈත් කරන් හොඳට මල් කඩනවා.
මමත් බොහොම අමාරුවෙන් තෙරපි තෙරෙපි උන්න, මොනව කරන්නද කියල හිත හිත. ටික වෙලාවකින් ආයෙත් මන් දිහා ඔරොවල බලනව.
මට තරහ ගියා.
"අක්කෙ මොකද ඔරවන්නෙ?" /shock
කියල මමත් සැරෙන් ඇහුවා. මෙන්න ආයෙමත් ඔරොවල, එහා පැත්ත බලගෙන ෆෝන් එකත් තියල මොනවද කුටු කුටු ගානවා, එහා පැත්තෙ එයාගෙ සෙට් එකත් එක්ක.
මමත් මං දිහත් බලනව ඒ අක්ක දැන්. මම හිතුව එන පොට හොඳ නෑ. /blur ගියා කට්ටියව තල්ලු කරගෙන ඉස්සරහටම. මගේ සුපුරුදු පෙටිටියටම, නැත්තමම් බැරි වෙලාවත් සංග්‍රහයක් වත් හම්බ උනොත් එහෙම ඒ පෙට්ටියෙන්. ඇයි ඉතින් මම මොනව කිව්වත් අනිත් අය ගන්නෙ පෙට්ටියෙ අඳුනන කෙනාගේ පැත්තනේ.
මොනවා කරන්නද? ඒ ඉතින් සමාජෙ හැටි. මොන වරදක් කලත් තමන් අඳුනන කෙනෙක්නම්, එයා හරි, අනිත් එක්කෙනා තමයි වැරදි. ඒක ලංකාවෙ හැටියක්නෙ.
එදායි පස්සෙනම් ඒ පෙටිටිය දිහා හැරිලවත් බැලුවෙ නෑ. අපෝ මහ එපා කරපු පෙට්ටියක්. ඔයාලත් කොළඹින් 5.10 පුත්තලම් කොච්චියේ යනවනම්, පිටිපස්සෙ ඉඳන් 2 වෙනි පෙට්ටියෙ යන්න එපා. මහ එපා කරපු පෙටිටියක්.
ඔන්න ඕකයි කතාව..
තව කතා ගොඩාක් තියනව යද්දි , එද්දි උන, පසුවට ගෙන එන්නම් ඔබ වෙතට.
ලේබල්..
එක එක දේවල්
12 ප්‍රතිචාරයක් දාලම යමුකො..:
දැන් එතකොට ඔයාලගෙ පෙට්ටියේ යන අය අතර ඔහොම අක්කල නැද්ද? නැත්තන් අර කිව්ව වගේ තමන්ගෙ පෙට්ටියේ අයගෙ වැරදි පෙනෙන්නෙ නැද්ද?
ඕක එක්තරා ආකාරයක ගෝත්‍රවාදයක්
@mier: හ්ම්ම්.. එක එක්කෙනගෙ අදහස්නෙ වෙනස්, මම යන පෙට්ටියෙත් ඔන තරම් ඒ වගේ අක්කල යන්න ඇති, ඉදිරියටත් යයි. ඒ උනාට මට මේ තරම් කාලයක් කොච්චියෙ ගිහිනුත් මේ වගේ වැඩක් වෙලා නෑනෙ කලින්.... :a
@කතන්දරකාරයා: ඒක ඇත්ත, කොච්චි පෙට්ටිත් හරියට ලංකාවේ, දේශපාලනික පක්ෂ වගේ.... :n
අම්මෝ ඔය කොච්චි පෙට්ට් ගැන නම් කතා කරල වැඩක් නැ.. කස්ටිය නිකන් එයාලගෙ ගෙවල් වල ඉන්නව වගේ ඉන්නෙ.
ඔය කියන කෝච්චියෙම මම දවස් 2,3 ගිහ්න් තියනවා,මට ඉදගෙන යන්න චාන්ස් එක හම්බ උනත් වැඩි වෙලවක් ගියේ නෑ,ඔෆිස් කාරයන්ට ඒ අසුන් ඔප්පුවකින් පවරලා තියෙන්නේ,උන් මාව නැගිට්ටුවා කොළබට යන කන් හිටගෙන ඒ මදිවට උන්ගේ තියන කරච්චලේ,පුදුම කරදරයක් විදින්න උනා
ඔය පිටිපස්සෙ ඉඳන් 2 වෙනි පෙට්ටියේ යන අක්ක කෙනෙක් එහෙම මේ පෝස්ට් එක කියෙව්වොත් රන් ට ශේප් එකේ මාරුවෙන්න තැනක් එහෙම තියනවද ?හික්z :b :b
ඕක කෝච්චි වල විතරක් නෙමෙයි ලංකාවෙ හුඟක් තැන් වල තියෙන දෙයක්
@Mr.Ekenma: සහතික ඇත්ත.
@ItalyDilan: ඕ0.... ලංකාවේ හැටි....
@පබලු :හික් හික්.. දැනුයි ඒක මතක් උනේ...
@පිස්සා පලාමල්ල : ඒකනෙ ලංකාව තාම දියුනුවේ ගල් යුගයෙ ඉන්නෙ...
අප්පොච්චියෝ මෙහෙමත් අක්කලා......
අක්ක තමයි අක්ක කියන්නෙ :g
පබළු අක්ක ගැන මට සැකයි එයා ඔය 2කේද දන්නෑ යන්නෙ. ඔන්න අයියෙ "රන" තියන්න වෙයි කොයිවෙලේ හරි
@සසීන්ද්‍ර වීරසිංහ :
හපෝයි. එතකොට මට හල් අකුර විතරනෙ ඉතිරි වෙන්නේ.... :n
ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....