හපොයි නංගි, මොකද ගවුමට උනේ? |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, July 17, 2010

හපොයි නංගි, මොකද ගවුමට උනේ?

ද හරිම අවිවේකී දවසක්. කොළඹ යනව කියන්නේ එපාම කරපු වැඩක්නෙ. මොකද හරිම රස්නෙයි. ඉතින් එපා වෙනව. අද මම කියන්න යන්නෙ කොළඹ ගිහින් උන වැඩක් ගැන. /hihi

අද පංති බම්බලපිටියෙ. ඉතින් සුපුරුදු විදියට කෝච්චියෙ ගියා, බම්බලපිටි. පන්ති ගියා. කරුමෙට(අපිටනම් ඉතින් ෆුල් ආතල්) පන්ති වේලාසනින් අහවර උනා. යාලුවෙක් එක්කපන්ති ඉවර වෙලා එම්.c එක පැත්තෙ රවුමක් ගහල කාලෙ ටිකක් කන්න කියල ලෑස්ති උනේ, මොකද මම උදේටත් කාල උන්නෙ නෑ. ඉතින් ඒකටත් හෙනහුරෙක් පාත් උනා.

 ඒ කිව්වෙ මගෙ වෙනත් යාලුවෙක් අද ගිහින් බී.එම්.අයි.c.එච් එකේ හෝටල් ප්‍රදර්ශනය බලන්ට. ඉතින් ඕං මමයි යාලුවයි බී.එම්.අයි.c.එච් එක පැත්තට හැරුන. ගිහින් බැස්ස බස් එකෙන්.

ඉතින් මමයි, දිම්මයි(මාත් එක්ක පන්තියෙ ඉඳන් ආපු කෙනා) යනකොට, අපිට එන්න කියපු යාලුව (මැක්ස්) බණ්ඩාරනායක හෝල් එක ඉස්සරහ තිබුන පොඩි කඩේකින් ඇන්කර් බිබී ඉන්නව.
ඔයාලත් ගියානම් දකින්න ඇති එතන ඇන්කර් කඩයක් තිබ්බ. ඉතින් කට්ටියව හම්බ උන්න කියමුකො. ඒට පස්සෙ මැක්ස් එන්නෙ නෑ ඇතුලට යන්න.මොකද කියල විපරම් කරල බැලින්නම් අද මිනිහව හම්බ වෙන්න ගෑනු ලමයෙක් එනව කිව්වලු මූනු පොතෙන් අඳුන ගත්තු. ඕකයි හොරේ. අපිත් උන්න කවුද මේ කෙල්ල කියල බලන්න. ඉතින් ගෑනු ළමයත් ආව මැකි ගාවට. හරිම අහින්සක කෙල්ලෙක්. අපිව ඉතින් අඳුන්වල දුන්න මැක්ස් විසින් ඒ ගෑනු ළමයට.   /blush


දැන් ඒ ගෑනු ලමයව වෙවුලනව අපිව දැකල හරියට හොල්මන් දැකල වගේ. බයට වෙන්න ඇති. අනේ මන්දා. ඉතින් මැක්ස්ටම ඒ ගැනු ළමයව බලාගන්න කියල මමයි දිම්මයි, පපට්(මැක්ස් එක්ක ඇවිත් උන්න යාලුව ) එක්ක ගියා ඇතුලට එක්සිබිෂන් එක බලන්න.

ටිකට් එක 50. එකත් එහෙමයි කියමුකො. ඇතුලට ගියා. හෝටල් වලට ඕනා හැම දේම, වයින් එකේ ඉඳල තියනව. බලාගෙන ගියා, යනකොට එක  වෙළඳ කුටියක ඉන්නවනේ , කොටට ඇඳ ගත්තු කෙල්ලො දෙන්නෙක්.  /blur

හරියටම මම මේ ෆොටෝ එකේ දාල තියනව වගේම, කොටට (ඊටත් වඩා ටිකක් කොටද මන්ද ) උන්න. හපෝයි. පව්. ඒ කෙල්ලන්ව තියල තියෙන්නෙ එතෙන්ට සෙනග ගෙන්න ගන්නද, වෙන හේතුවකටද කියල මටනම් තෙරෙන්නෙ නැහැ. මොකද ඒ තරම් සෙනගක් ගොඩේ ඔහොම ඉන්නව කියන්නෙ, හරියට විසිතුරු භාන්ඩයක් ප්‍රදර්ශනයට තියල වගෙයි. පව්. මට ටිකක් දුකත් හිතුන. අනේ මන්ද, ඔව්ව ඉතින් මාකටින් ට්‍රික්ස් නොවෑ.

ඊට පස්සෙ ගියා කෑම හදන තැනකට. අපේ අර ටී.වී එකේ උයන , සින්දු කියන චෙෆ්, අන්න එයා තමයි ඉව්වෙ. ඉතින් එතනින් බුරුයානිත් කාල ආව. එනකොටත් අර ගෑනු ලමයි දෙන්න එතනමයි. එතෙන්ට වැඩිය සෙනග යන්නේ නැහැ. ඒ උනාට සෙනග වැඩි හරියකගෙ ඇස් එතන..

එලියට එනකොට, මැක්ස් වාශ්ප වෙලා. ගෑනු ලමයව දාන්න ගිහින්ද කොහෙද. කෝල් එකක් දීල බොහොම අමාරුවෙන් ගෙන්නගෙන තමයි ගෙදර අවේ. ගෙදර එනකොට පන්ති 2 ඉවර වෙලා ගෙදර එන්න වෙලා. ඒ තරම් වෙලා ගිහින්.

ආ මේකත් කියන්න ඕනා. මම ආපු බස් එකේ කොල්ලෙක්, කෙල්ලෙක් දිහා බල බල උන්නෙ. කෙල්ලත් කොල්ල දිහා බලනව. ඉතින් කෙල්ල බහින්න යනකොට අර කොල්ල පොඩි කොලයක් අතට දුන්න. ෆෝන් නම්බරය. මට ඕක දැක එක පාරටම හිනා ගියා. කෙල්ලත් ඕක අරන් බැස්ස. අරූ මන් දිහා කන්න වගේ /no  බලාගෙන හිනා උනාට. බොහොම අමාරුවෙන් අදත් ගුටි කන්නෙ නැතිව ආව. මේ ටිකේ පොඩි අපලයක් තියනවද කොහෙද.

නැවත හමුවෙමු..

9 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

මාරයාගේ හෝරාව said...

මල්ලිත් බලලා..දැන් නිකං නෑ..නෑ..වගේ ඉන්නවා නේ...

Unknown said...

හහා.. ඕව කියන්න ගියොතින් නම් පටි රෝල් හොඳේ

Ashen said...

:c

ජංජාල චාමර said...

හික්ස්... මාකටින් ට්‍රික්ස් නැත්තන් කොහොමද මාකට් කරන්නේ!ඕවට මුකුත් කියන්න බෑ,මොකද එයාලව බලෙන් ගෙනත් තියල නෑනේ...මොනාවුණත් අනිත් එවුන් බහින ඒවට ඇහැ දාලනං ගුටි කන්නයි වෙන්නේ පුතෝ!!! :d

රන් said...

@මාරයාගේ හෝරාව : මාත් ඉල්ලන් කෑවද මන්දා.... :a

@වැම්පයර් : ඒකනේ, අපිත් ඉතින් කොල්ලොනෙ.. හික්z :k

@Ashen : :o

Anonymous said...

:e

රන් said...

@ජංජාල චාමර :

හික් හික් ගුටි කන්න ගිහින් අනූ නවයෙන් බේරුනු කොල්ලො තමා අපි... :e

@Hasitha ජයසූරිය : :b

Unknown said...

Max mata wisthare kiwwa.. lolzzzzzzzzzz... elaz

පිස්සා පලාමල්ල said...

ඕනි නැති ඒවනේ... හික් හික්... කොටට ඇදපු කෙල්ලෙක් ගෙන් හරි... බස් එකෙ යන කොල්ලෙක් ගන් හරි කෑමක් පෙනී යනවා හික් හික්

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION