යාලුවෝ.. |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, April 17, 2010

යාලුවෝ..



ට මේ ලිපිය ලියන්න හිතුනෙ ටික කාලෙකට කලින්. ඒත් මෙ වෙනකල් ඒ ගැන ලියන්න හම්බ උනෙ නැහැ. ඒත් ඉතින් යලුවෝ කියන්නෙ හැම කෙනටම ඉන්න පිරිසක් නිසා, යලුවෝ ගැන ඔයාලගෙනුත් දැනගන්න කැමතී.
..........................................

එක එක යාලුවො එක එක විදියයි. ඉතින් ඔයාලටත් අත් දැකීම් අති යාලුවො ගැන. සමහර යාලුවො කොයි තරම් වලි දාගත්තත් පහුවදා වෙනකොට ශේප්. එ තමයි නියම යාලු ෆිට් එක කියල මට හිතෙන්නෙ. ඒ උනත් සමහරු ඉන්නව, අර කතවක් තියෙන්නෙ, "එකට උන්නත් බොක්ක වෙනස්" කියල.. අන්න ඒ වගෙ අයත්.

කොහොම උනත් ඒ අපේ යලුවොනෙ, එක නිසා ඉතින් හිතෙ කිසි කහටක් නැහැ.

මගෙ යාලුවොනම් මුලින්ම සෙට් උනේ ඉස්කෝලෙ යද්දි. ඊට පස්සෙ ඉතින් බොක්ක දෙන්න උනත් පුලුවන් සෙට් එකක් තමයි සෙට් වෙන්නෙ. මොකද සමහරු ඉන්නවනෙ අර "දිරවන්නෙ නැහැ" යි කියන කට්ටියක්. අන්න ඒ අය එන්නෙ නැනෙ ගැන්සි බහින්ට.

ඕකයි කේස් එක.
.......................................


  තවමත් මගෙ ඉස්කෝලෙ කාලෙ යලුවො බොක්ක වගේ ඉන්නව. ඒ ක්ලාස් එකේ අය. උන් සෙට් එකනම් බුදු ෆිට්. ලගදි කට්ටිය සෙටුත් උනා. කවාදවත් අමතක කරන්නෙ නැති, අමතක වෙන්න් නැති සෙට් එකක් තමයි. නිවාඩුවට ආවත් කට්ටිය එකතු වෙනව. මම හිතන විදියට එක තමයි නියම යාලු කම.

ක්ලාස් වලදි සර් ලගෙන් බැනුම් අහපුව, (ඩිලා මතකද?) ක්ලාස් කට් කරපුව,(මන්ඩූ), පස්සෙන් ගිය එව්වා(කනිශ්කයා,බුද්දිකයා) මතකද ?

තව තව ඒව තිබුනා. ඒත් ඉතින් ඒ කලේ තරම් හොද කාලයක් අයෙත් එන්නෙ නැහැ.

අපි හමෝම දැන් විශ්ව විද්යාල වල, සමහර අය ජොබ් කරනව, හැම දෙනාම හොද තැන් වල ඉන්නව, ඒක ගොඩාක් සතුටට කාරනාවක්.

....................................................
කැම්පස් එක ගැන කියනවනම් කැම්පස් එක කියන්නෙ අසීමිත නිදහසක් තියන තැනක්. ඕනම දෙයක් කරන්න පුලුවන්. ඕනනම් ඉගෙනගන්න පුලුවන්, ඕනනම් පිස්සු කෙලින්න පුලුවන්, ඕන දෙයක්.

යාලුවො ඉන්නව ගොඩක්, ඒත් අර "බොකු" කියන ජාතියෙ අය ඉන්නව. මාලුවොත් ඉන්නව.

ඒ උනාට මාත් එක්කම ඉන්න කොල්ලො ටික, හැමදාමත් එකටයි. ගොඩාක් උදව් කරනව එක එක්කෙනාට. ඒක තමයි වටිනම දේ.

..................................................

ගෙදර ආපු දවසට යන්නෙ කොහෙද කියලත් කියන්නම ඕනා.. එකෙක් ඉන්නව, (මැx), අයෙනම් ඉතින් එකා එන්න එපා කිව්වත් මම යනවා. තව (ඩොන්කී,රතු,සුමා, සන්ජය, ගිහා) අපේ යාලු කමනම් නවතින එකක් නැහ කවදවත්. ඒ මොකද කොහෙ ගියත් අන්තිමට එන්නෙ ගෙදරටනෙ.

................................................


තව ගොඩාක් ඉන්නව යාලුවො. සමහරු රට. පට්ටම , හැන්ඩිම කොල්ලෙක් ඉන්නව, නේවි එකේ, ඉගෙන ගන්නෙ ඉන්දියවේ. තව ඉන්නව, ඉතාලි, ඔස්ට්‍රේලියා, යු.කේ, කැනඩා, අම්මො ගොඩාක් අය. තව අය ඉන්නව ටවුන් එකේ. කොහෙ හරි ගමනක් යනකොට වැඩ කරන තැනට ඔලුව දාල තමයි අපිනම් යන්නෙ.

අපි ඉතින් ආඩම්බර නහැ නොවැ.



2 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

Sachini said...

sada wenas wana lowa thula....mithudam sadakaalikai..ae mathakayan sundarai...lassanai... Supun...

erandasapu said...

හරිම හොඳයි යාළුවන් ගැන ඔබට හිතුන දේ... තවත් ඉදිරියට මෙය කර ගෙන යාමට මගේ සුබ පැතුම්.

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION