නවතම චිත්‍රපට |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, April 17, 2010

නවතම චිත්‍රපට



ද හවස නංගි කෙනෙක් පොඩි ඉල්ලීමක් කෙරුව චිත්‍රපටි ගැන පොඩි විස්තරයක් අහල. ඉතින් මම හිතුව ඒ ගැනත් පොඩ්ඩක් ලියන්ට.

මම හිතාගෙන උන්නෙ කෙල්ලො කැමති, රොමැන්ටික් ෆිල්ම්ස් වලට කියල, ඒත් බැලින්නම් කඩ කෙල්ලොත් ඉන්නව නොවැ. ඒ මොකද, හොරර් ෆිල්ම්ස් බලන්නත් කැමති කෙල්ලො ඉන්නව මේ කාලෙ. හොඳයි ඒකෙත් වරදක් නෑ.

ඉතින් මම දැන් කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම්ස් කීපයක් ගැනයි, පරන ලස්සන ෆිල්ම්ස් ටිකක් ගැනයි.

මගෙ යාලුවෙක් ඉන්නව කැම්පස් එකේ, ෆිල්ම්ස් වලට ආස, අපි ඉතින් ෆිල්ම් එකක් ඕන උනාම යන්නෙ මිනිහ ගාවට (3477). RapidShare පිස්සෙක්.අලුතෙන් එන ෆිල්ම්ස් වල විස්තර ගන්නෙ එයාගෙන් තමයි.

හොරර්, රොමෑන්ටික්, ලෙජන්ඩ්‍රි, ට්‍රැජඩි, තව සයන්ටිෆික් ,ඩාන්සින් , ඔය වගේ ගොඩාක් වර්ගීකරන කරන්න පුලුවන්  ෆිල්ම්ස්.
හොඳම එව්වා ටිකක් දාන්නම්.


හොරර් - ත්‍රාසය, භීතිය කැටිවූ චිත්‍රපට


                             A Tale of Two Sisters (2003)


මේ ෆිල්ම් එක මමනම් බලල නැහැ. ඒත් යාලුවෙක්ගෙන් තමයි දැනගන්න හම්බ උනේ. මම හිතනව හොඳ ඇති කියල. මොකද මම බලපු අයගෙ කමෙන්ට්ස් දැක්ක, මේ ෆිල්ම් එක. 



                                    The Unborn (2009)


මේ තියෙන්නෙ මම බලපු හොඳම හොරර් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මේකෙ කතා වස්තුව ගෙතෙන්නෙ, තරුන කාන්තවක් පාදක කරගෙන. කිසියම් අත්බූත ආත්මයක් මෙම කාන්තාව පසුපස එන්නේ, ඇයගේ මවගේ, මවගෙන්, කලකට ඉහතදී සිදුවූ සිදුවීමක් හරහායි.
බලලම කියන්නකො හොඳයි ද කියල
    

 Drag Me to Hell (2009)
මේ ෆිල්ම් එක මම බැලුවෙ මෑතකදි. ටිකක් බය හිතෙන කතාවක් තමයි තියෙන්නෙ. බැංකුවකට එන කාන්තාවක් එහිදී , බැංකුවේ වැඩකරමින් සිටින තරුන කාන්තාවක සමග අතිකරගනු ලබන ආරවුලක් තමයි මේකෙ කතා වස්තුව. බැංකුවකට එන කාන්තාව මහලු යක්ශනියක්. 
ඩවුන්ලෝඩ් කරලම බලන්නකො



The Collector(2009)

මේ ෆිල්ම් එක ගැන මට කිව්වෙ අපේ මල්ලි කෙනෙක්. මිනිහ එක බලල හොඳටම බයවෙලා. හොඳ බයහිතෙන ෆිල්ම් එකක් කියල කිව්වා. බාලම බලන්න.



Open Graves (2009)


ත්‍රාසය, භීතිය කැටිවුන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. බාලම කමෙන්ට්ස් කියන්නකො.



The Last House on the Left (2009)

මේකනම් හොඳම ෆිල්ම් එකක්. මේකෙ කතාවට පාදක වෙන්නෙ පලිගැනීමක්. තමන්ගෙ දුවව දූෂනය කර මරා දමන්නට තැත් කරන කාණ්ඩයකට, ඇයගේ දෙමවුපියන් විසින් දඬුවම් කරන හැටි තමයි මෙකෙ තියෙන්නෙ. කවදාවත් අපරාධයක් නොකල දෙමවුපියන් දෙදෙනෙකු තම දියනියට සිදුවූ විපතින් පසුව, වෙනස්ම දෙදෙනෙකු බවට පත්වන හැටි. ඕනාම දෙමවුපියෙක් මෙසේ හැසිරේද?



තව ඉදිරියට මේ වගේ හොඳ ෆිල්ම්ස් ගැන දාන්නම්. අවදානය හොරර් ෆිල්ම්ස් වලට වැඩිපුර යොමුවුනෙ නංගි කෙනෙක්ගෙ විමසීම නිසා. පසුවට වෙනත් ෆිල්ම්ස් ගැනත් ලියන්නම්.  




ජය වේවා කිව්වා....







2 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION