රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, April 24, 2010

රස කතාවක්



ද මම ආව නුවර, ඒ කියන්නෙ මම අධ්‍යපනය හදාරන තැන පේරාදෙනියට. හෙට අපේ සීනියර්ස් ලගෙ ගොයින් ඩවුන් එක. ඉතින් අපි සින්දු ටිකක් පුරුදු උනා කියන්න හෙට, අපේ වාදන කන්ඩායම. කෑම කන්න පුහුනුවීම් නවත්වනකොට 10ට විතර රෑ. ඉතින් යාලුවෙක්ගෙ වාහනේම ගියා කන්න පේරාදෙනියට, නේවාසිකාගාරයේ ඉඳන්.

ඉතින්  කෑම කන ගමන් එක යාලුවෙක් කියපු රස කතාවක් ලියන්න කියල හිතුන අද.

මුලින්ම කියන්න ඕන අපිව වාහනේ අරන් ගිය යාලුවගෙයි, කතාව කිව්ව යාලුවගෙයි දෙන්නගෙම උපන් දින අද.

ඒක නිසා දෙන්නට සුභම සුභ උපන් දිනයක් වේවා, කියල කියන්න ඕනි මුලින්ම.
හරි, දැන් අපි කතාවට යමු. මෙන්න මේකයි කතාව.
..............................................................................................

පොඩි කොල්ලෙක් ගැන තමයි මේ කතාව. මේ කොල්ල පොඩි කාලෙ ඉඳන්ම හරිම අන්ඩපාලයලු.
 කියන තරමක් කියන්නෙ බොරු, හැම වෙලේම කලොත් කරන්නෙ මොකක් හරි අන්ඩපාල වැඩක්.

ඉතින් මේ කොලුවගෙ තාත්ත, දවසක් අරන් ඇවිත් තියෙන්නෙ මොකක්ද දන්නවද? රොබෝ අතක්.

මේ රොබෝ අත, කවුරු හරි බොරුවක් කිව්වොත් ස්වයන්ක්‍රීයව අ බොරුව කිව්ව කෙනාට පහරක් එල්ල කරනවලු. ඉතින් මේ කොලුවගෙ තාත්ත, මෙ රොබෝ අත අරන් ඇවිත් මේසෙ උඩ තියල, පුතාට එන්න කියල, ඇහුවලු,


"පුතේ, මේ පාර, විභාගෙට ලකුනු කීයද?"

පුතා දන්නෙ නෑනෙ රොබෝ අත ගැන. ඒකත් අත ගගා උන්න කොල්ල කීවලු,

"හොඳයි, තාත්තෙ, ඔක්කොටම 80 ට වඩා තියනව" කියල,

ඒ කියපු ගමන්ම රොබෝ අතින් අරන් කොල්ලට දුන්නලු තරු පේන්න පාරක්.

තාත්ත  කිව්වලු ඒට පස්සෙ,
 "උබ මට බොරු කරන්න හිතුව මදි, මමනම් උබ වගේ නෙමේ ඒ කාලේ හැම විෂයටම 90 ට වඩා ගත්ත" කියල. එතකොටම අර රොබෝ අතින් තාත්තටත් තරු පේන්න 6 පාරක් වැදුනලු.

දැන් මේක දිහෑ බලාගෙන උන්න අම්මට  පුදුම හිනාවක්ලු, දෙන්නම බොරු කියල ගුටි කෑවනෙ.

අම්ම කිව්වලු  "ඔව් ඉතින් දෙන්නම එකයි", කියල පුතා ගාවට ගිහින් කන මිරිකල කිව්වලු,
"මේකත් ඉතින් තාත්ත වගේමයි, තාත්තගෙම පුතානෙ" කියල,

ඒ කියපු ගමන්ම අම්මටත් අර රොබෝ අතින් වැදුනලු හොඳ කනේ පාරක්.

.....................................................................................................

කතාව කියල ඉවර උන ගමන්ම , හිනා ගියා කියන්නෙ, තව පොඩ්ඩෙන් කකා උන්න කෑම ටිකත් හිර වෙනව.

කාල බීල ඇවිත් මේ නිදාගන්න කියල ලෑස්ති උනේ. ඊට පස්සෙ හිතුන මේ කතාව ඔයාලට කියලම නිදාගන්නව කියල. හරිම මහන්සියි. හෙට වැඩ ගොඩයි.

සුභ රාත්‍රියක්....
~~ඉතිරි ටිකත් කියවන්න..

Friday, April 23, 2010

දුම්ර්‍රියේ විත්ති


හ්ම්ම්... දවස් කීපයකට පස්සෙ අද ලිපියක් ලියන්න හම්බ උනේ. මේ දවස්වල තියන වැඩ, රාජකාරි එක්ක වෙලාවක් හොයාගන්නව කියන්නෙ මොන තරම් අමාරුවක්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

අපිට මේ දවස් ටිකේ Training වලට Interviews . අද මම ගියා දෙමටගොඩ. ප්‍රසිද්ධ ආයතනයක සම්මුඛ පරීක්ෂනයකට. ඉතින් එහිදී උන සිදුවීම් කියන්න යන්නෙ නැහැ මම. මම කියන්න යන්නෙ වෙන දෙයක් ගැන.

ඉතින්  මම අද මගේ ගමන සඳහා භාවිතා කලේ දුම්ර්‍රිය  ප්‍රවාහන සේවය. ඒකත් මාර ගති. පැද්දි ,පැද්දි හිමින් සීරුවෙ මහන්සියක් නැතිව යන්න පුලුවන් එකම සේවය දුම්ර්‍රිය සේවයනෙ.



5.20 ඔෆිස් ට්‍රේන් එක. සම්මුඛ පරීක්ෂණය ඉවර උනේ 5.18 ට. මොනව කරන්නද, දිව්වා, දිව්වා ට්‍රේන් එක අල්ල ගන්න ස්ටේෂන් එකට. වේලාව 5.25. හොඳ වෙලාවට ලංකාවේ තියන විධිමත්,කාලානුගත ප්‍රවාහන සේවයට පින් සිද්ද වෙන්න දුම්ර්‍රිය දෙමටගොඩට ලඟාවෙනකොට 5.30 ට විතර ඇති.

 "සෙනග කට කපල එකයි."

බොහොම අමාරුවෙන් ගොඩ උනා අන්තිම පෙට්ටියට. ජැන්ඩියට ඇඳල උන්න මගෙ ඇඳුම හරියට නිකම්

"නාල ඉවර වෙලා පිහපු තුවායක් වගේ"

 මොනව කරන්නද ඉතින්. ගොඩාක් මිනිස්සු ෆූට් බෝඩ් එකේ. ඔහොම  ගියා හිටගෙන. කඳානෙ න් බැස්සා හෙන ලොට් එකක්. මට ඉතින් නිවන් ගියා වගේ. ඊට පස්සෙ ආතල් එකේ හුලන් ටිකක් වැදෙන විදියට ආව.


මගෙ යාලුවෙක් උන්නා, ඊට ඉදිරියෙන් තිබුන නැවතුම් පලේ. මීගමුව. ඔන්න ඉතින් මාත් මීගමුවට ලං වෙලා දුන්න කෝල් එකක් "මචන් , උම්බ කොහෙද ඉන්නෙ?"

"මම මේ ඉන්නෙ මීගමුවෙ.ට්‍රේන් එකට නගින්නයි යන්නෙ. "

"එල එල අන්තිම පෙට්ටියට නැගපන්"  මම එහෙම කිව්වෙ මේ වෙනකොට මම ආසනයක ඉඳන් උන්න නිසා.

"අපෝ බන් , ට්‍රේන් වල යන්න දන්නෙ නැද්ද බන්, ට්‍රේන් එක කියන්නෙ හරියට දිව්ය ලෝකෙ වගේ, හිටගෙන යන් වරෙන්" කියපු යාලුව,
 මිනිහගෙ ගැන්සියෙ දෙන්නෙක් එක්ක නැග්ග දුම්ර්‍රියට. මාත් ඉතින් මෙච්චර වෙලා කම්මැලිකමටනෙ උන්නෙ. යන්කො මුන් මෙ කියන්නෙ මොනවද කියල බලන්න කියල ගියා හිටගෙන.


දැන්නෙ ට්‍රේන් එකේ විස්තරේ හරියට පේන්නෙ. නාකි ලොක්කො(ඔෆිස් ගිහින් එන ) ටික අසුන් වල "බූරු ගහනව" සමහරු නිදි කිරා වැටෙනව. තවත් සමහරු, පොත් කියවනව (මටනම් වාහනේක යනකොට පොත් කියවනව කියන්නෙ ඇලජික්, වමනෙ යන්නම එනව) තවත් සමහරු ඕප දූප(නැන්දලයි, අක්කලයි සෙට් වෙල),

හොඳම හරිය ඊට පස්සෙ. සමහරු පෙම් බස්. "සුදූ, ඔයාට බඩගිනිද?"

ඊට පස්සෙ ටික වෙලාවකින් ඇහෙනව "කූල් වතුර, කඩලේ, වඩේ,වඩේ,වඩේ "

"අපි දෙන්නම කඩල එකක් අරන් කමු සුදූ" කියන ජෝඩුව, කඩල අරන් කනව පැත්තකට වෙල.

අපි වගේ මොකටවත් නැති උන් කෙල්ලො දිහා කන්න වගේ බලන් ඉන්නව.


ඔන්න ඕක තමයි සීන් එක යාලුව කිව්ව. හරි ගියයි කියමුකො. කෙල්ලෙකුත් ඉන්නව, දැන් යාලුවො 3, මමයි,
"මචන් පට්ට කෑල්ලක් ඉන්නව, වරෙන් වරෙන්" මගෙ යාලුව කිව්ව ,


ගියා තුන් දෙනාම, ඉස්සරහට, කෑල්ල බලන්න. මමත් ගිය පිටි පස්සෙන්, මොකටත්, ඇයි නැත්තම් වැලි කන්න උනොත් එහෙම.

වැලි කන කතාව මොකක්ද කියල බලනව ඇති ඔයාල. ඒකත් කියලම ඉන්නම්කො.

.........................................................................................................
අපේ එකෙක් ක්ලාස් යන කාලෙ (සක්යා) භෞතික විද්‍යවට දවසක් මූගෙ කුපාඩි කමට


උඩ බිල්ඩින් එකේ ඉඳන් කෙල්ල්ක්ට විසිල් එකක් ගහල, ඇහැක් ගහල.
ඊට පස්සෙ මේ කෙල්ල, යාලුව දිහා ඔරවල බලල " වැලි කාපිය, ...... ........" කියල. මම හිස්තැන් දැම්මෙ ඒක නරක වචන 2ක් නිසා. ඒ වගේ වචන කියන කෙල්ලො උන්නදත් කියල පුදුමයි.


එදා ඉඳල තමයි, කෙල්ලෙක්ට මොනව හරි කියල චාටර් උනොත් වැලි කනව කියල කියන්නෙ.


මේකයි වැලි කෑමේ උපත.
.....................................................................................................

දැන් අපේ කතාවට එමු. ඉතින් ගියා බලන්න. බැලින්නම් එතන උන්න අනිත් දෙන්නගෙන් එක කොල්ලෙක්ගෙ නංගි කෙනෙක්. එතන ඉඳල අනිත් දෙන්න,

" අනේ මගේ මස්සිනා"      කියගෙන  අර කොල්ලව බදාගෙන එකම විකාරයයි.


යන එන කෙල්ලන්ගෙන් අහනව, "ඔයාව කාලෙකින් දැක්කෙ"
"කොහොමද ඉතින්" කියල.
මාර මාර සීන් එතන.


ඔය අතරෙ ඔය යාලුව කිව්වා කතාවක්, ට්‍රේන් එකේ යනකොට දවසක් උන දෙයක්.
...................................................................................
දවසක් මනුස්සයෙක් කිරිහට්ටි 9ක් විතර ෂීට් එක උඩ තියාගෙන යනවලු. වැඩිය සෙනගත් නැති දවසක. ඊට පස්සෙ එතනට අවිදින් පවුලක්. ඒ කියන්නෙ ගෑනු කෙනෙකුයි, පිරිමි කෙනෙකුයි. අර කිරි හට්ටි අරන් යන මනුස්සය එක්ක කතා බහ කරල මිනිහව ෂේප් කරල කිරි හට්ටි දෙකකුත් කොහොම හරි සෙට් කරන්. අපේ සෙට් එකට මේකට මාර ප්‍රශ්නලු. කිරි හොරු දෙන්නෙක්නෙ කියල කතා වෙවී උන්නලු කට්ටිය.


අර ගෑනු කෙනයි, පිරිමි කෙනයි බැහැල ගියාලු ඊට පස්සෙ. කිරි හට්ටි දෙකකටත් වැඩේ දීගෙන යන දෙන්නව දකිනකොට, මුන්ගෙ දත කට, හිරි වටෙනලලු. ඔතන උන්න උන්ගෙන් දත , කට පූට්ටු වෙන්න ලන් උන එකෙක් ඉවසන්නම බැරි තැන ට්‍රේන් එකෙන් එලියට ඔලුව දාල පදික වේදිකාවෙ යන අර ගෑනු කෙනාටයි, මනුස්සයටයි කෑගහල කිව්වලු,


 "මෙන්න කිරි හොරු දෙන්නෙක් "  කියල.


 ඒක ඇහුන අර මනුස්සයො දෙන්න තද උන පාරට, කිරි හට්ටි දෙක පොලවෙ ගැහුව කියල තමයි පොතේ ගුරා ඒ වෙලාවෙ කිව්වෙ.
......................................................................................


හරි. ඒකත් එහෙමඉ කියමුකො. ඊට පස්සෙ දකින්න හම්බුනෙ කපල්, කපල් බලන බලන අත, ගෑනු ළමයි බැලු බැලු අත. කොල්ලො මේ තරම් ට්‍රේන් එකේ යන්න දඟලන්නෙ ඇඉ කියල මට තේරුනෙ, ඒ වෙලාවෙ.

මගෙ යාලුවගෙ අදහසනම් , ගොඩාක් අයගෙ ආදරේ පටන් ගන්නෙ කෝච්චියෙන් කියලයි.

එකත් බලන් යනකොට, ඇත්තනෙ. කෝච්චිය හිමීට, ගැසිසි ගැසිසි, හැම තැනම නතර කර කර යනව. බ්‍රේක් ගහනව. වෙලාවට එන්නෙ නැහැ.

ආදරේට කොයි තරම් දුරට සමිපද? ඒක මමනම් හරියටම දන්නෙ නැහැ. ඔයාල දන්නව ඇතිනෙ.......

යාල ඕන තරම් කෝච්චිවල ගිහින් ඇතිනෙ, කෝච්චි මාරු කරල ඇතිනෙ. කෝච්ච් මිස් වෙලත් ඇතිනෙ ඕන තරම් නේද?.....







ජය වේවා කිව්ව ඕං..
~~ඉතිරි ටිකත් කියවන්න..

Monday, April 19, 2010

වින්ඩෝස් ගැටලු


ම අද ලියන්න යන ලිපිය, Windows මෙහෙයුම් පද්දතිය සම්බන්ද අලුත් දෙයක් ගැන. මෙම කරුනු ඔබ සමහරවිට කලින් අහල ඇති. ඒත් මේ සම්බන්දව නොදන්නා අයත් ඉන්න පුලුවන් කියල හිතුන නිසයි මම මේ දේ පල කරන්න හිතුවෙ. ඇත්තටම මෙයට මායාවක් කිව්වොත් නිවැරදියි කියලත් හිතෙනව. මෙම ගැටලුවලට තවම Microsoft  කණ්ඩායමට පවා පිලිතුරු සොයා ගැනීමට  නොහැකිවී තියනව.

ඔබත් මේ දේවල් කලින් කරල බලල නැත්තම් , අදම කරල බලල හේතුවක් හොයාගන්න පුලුවන්ද කියල බලන්නකො.

.........................................................................................



1)  මෙය සොයගෙන තියෙන්නෙ ඉන්දියානු ජාතිකයෙක්. ඔබට පරිගනකයේ ඕනෑම තැනක "CON" නමින් Folder එකක්   හදන්න පුලුවන්ද කියල ට්‍රයි කරල බලල තියනවද කලින්? කරල නැත්තම් හදල බලන්න. ඔබට හදන්න පුලුවන්ද කියල. මම හිතන්නෙ බැරි වෙයි.


..........................................................................................

2)  මේ ට්‍රික් එක  Windows මෙහෙයුම් පද්දති පාවිච්චි කරන අයට කරල බලන්න.


  • නෝට් පෑඩ් එක ඕපන් කරන්න
  • ඊට පස්සෙ  Bush hid the facts කියල ටයිප් කරන්න
  • කැමති තැනක සේව් කරන්න File  එක කැමති නමකින් 
  • ඊට පස්සෙ File එක Close කරල ReOpen කරන්න
    හිතා ගන්නටත් බැහැ නේද?
.............................................................................................


3) මෙම ගැටලුවට පිලිතුර බිල් ගේට්ස් ඇතුලු පිරිසටත් ගැටලුවක් බවට පත් වූ, බ්‍රසීල ජාතිකයෙක් සොයගන්නා ලද, ට්‍රික් එකක්

  •  Microsoft Word ඕප්න් කරන්න
  • ඊට පස්සෙ ට්යිප් කරන්න  =rand(200,99) කියල

       Enter  කී එක ඔබල බලන්නකො මොනාද වෙන්නෙ කියල. පුදුමයි      නේද?

..........................................................................................


4) ඔයාල දන්නවද ලෝක වෙළඳ මධ්‍ය්ස්තානයට එල්ල වුන ප්‍රහාර වලින් එකක Flight Number  එක Q33N.
ඉතින් නෝට් පෑඩ්/වර්ඩ් පෑග්/වර්ඩ් ඩොකිවුමන්ට් එකක ඒ අංකය ටයිප් කරල එක Font Size 72 කරල, Font එක Wingdings කරන්න. මොකක්ද උනේ?



      පුදුමයි නේද?
.........................................................................................

තවත් අරුම පුදුම , විනෝද දේ ඉදිරියට.












~~ඉතිරි ටිකත් කියවන්න..

සමුගැනීමේ කේක්ගෙඩිය



ම අද ලියන්න යන්නෙ පොඩි විනොදෙට බර ලිපියක්. මේ අදහස මම දැක්කෙ ඊ-මේලයක් මගින්. ඉතින් මට හිතුන මේ කතාව ඔයාල එක්කත් බෙදාගන්න.

 මම හිතන්නෙ හැම කෙනාම දන්නව "Marriage Cakes" කියන්නෙ මොනවටද කියල. විවාහ උත්සව වලදි, මනමාලයයි, මනමාලියි කපන්නෙ. ඊට පස්සෙ එයාල එකිනෙකාට ආදරයෙන් කවන්නෙ. දැකල තියනවනෙ? ඉතින් ඔය කේක් විවිධ හැඩයට හදල තියනව ඔයාල දැකල ඇති.


දෙන්න ඉන්න අපූරුව....







ලස්සනයි නේද, විවිද රටා වලින් හදල තියෙන්නෙ මේවා. ඉතින් අයිසින් වලින් තමයි මේ කේක් අලංකාර කරන්නෙ. සාමාන්‍යයෙන් මේවට විශාල වියදමක් දරන්නට වෙනව.



ඉතින් මම කියන්න ගියෙ වෙන කතාවක්නෙ. "Marriage Cakes" ගැන හැම කෙනාම දන්නවනෙ. ඒක කියන්න දෙයක් නැහැ.

ඒත් "Divorce Cakes" කියල ජාතියකුත් තියනව කියල දන්නවද? මමනම් ඇත්තටම මේ ගැන ඇහුවෙ ලඟදී.


                                             එකෙත් හැටි, මාරයි නේද?




මේ වගේ අදහක් කාට ආවද මන්ද,







මට ආරන්චියක් ආව ලඟදී, දැන් "Marriage Cakes" එක්ක බලනකොට, "Divorce Cakes" වල ඉල්ලුමත් වැඩි වෙනව කියල.

 ඒ මොකද , දැන් "Divorce" වෙන එක "Fashion" එකක් වෙලා නොවැ. අපේ රටේනම් ඒක ගොඩාක් දුරට අඩුයි. ඒත් ගොඩාක් , ඉන්නවා වෙන් වෙලා, තනියම පවුල් ජීවිත ගෙනියන.


ඔයාලත්  ලස්සන  Marriage Cake එකක්  ඔබලාගේ විවාහය වෙනුවෙන්   හදයි කියල මම බලාපොරොත්තු වෙනව, ඉදිරි අනාගතයෙදි. සමහරු දැනටමත් හදල ඇති.



ඔයාල "Divorce Cake"කේක් එකකුත් හදන්න බලාපොරොත්තු වෙනවද?


මටත් කියන්න හොඳේ.. මාත් ආසයි ඇත්තම සමුගැනීමේ කේක්ගෙඩියක් බලාගන්ට.




~~ඉතිරි ටිකත් කියවන්න..

Saturday, April 17, 2010

නවතම චිත්‍රපට



ද හවස නංගි කෙනෙක් පොඩි ඉල්ලීමක් කෙරුව චිත්‍රපටි ගැන පොඩි විස්තරයක් අහල. ඉතින් මම හිතුව ඒ ගැනත් පොඩ්ඩක් ලියන්ට.

මම හිතාගෙන උන්නෙ කෙල්ලො කැමති, රොමැන්ටික් ෆිල්ම්ස් වලට කියල, ඒත් බැලින්නම් කඩ කෙල්ලොත් ඉන්නව නොවැ. ඒ මොකද, හොරර් ෆිල්ම්ස් බලන්නත් කැමති කෙල්ලො ඉන්නව මේ කාලෙ. හොඳයි ඒකෙත් වරදක් නෑ.

ඉතින් මම දැන් කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම්ස් කීපයක් ගැනයි, පරන ලස්සන ෆිල්ම්ස් ටිකක් ගැනයි.

මගෙ යාලුවෙක් ඉන්නව කැම්පස් එකේ, ෆිල්ම්ස් වලට ආස, අපි ඉතින් ෆිල්ම් එකක් ඕන උනාම යන්නෙ මිනිහ ගාවට (3477). RapidShare පිස්සෙක්.අලුතෙන් එන ෆිල්ම්ස් වල විස්තර ගන්නෙ එයාගෙන් තමයි.

හොරර්, රොමෑන්ටික්, ලෙජන්ඩ්‍රි, ට්‍රැජඩි, තව සයන්ටිෆික් ,ඩාන්සින් , ඔය වගේ ගොඩාක් වර්ගීකරන කරන්න පුලුවන්  ෆිල්ම්ස්.
හොඳම එව්වා ටිකක් දාන්නම්.


හොරර් - ත්‍රාසය, භීතිය කැටිවූ චිත්‍රපට


                             A Tale of Two Sisters (2003)


මේ ෆිල්ම් එක මමනම් බලල නැහැ. ඒත් යාලුවෙක්ගෙන් තමයි දැනගන්න හම්බ උනේ. මම හිතනව හොඳ ඇති කියල. මොකද මම බලපු අයගෙ කමෙන්ට්ස් දැක්ක, මේ ෆිල්ම් එක. 



                                    The Unborn (2009)


මේ තියෙන්නෙ මම බලපු හොඳම හොරර් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මේකෙ කතා වස්තුව ගෙතෙන්නෙ, තරුන කාන්තවක් පාදක කරගෙන. කිසියම් අත්බූත ආත්මයක් මෙම කාන්තාව පසුපස එන්නේ, ඇයගේ මවගේ, මවගෙන්, කලකට ඉහතදී සිදුවූ සිදුවීමක් හරහායි.
බලලම කියන්නකො හොඳයි ද කියල
    

 Drag Me to Hell (2009)
මේ ෆිල්ම් එක මම බැලුවෙ මෑතකදි. ටිකක් බය හිතෙන කතාවක් තමයි තියෙන්නෙ. බැංකුවකට එන කාන්තාවක් එහිදී , බැංකුවේ වැඩකරමින් සිටින තරුන කාන්තාවක සමග අතිකරගනු ලබන ආරවුලක් තමයි මේකෙ කතා වස්තුව. බැංකුවකට එන කාන්තාව මහලු යක්ශනියක්. 
ඩවුන්ලෝඩ් කරලම බලන්නකො



The Collector(2009)

මේ ෆිල්ම් එක ගැන මට කිව්වෙ අපේ මල්ලි කෙනෙක්. මිනිහ එක බලල හොඳටම බයවෙලා. හොඳ බයහිතෙන ෆිල්ම් එකක් කියල කිව්වා. බාලම බලන්න.



Open Graves (2009)


ත්‍රාසය, භීතිය කැටිවුන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. බාලම කමෙන්ට්ස් කියන්නකො.



The Last House on the Left (2009)

මේකනම් හොඳම ෆිල්ම් එකක්. මේකෙ කතාවට පාදක වෙන්නෙ පලිගැනීමක්. තමන්ගෙ දුවව දූෂනය කර මරා දමන්නට තැත් කරන කාණ්ඩයකට, ඇයගේ දෙමවුපියන් විසින් දඬුවම් කරන හැටි තමයි මෙකෙ තියෙන්නෙ. කවදාවත් අපරාධයක් නොකල දෙමවුපියන් දෙදෙනෙකු තම දියනියට සිදුවූ විපතින් පසුව, වෙනස්ම දෙදෙනෙකු බවට පත්වන හැටි. ඕනාම දෙමවුපියෙක් මෙසේ හැසිරේද?



තව ඉදිරියට මේ වගේ හොඳ ෆිල්ම්ස් ගැන දාන්නම්. අවදානය හොරර් ෆිල්ම්ස් වලට වැඩිපුර යොමුවුනෙ නංගි කෙනෙක්ගෙ විමසීම නිසා. පසුවට වෙනත් ෆිල්ම්ස් ගැනත් ලියන්නම්.  




ජය වේවා කිව්වා....







~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION