රස කතාවක් |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, April 24, 2010

රස කතාවක්



ද මම ආව නුවර, ඒ කියන්නෙ මම අධ්‍යපනය හදාරන තැන පේරාදෙනියට. හෙට අපේ සීනියර්ස් ලගෙ ගොයින් ඩවුන් එක. ඉතින් අපි සින්දු ටිකක් පුරුදු උනා කියන්න හෙට, අපේ වාදන කන්ඩායම. කෑම කන්න පුහුනුවීම් නවත්වනකොට 10ට විතර රෑ. ඉතින් යාලුවෙක්ගෙ වාහනේම ගියා කන්න පේරාදෙනියට, නේවාසිකාගාරයේ ඉඳන්.

ඉතින්  කෑම කන ගමන් එක යාලුවෙක් කියපු රස කතාවක් ලියන්න කියල හිතුන අද.

මුලින්ම කියන්න ඕන අපිව වාහනේ අරන් ගිය යාලුවගෙයි, කතාව කිව්ව යාලුවගෙයි දෙන්නගෙම උපන් දින අද.

ඒක නිසා දෙන්නට සුභම සුභ උපන් දිනයක් වේවා, කියල කියන්න ඕනි මුලින්ම.
හරි, දැන් අපි කතාවට යමු. මෙන්න මේකයි කතාව.
..............................................................................................

පොඩි කොල්ලෙක් ගැන තමයි මේ කතාව. මේ කොල්ල පොඩි කාලෙ ඉඳන්ම හරිම අන්ඩපාලයලු.
 කියන තරමක් කියන්නෙ බොරු, හැම වෙලේම කලොත් කරන්නෙ මොකක් හරි අන්ඩපාල වැඩක්.

ඉතින් මේ කොලුවගෙ තාත්ත, දවසක් අරන් ඇවිත් තියෙන්නෙ මොකක්ද දන්නවද? රොබෝ අතක්.

මේ රොබෝ අත, කවුරු හරි බොරුවක් කිව්වොත් ස්වයන්ක්‍රීයව අ බොරුව කිව්ව කෙනාට පහරක් එල්ල කරනවලු. ඉතින් මේ කොලුවගෙ තාත්ත, මෙ රොබෝ අත අරන් ඇවිත් මේසෙ උඩ තියල, පුතාට එන්න කියල, ඇහුවලු,


"පුතේ, මේ පාර, විභාගෙට ලකුනු කීයද?"

පුතා දන්නෙ නෑනෙ රොබෝ අත ගැන. ඒකත් අත ගගා උන්න කොල්ල කීවලු,

"හොඳයි, තාත්තෙ, ඔක්කොටම 80 ට වඩා තියනව" කියල,

ඒ කියපු ගමන්ම රොබෝ අතින් අරන් කොල්ලට දුන්නලු තරු පේන්න පාරක්.

තාත්ත  කිව්වලු ඒට පස්සෙ,
 "උබ මට බොරු කරන්න හිතුව මදි, මමනම් උබ වගේ නෙමේ ඒ කාලේ හැම විෂයටම 90 ට වඩා ගත්ත" කියල. එතකොටම අර රොබෝ අතින් තාත්තටත් තරු පේන්න 6 පාරක් වැදුනලු.

දැන් මේක දිහෑ බලාගෙන උන්න අම්මට  පුදුම හිනාවක්ලු, දෙන්නම බොරු කියල ගුටි කෑවනෙ.

අම්ම කිව්වලු  "ඔව් ඉතින් දෙන්නම එකයි", කියල පුතා ගාවට ගිහින් කන මිරිකල කිව්වලු,
"මේකත් ඉතින් තාත්ත වගේමයි, තාත්තගෙම පුතානෙ" කියල,

ඒ කියපු ගමන්ම අම්මටත් අර රොබෝ අතින් වැදුනලු හොඳ කනේ පාරක්.

.....................................................................................................

කතාව කියල ඉවර උන ගමන්ම , හිනා ගියා කියන්නෙ, තව පොඩ්ඩෙන් කකා උන්න කෑම ටිකත් හිර වෙනව.

කාල බීල ඇවිත් මේ නිදාගන්න කියල ලෑස්ති උනේ. ඊට පස්සෙ හිතුන මේ කතාව ඔයාලට කියලම නිදාගන්නව කියල. හරිම මහන්සියි. හෙට වැඩ ගොඩයි.

සුභ රාත්‍රියක්....

4 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Hasitha Gunasinghe said...

එල කතාව සහෝදරයා. කොහොම වෙතත් ඔහොම රොබෝ අත් ලංකාවට ගේන එක නම් හොඳ නැහැ

sachi said...

මරැ කතාව. මට හුගක් හිනා ගියා... මම මගේ යාලුවෙක්ටත් මේ කතාව කිව්වා ඒයාටත් මාර හිනා.. බොරු කියන අයට නම් රොබෝ අත් මරැ...Supun :)

ET said...

හිහ්... ඔය කතාව කියපු අයියව මන් දන්නවානේ..... දවසක් උනත් කත්න්දර කියයි....

Bollywood Hit news said...

heeee me oya oyage kathwak ne neda me kiuwe oya kiyana boru wala hatiyata oyata guti kala iwarayak nathi wei ;)

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION