දුම්ර්‍රියේ විත්ති |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Friday, April 23, 2010

දුම්ර්‍රියේ විත්ති


හ්ම්ම්... දවස් කීපයකට පස්සෙ අද ලිපියක් ලියන්න හම්බ උනේ. මේ දවස්වල තියන වැඩ, රාජකාරි එක්ක වෙලාවක් හොයාගන්නව කියන්නෙ මොන තරම් අමාරුවක්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

අපිට මේ දවස් ටිකේ Training වලට Interviews . අද මම ගියා දෙමටගොඩ. ප්‍රසිද්ධ ආයතනයක සම්මුඛ පරීක්ෂනයකට. ඉතින් එහිදී උන සිදුවීම් කියන්න යන්නෙ නැහැ මම. මම කියන්න යන්නෙ වෙන දෙයක් ගැන.

ඉතින්  මම අද මගේ ගමන සඳහා භාවිතා කලේ දුම්ර්‍රිය  ප්‍රවාහන සේවය. ඒකත් මාර ගති. පැද්දි ,පැද්දි හිමින් සීරුවෙ මහන්සියක් නැතිව යන්න පුලුවන් එකම සේවය දුම්ර්‍රිය සේවයනෙ.



5.20 ඔෆිස් ට්‍රේන් එක. සම්මුඛ පරීක්ෂණය ඉවර උනේ 5.18 ට. මොනව කරන්නද, දිව්වා, දිව්වා ට්‍රේන් එක අල්ල ගන්න ස්ටේෂන් එකට. වේලාව 5.25. හොඳ වෙලාවට ලංකාවේ තියන විධිමත්,කාලානුගත ප්‍රවාහන සේවයට පින් සිද්ද වෙන්න දුම්ර්‍රිය දෙමටගොඩට ලඟාවෙනකොට 5.30 ට විතර ඇති.

 "සෙනග කට කපල එකයි."

බොහොම අමාරුවෙන් ගොඩ උනා අන්තිම පෙට්ටියට. ජැන්ඩියට ඇඳල උන්න මගෙ ඇඳුම හරියට නිකම්

"නාල ඉවර වෙලා පිහපු තුවායක් වගේ"

 මොනව කරන්නද ඉතින්. ගොඩාක් මිනිස්සු ෆූට් බෝඩ් එකේ. ඔහොම  ගියා හිටගෙන. කඳානෙ න් බැස්සා හෙන ලොට් එකක්. මට ඉතින් නිවන් ගියා වගේ. ඊට පස්සෙ ආතල් එකේ හුලන් ටිකක් වැදෙන විදියට ආව.


මගෙ යාලුවෙක් උන්නා, ඊට ඉදිරියෙන් තිබුන නැවතුම් පලේ. මීගමුව. ඔන්න ඉතින් මාත් මීගමුවට ලං වෙලා දුන්න කෝල් එකක් "මචන් , උම්බ කොහෙද ඉන්නෙ?"

"මම මේ ඉන්නෙ මීගමුවෙ.ට්‍රේන් එකට නගින්නයි යන්නෙ. "

"එල එල අන්තිම පෙට්ටියට නැගපන්"  මම එහෙම කිව්වෙ මේ වෙනකොට මම ආසනයක ඉඳන් උන්න නිසා.

"අපෝ බන් , ට්‍රේන් වල යන්න දන්නෙ නැද්ද බන්, ට්‍රේන් එක කියන්නෙ හරියට දිව්ය ලෝකෙ වගේ, හිටගෙන යන් වරෙන්" කියපු යාලුව,
 මිනිහගෙ ගැන්සියෙ දෙන්නෙක් එක්ක නැග්ග දුම්ර්‍රියට. මාත් ඉතින් මෙච්චර වෙලා කම්මැලිකමටනෙ උන්නෙ. යන්කො මුන් මෙ කියන්නෙ මොනවද කියල බලන්න කියල ගියා හිටගෙන.


දැන්නෙ ට්‍රේන් එකේ විස්තරේ හරියට පේන්නෙ. නාකි ලොක්කො(ඔෆිස් ගිහින් එන ) ටික අසුන් වල "බූරු ගහනව" සමහරු නිදි කිරා වැටෙනව. තවත් සමහරු, පොත් කියවනව (මටනම් වාහනේක යනකොට පොත් කියවනව කියන්නෙ ඇලජික්, වමනෙ යන්නම එනව) තවත් සමහරු ඕප දූප(නැන්දලයි, අක්කලයි සෙට් වෙල),

හොඳම හරිය ඊට පස්සෙ. සමහරු පෙම් බස්. "සුදූ, ඔයාට බඩගිනිද?"

ඊට පස්සෙ ටික වෙලාවකින් ඇහෙනව "කූල් වතුර, කඩලේ, වඩේ,වඩේ,වඩේ "

"අපි දෙන්නම කඩල එකක් අරන් කමු සුදූ" කියන ජෝඩුව, කඩල අරන් කනව පැත්තකට වෙල.

අපි වගේ මොකටවත් නැති උන් කෙල්ලො දිහා කන්න වගේ බලන් ඉන්නව.


ඔන්න ඕක තමයි සීන් එක යාලුව කිව්ව. හරි ගියයි කියමුකො. කෙල්ලෙකුත් ඉන්නව, දැන් යාලුවො 3, මමයි,
"මචන් පට්ට කෑල්ලක් ඉන්නව, වරෙන් වරෙන්" මගෙ යාලුව කිව්ව ,


ගියා තුන් දෙනාම, ඉස්සරහට, කෑල්ල බලන්න. මමත් ගිය පිටි පස්සෙන්, මොකටත්, ඇයි නැත්තම් වැලි කන්න උනොත් එහෙම.

වැලි කන කතාව මොකක්ද කියල බලනව ඇති ඔයාල. ඒකත් කියලම ඉන්නම්කො.

.........................................................................................................
අපේ එකෙක් ක්ලාස් යන කාලෙ (සක්යා) භෞතික විද්‍යවට දවසක් මූගෙ කුපාඩි කමට


උඩ බිල්ඩින් එකේ ඉඳන් කෙල්ල්ක්ට විසිල් එකක් ගහල, ඇහැක් ගහල.
ඊට පස්සෙ මේ කෙල්ල, යාලුව දිහා ඔරවල බලල " වැලි කාපිය, ...... ........" කියල. මම හිස්තැන් දැම්මෙ ඒක නරක වචන 2ක් නිසා. ඒ වගේ වචන කියන කෙල්ලො උන්නදත් කියල පුදුමයි.


එදා ඉඳල තමයි, කෙල්ලෙක්ට මොනව හරි කියල චාටර් උනොත් වැලි කනව කියල කියන්නෙ.


මේකයි වැලි කෑමේ උපත.
.....................................................................................................

දැන් අපේ කතාවට එමු. ඉතින් ගියා බලන්න. බැලින්නම් එතන උන්න අනිත් දෙන්නගෙන් එක කොල්ලෙක්ගෙ නංගි කෙනෙක්. එතන ඉඳල අනිත් දෙන්න,

" අනේ මගේ මස්සිනා"      කියගෙන  අර කොල්ලව බදාගෙන එකම විකාරයයි.


යන එන කෙල්ලන්ගෙන් අහනව, "ඔයාව කාලෙකින් දැක්කෙ"
"කොහොමද ඉතින්" කියල.
මාර මාර සීන් එතන.


ඔය අතරෙ ඔය යාලුව කිව්වා කතාවක්, ට්‍රේන් එකේ යනකොට දවසක් උන දෙයක්.
...................................................................................
දවසක් මනුස්සයෙක් කිරිහට්ටි 9ක් විතර ෂීට් එක උඩ තියාගෙන යනවලු. වැඩිය සෙනගත් නැති දවසක. ඊට පස්සෙ එතනට අවිදින් පවුලක්. ඒ කියන්නෙ ගෑනු කෙනෙකුයි, පිරිමි කෙනෙකුයි. අර කිරි හට්ටි අරන් යන මනුස්සය එක්ක කතා බහ කරල මිනිහව ෂේප් කරල කිරි හට්ටි දෙකකුත් කොහොම හරි සෙට් කරන්. අපේ සෙට් එකට මේකට මාර ප්‍රශ්නලු. කිරි හොරු දෙන්නෙක්නෙ කියල කතා වෙවී උන්නලු කට්ටිය.


අර ගෑනු කෙනයි, පිරිමි කෙනයි බැහැල ගියාලු ඊට පස්සෙ. කිරි හට්ටි දෙකකටත් වැඩේ දීගෙන යන දෙන්නව දකිනකොට, මුන්ගෙ දත කට, හිරි වටෙනලලු. ඔතන උන්න උන්ගෙන් දත , කට පූට්ටු වෙන්න ලන් උන එකෙක් ඉවසන්නම බැරි තැන ට්‍රේන් එකෙන් එලියට ඔලුව දාල පදික වේදිකාවෙ යන අර ගෑනු කෙනාටයි, මනුස්සයටයි කෑගහල කිව්වලු,


 "මෙන්න කිරි හොරු දෙන්නෙක් "  කියල.


 ඒක ඇහුන අර මනුස්සයො දෙන්න තද උන පාරට, කිරි හට්ටි දෙක පොලවෙ ගැහුව කියල තමයි පොතේ ගුරා ඒ වෙලාවෙ කිව්වෙ.
......................................................................................


හරි. ඒකත් එහෙමඉ කියමුකො. ඊට පස්සෙ දකින්න හම්බුනෙ කපල්, කපල් බලන බලන අත, ගෑනු ළමයි බැලු බැලු අත. කොල්ලො මේ තරම් ට්‍රේන් එකේ යන්න දඟලන්නෙ ඇඉ කියල මට තේරුනෙ, ඒ වෙලාවෙ.

මගෙ යාලුවගෙ අදහසනම් , ගොඩාක් අයගෙ ආදරේ පටන් ගන්නෙ කෝච්චියෙන් කියලයි.

එකත් බලන් යනකොට, ඇත්තනෙ. කෝච්චිය හිමීට, ගැසිසි ගැසිසි, හැම තැනම නතර කර කර යනව. බ්‍රේක් ගහනව. වෙලාවට එන්නෙ නැහැ.

ආදරේට කොයි තරම් දුරට සමිපද? ඒක මමනම් හරියටම දන්නෙ නැහැ. ඔයාල දන්නව ඇතිනෙ.......

යාල ඕන තරම් කෝච්චිවල ගිහින් ඇතිනෙ, කෝච්චි මාරු කරල ඇතිනෙ. කෝච්ච් මිස් වෙලත් ඇතිනෙ ඕන තරම් නේද?.....







ජය වේවා කිව්ව ඕං..

6 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Anonymous said...

හ්ම්...... කොච්චියෙ ජීමිතේ මරුම තමයි. Word verification වෙලාවකට කරදරයක් වගෙ.

Hasitha Gunasinghe said...

එල idea එක. මාත් හෙට ඉදන්ම train එකේ යන්න ඕනේ.

Sachi said...

Mmmm.කෝච්චියත් බලන් යනකොට මරු නේද?Supun....

රන් said...

@ Hasitha: Aniwa yanna.
@ Sachini : Hodata athdakken ehema athine neda sachini?

Anonymous said...

Elaz machan. Mama Kasun. Ubata mathaka athi mawa. he he he he

රන් said...

@Kasun: Umbane ban mata ara kathawa kiwwe.. mathakai mathakai

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION