රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Thursday, July 15, 2010

අක්කේ, මොකද ඔරවන්නේ?


මොකද මන්ද මේ ටිකේ හරිම කම්මැලි, ලියන්නත් හිතෙන්නෙ නැහැ. ඒ උනාට මේ සිද්දියනම් ලියන්නම ඕනි කියල හිතුනා. මොකද ටිකක් කොල්ලන්ට සෙට් වෙන කතාවක්.


මම වැඩට යන්නෙ දුම්ර්‍රියෙ, ඉතින් ඕකේ යනකොට වෙන එක එක දේවල් ඔයාලත් අහල ඇතිනෙ. මම කියන්න යන්නෙ මම ගුටි නොකා අනූ නවයෙන්
බේරුනු කතාවක්. /no


ඔන්න ඉතින් වෙනදා වගේම වැඩත් ඉවර වෙලා ආව දුම්ර්‍රිය පලට. සෙනඟ පිරිල. දන්නවනෙ ඔෆිස් ඇරිල ගෙදර යන අය තමයි ගොඩාක් ඉන්නෙ.

ගොඩාක් අයට හැමදාම දුම්ර්‍රියෙ යන, තියනව තමුන්ට වෙන් උන පෙට්ටියක්. ඒ කියන්නෙ ඒ අය හැමදාම යන්නෙ ඒ පෙට්ටියෙ. ඒ පෙට්ටියෙ ඉන්න ඕන කෙනෙක්ව දන්නව ඒ පෙටිටියෙ හැමදාම යන අය. ගොඩාක් දවස් වලට පාර්ට්ස් තියනව. ඒ කියන්නෙ කවුරු හරි කන්න අරන් එනව කට්ටියටම කේක්, බිස්කට් වගේ දේවල්. ඒට පස්සෙ සෙට් එකම වල් පල් දොඩව දොඩව යනව.

ගොඩාක් අය උදෙන්ම නැගිටල වැඩට යන්න කම්මැලියි. අපේ සෙට් එකේ අය. කෝච්චියේ යන්න පටන් ගත්තු දා ඉඳන් කට්ටිය වෙලාවටත් කලින් නැගිටල ස්ටේශමට එනව. මොකද, හැමදාම යන අක්කල, නන්ගිල එක්ක ලයින් එක දාගෙන යන්න පුලුවන්නෙ. :D

හරි. ඉතින් මටත් තියනව ඒ වගේම වෙන් උන පෙට්ටියක්. මම වැඩට යන්න පටන් ගත්තු කාලේ, එහෙම විශේශ පෙට්ටියක් තිබුනෙ නෑ. මම වැඩ කරන තැන (ප්‍රසිද්ද මාධ්‍ය ආයතනයක්) අක්ක කෙනෙක් තමයි කිව්වෙ, මල්ලි යමු මම යන පෙට්ටියෙ කියල. ඉතින් මමත් ඔය පෙට්ටියට සම්බන්ද උනේ ඔන්න ඔහොමයි.


ඒකත් හරිය කියමුකො. ඉතින් පෙරේදා මම ස්ටේශන් එකට එන්න පරක්කු උනා, අක්කවත් මිසින්, ඉතින් මම එනකොට කෝච්චිය ඇවිත්, පෙටිටිය බල බල උන්නෙ නෑ නැග්ග දොරකින්, තව විනාඩියක් වෙලා ගියානම් නැගගන්න වෙන්නෙත් නෑ. ඉතින් මේ පෙටිටියට ගොඩ වෙලා ඇතුලට ටිකක් ගියා. සෙනග පිරිල. මොනව කරන්නද. ඉතින් පැත්තකට සයිඩ් වෙලා උන්න.

මෙන්න මට ඉස්සරහ අක්ක කෙනෙක්.  ඒ අක්ක ෆෝන් එක කනේ ගහගෙන මල් කඩනව පාරත් හරස් කරගෙන. පිටිපස්සෙන් ඉන්න සෙනග ලෝඩ් එකම මගේ ඇඟ උඩ. මම බොහොම අමරුවෙන් එල්ලිල උන්නෙ. ඉතින් මේ අක්කගෙ දැඟලිල්ල එන්න එන්නම වැඩි වෙනව.

 ඒ මදිවට කාගෙ හරි උපන්දිනයක්, මෙයාටත් කේක් කෑල්ලක් හම්බුනා, මෙයත් හැමදාම ඒ පෙට්ටියෙ යන නිසා වෙන්න ඇති. එක පාරටම මගෙ ඇඟ ආව කොච්චිය බ්‍රේක් ගහද්දි, ඒ අක්කව, මාව දැන් දෙපැත්තෙන්ම තැලෙනව. මොනව කරන්නද. මම  ඒ අක්කට කිව්ව,

"අක්කෙ පොඩ්ඩක් අයිනට වෙනවද?"  /XD

 කියල. මෙයා ගනන්වත් ගත්තෙ නෑ ඔන්න, හරියට නිකම් මෙයාගෙ වගේ කෝච්චිය. මොනව කරන්නද, අසරන මම තැලි තැලි උන්න. ඔය යන ගමන් මට ඉන්නම අමාරුයි. ඉතින් මම කකුල පොඩ්ඩක් එහාට කෙරුව. අර අක්ක මං දිහා ඔරොවල බැලුව. මම බැලුව මේ මොකද කියල. අක්කගෙ කකුල පෑගිලාද කොහෙද.

මම සොරි කිව්වා. මෙයා මට දුන්න වද වල හැටියට ඕක මොකක්ද කියලයි මම හිතුවෙ. තවම එය ඇබරි, ඇම්බරි මල් කඩනවා. ඉතින් මෙයා දැන් ලොකු ඉඩක් අරගෙන කකුලත් ඈත් කරන් හොඳට මල් කඩනවා.
මමත් බොහොම අමාරුවෙන් තෙරපි තෙරෙපි උන්න, මොනව කරන්නද කියල හිත හිත. ටික වෙලාවකින් ආයෙත් මන් දිහා ඔරොවල බලනව.
මට තරහ ගියා.

"අක්කෙ මොකද ඔරවන්නෙ?"  /shock

කියල මමත් සැරෙන් ඇහුවා. මෙන්න ආයෙමත් ඔරොවල, එහා පැත්ත බලගෙන ෆෝන් එකත් තියල මොනවද කුටු කුටු ගානවා, එහා පැත්තෙ එයාගෙ සෙට් එකත් එක්ක.

මමත් මං දිහත් බලනව ඒ අක්ක දැන්. මම හිතුව එන පොට හොඳ නෑ.  /blur ගියා කට්ටියව තල්ලු කරගෙන ඉස්සරහටම. මගේ සුපුරුදු පෙටිටියටම, නැත්තමම් බැරි වෙලාවත් සංග්‍රහයක් වත් හම්බ උනොත් එහෙම ඒ පෙට්ටියෙන්. ඇයි ඉතින් මම මොනව කිව්වත් අනිත් අය ගන්නෙ පෙට්ටියෙ අඳුනන කෙනාගේ පැත්තනේ.

මොනවා කරන්නද? ඒ ඉතින් සමාජෙ හැටි. මොන වරදක් කලත් තමන් අඳුනන කෙනෙක්නම්, එයා හරි, අනිත් එක්කෙනා තමයි වැරදි. ඒක ලංකාවෙ හැටියක්නෙ.

එදායි පස්සෙනම් ඒ පෙටිටිය දිහා හැරිලවත් බැලුවෙ නෑ. අපෝ මහ එපා කරපු පෙට්ටියක්. ඔයාලත් කොළඹින් 5.10 පුත්තලම් කොච්චියේ යනවනම්, පිටිපස්සෙ ඉඳන් 2 වෙනි පෙට්ටියෙ යන්න එපා. මහ එපා කරපු පෙටිටියක්.

ඔන්න ඕකයි කතාව..

තව කතා ගොඩාක් තියනව යද්දි , එද්දි උන, පසුවට ගෙන එන්නම් ඔබ වෙතට.

ජය වේවා..
~~ඉතිරි ටිකත් කියවන්න..

Saturday, July 3, 2010

ඔබගේ දුරකතනය නැති වී තිබෙනවාද?

ම අද ලිපියක් ලියන්න නෙමේ උන්නෙ. ඒත් මට උන පොඩි සිද්දියක් නිසා මම මේ ලිපිය ලියන්න හිතුවෙ..  /floor

අද මගෙ පෞද්ගලික දුරකතනයට කවුරු හරි ගේමක් දීලා, දැන් ෆොන් එක නෑ. කවුරු ඉස්සුවද දන්නෙ නෑ. මම ගමනක් යනකොට තමයි මේ සිද්දිය උනේ. ආපහු එනකල් දන්නෙ නෑ ෆොන් එක නැති වෙලා කියල. ඉතින් මම හිතුව ෆොන් එකක් නැති උනාම කරන්න ඕන දේ ඔයාලටත් ටිකක් හරි වැදගත් වෙයි කියල. ඒකයි මේ ලිපිය ලියන්න හිතුවෙ.

මේ ක්‍රියාමාර්ගය ශ්‍රීලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් තමයි අරන් තියෙන්නෙ. ඔබගේ වටිනා දුරකතනයක් නැති උවහොත්, මේ ක්‍රියාමාර්ගය ගන්න.








තවත් දෙයක් තියනවා කියන්න. ඕනෑම දුරකතනයක තියනවා IMEI කියල අංකයක්. ඒ අංකෙ තියනවනම් ඔයාලට පහසුවෙන් නැතිඋන ෆෝන් එකක් හොයාගන්න පුලුවන්, මොකද ෆෝන් එකේ සිම් පත මාරු කලත් IMEI අoකය වෙනස් වෙන්නෙ නැති නිසා, වෙන සිම් පතක් ඇතුලත් කර කතා කිරිමේදී ෆෝන් එක තියන තැන හොයාගැනීමට හැකි නිසා. ඔබත් අදම ඔබගේ IMEI  අංකය සොයාගෙන කොහේ හෝ සඳහන් කර තබාගන්නවානම් වඩාත් හොඳයි..

*#06# මගින් ඔබට එම අංකය ලබාගත හැකියි. එය ඉලක්කම් 15 කින් යුත් අංකයකි. 
~~ඉතිරි ටිකත් කියවන්න..

Tuesday, June 29, 2010

පෝස්ට් වලට Smileys එකතු කරගන්න කැමතිද?


ද වැඩ ගොඩායි.ඒත් පොඩි ලිපියක්වත් ලියන්නෙ නැතිව ඇඟට නිකං මොකක්ද වගේ. ඒක නිසා මම ඔයාලට අරන් ආව, පොඩි ට්‍රික් එකක්. බ්ලොගයේ ලිපි ලියනකොට ඒවාට  එකතු කරන ඉතාමත් පහසු ක්‍රමයක්.
  /hihi රන්  
  •   යන්න Design  --->  Edit HTML එකට.
  • CTRL+F වලින් (සර්ච් කරන ශොට් කට් කී එක ) ගහල සර්ච් කරල </head> තියන තැන හොයාගන්න.
  • දැන්  </head> කෝඩෙට  උඩින් මෙන්න මේ ස්ක්‍රිප්ට් කෑල්ල පේස්ට් කරල දාන්න.
      <script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>

 
ඊට පස්සෙ ටෙම්ප්ලේට් එක සේව් කරන්න. එච්චරයි.
ඉතින් මේන් මෙහෙම තමයි සලකුනු ස්ථාපනය කරන්නෙ. ඊට පස්සෙ අපි ඒවා භාවිතා කරන හැටි ඉගෙන ගමු.

: )       : P:       D:-D      : ) )      = ) )=)      = D >          /wa ha ha         / hi hi        



/ o m g         / n o             / dig nose       / s w e a t            / s h o c k     


/ f l o o r        / h m m        / X D           / b l u r                / b l u s h 



/ no big deal          / p l e a s e                        / b y e

ඔයාල ටයිප් කරනකොට මේ වචන නිකම්ම Compose එකේ ටයිප් කරන්න විතරයි තියෙන්නෙ. ස්පේසස් නැතිව. මම ස්පේසස් තියල තියෙන්නෙ ඔයාලට වචනෙ පෙන්නන්න ඕනි නිසා.

තව ගොඩාක් ක්‍රම තියනව මේ වගේ පෝස්ට් බොඩි එකට රූප එකතු කරගන්න. ඔයාලටත් පුලුවන් මේ ස්ක්‍රිප්ට් ලින්ක් එක පොඩ්ඩක් බලල ඔයාලගෙම රූප හදාගන්න. මම හදපු එකක් පසුවට ඔබලා වෙත ගෙන එන්නම්.
එතෙක් ජය වේවා....   /bye
~~ඉතිරි ටිකත් කියවන්න..

Sunday, June 27, 2010

HTML/JavaScript ගැජෙට් එකක ටයිට්ල් එක නැතිව සේව් කරමුද?

ම මේ පෝස්ට් එක ලියන්නෙ, අපේ සෑම් සහෝගේ ලිපියක් දැක්ක නිසා. එක ලිපියක තිබුනා අපිට ගැජෙට් කෑල්ලක Title එක නැතිව කෝඩ් එකක් සේව් කරගන්න බැරි කතාවක්. ඉතින් මටත් ඒ සිද්දියම උනා. ඒකට හේතුව කියන්න තමයි අද මම සැරසෙන්නෙ.

ඉතින් ඔය සේව් කරන්ට බැරි ලෙඩේ එන්නෙ හිටපු ගමන්ම. ඒ මොකද අපි කරනකොට, සමහර කෝඩ්ස් වෙනස් වෙනව. එක එක ලෙඩ එනවා. ඔයාල ජූම්ල පාවිච්චි කරල තියනවනම් අත් දැකල ඇති සමහර ප්ල්ගින්ස් දැම්මම සයිට් එකේ ගැජෙට්ස් වලට පිස්සු හැදෙනව. අන්න ඒ වගේ තමයි මේකත්.


මේකෙදි වෙන්නෙ ගැජෙට් වල තියනව (In Edit HTML) ,
 <b:if cond='data:title != &quot;&quot;'>   කියල කෝඩ් එකක්. ඒකෙ තියන විදියට ගැජෙට් එකට ටයිට්ල් එකක් නැත්නම්  එක පල කරන්න එපා කියල  කියන්නේ.
ඉතින් ඒක නැති කරන්න පුලුවන් කෝඩෙ  ටිකක් වෙනස් කරල.
මෙහෙමයි.

1.. Edit HTML ගිහින් Expand Widget Templates යන්න

2.. ඊට පස්සෙ CTR+F ගහල (ශෝට් කට් එක සර්ච් කරන )
     <b:if cond='data:title != & quot;&quot;'>      හොයාගන්න.
     අදාල විජට්ටුව(මෙහි ඔබ එයට දැමු ටයිට්ල් එක තියන නිසා ඔබට සොයගැනිම පහසුයි ) පමනක්.

3.දැන් එක මකල ඒ වෙනුවට මේ කෝඩ් එක දාන්න.
    <b:if cond='data:imagePlacement == &quot;REPLACE"'>

මකා දැමිය යුත්තේ සහ අලුත් කෝඩ් එක රිප්ලේස් කල යුත්තේ ඔබට අනවශ්‍ය   ටයිට්ල් එක එක සහිත විජට්ටුවෙහිය.
හරිම පහසුයි. 

  • ඉතා වැදගත්:  ඔබ  <b:if cond='data:title != & quot;&quot;'> , මකා දැමිය යුත්තේ සහ අලුත් කෝඩ් එක රිප්ලේස් කල යුත්තේ ඔබට අනවශ්‍ය   ටයිට්ල් එක එක සහිත විජට්ටුවෙහිය.
  • පලමුව Design--Add a Gadget--HTML/Java--එකට Title එකක් දෙන්න. එකේදි  Title එක තිබුනට කමක් නෑ. ඊට පස්සෙ මම කියපු විදියට Edit HTML(Expand Widget Templates)කෝඩ් එක ගිහින් එයට අදාල විජට්ටුව(මෙහි ඔබ එයට දැමු ටයිට්ල් එක තියන නිසා ඔබට සොයගැනිම පහසුයි ) පමනක් සිදු කරන්න.
ගැටලුවක් ඇතොත් විමසන්න..
තව අපේ සසීන්ද්‍ර මලයා කිව්වා,  ALT+0160 මගිනුත් , ඒ කියන්නේ ටයිට්ල් එක හිස් තියල, බොඩ් එකේ ලියන්න ඕන දේවල් ලියල ALT+0160 ගහල එක ඔබපුවමත් සේව් වෙනව කියලා...

මම ගිහින් එන්නම් එහෙනම්..
~~ඉතිරි ටිකත් කියවන්න..

Friday, June 25, 2010

ටයිට්ල් එක මූව් කරන්න වැඩ කෑල්ලක්..



ම අද ලිපියක් ලියන්න යන්නෙ ගොඩ කාලෙකට පස්සෙ. හැමදාම ලියන බහුබූත වලට වැඩිය අලුත් දෙයක් ලියන්න කියල මට හිතුන. ඒක ඔයාලටත් ටිකක් හරි ප්‍රයෝජනයක් වේ කියල හිතෙනවා.
 

 ඔයාලගෙ බ්ලොග් එක ටිකක් ලස්සන කරගන්න වැඩක් තමයි මම අද කියන්න යන්නෙ. බ්ලොග් එක කිව්වට බ්ලොග් එකම නෙමේ.  බ්‍රව්සර් එකේ උඩින් යන නමට පොඩි මූව් එකක් දෙන්නයි අද මම යන්නෙ.


ඔය උඩින් තියෙන්නෙ  Moving Title කියල. ඒක කියල දෙන්න තමයි මම අද යන්නෙ.
ඔයාල  මුලින්ම කරන්න ඕනේ බ්ලොග් එකේ  Design එකට ගිහින් Edit HTML එකට යන්න. ඊට පස්සෙ
CNTRL+F ප්‍රෙස් කරපුවම සර්ච් බාර් එක එනව(ශෝට් කට් කී එක ).  එතන ටයිප් කරල පේජ් එකේ

<title><data:blog.pageTitle></title>
තියෙන තැන හොයාගන්න.
හරිනෙ එහෙනම්. ඔන්න ඊට පස්සෙ ඔය පේලියට හරියටම යටින් මෙන්න මේ ස්ක්‍රිප්ට් එක පේස්ට් කරන්න.
(ලින්ක් එකට ගිහින් බලන්න. මම ස්ක්‍රිප්ට් එක හොස්ට් කරල තියෙන්නෙ.)
http://freetexthost.com/qoea215so5

<script>
var repeat=1 //enter 0 to not repeat scrolling after 1 run, otherwise, enter 1
var title=document.title
var leng=title.length
var start=1
function titlemove() {
titl=title.substring(start, leng) + title.substring(0, start)
document.title=titl
start++
if (start==leng+1) {
start=0
if (repeat==0)
return
}
setTimeout(&quot;titlemove()&quot;,140)
}
if (document.title)
titlemove()
</script>
 
ඔන්න ඕකයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඔයාලගෙ ටයිටල් එකත් මේ වගේ ගමන් කරයි.
මම දීල තියන ලින්ක් එකෙන්ම කෝඩ් එක ගන්න. පොඩි පොඩි අස්පට් තියනව පෝස්ට් එක  ලියද්දි උන. ඒක නිසා උඩ තියන ලින්ක් එකෙන් ගන්න එක හොඳයි(මෙතනිනුත් ගන්න පුලුවන්)... හොස්ට් කරල තියෙන්නෙ මම.

නැවත ලිපියක් තුලින් හමුවෙමු.

~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION