මේක මගේ යාලුවෙක්ට වෙච්ච කතාවක්...ඔන්න නුවර අයිනක ඉන්න කොල්ලො ටිකක් ට්‍රේනින් කියලා කොලොම්පුරේ ගියා. මුන්ට ඉතින් පිස්සු වගේ. කවදා කාපු ටකරංද?
එක එක ජාතියේ වාහන...
මේවා දැකලා හොල්මන් වෙලා හිටිය අපේ කොල්ලො ටික ගියා බස් එකක් හොයාගන පිටකොටුවට යන්ඩ....
ඔන්න බස් එකක් නවත්තලා තියනවා. අපේ කොල්ලො ටිකත් එතෙන්ට කිට්ටු කරා.... මුන් ටික එනවා දැකපු කොන්දොස්තර මල්ලි කෑ ගහන්ඩ පටන් ගත්තා....
"ඔටුවො ඔටුවො.... නගින්ඩ මල්ලි, ඔටුවො ඔටුවො"
අපෙ එකෙක් හොරෙන් අහනවා "මචෝ, මේකා කොහොමද දැන ගත්තේ අපි ඔටුවො කියලා?"
කොන්දොස්තර මල්ලි ආයෙ කෑ ගහනවා "නගින්ඩ නගින්ඩ. ඔටුවො ඔටුවො.. පිට ඔටුවො පිට ඔටුවො".....
ඔටුවො උනත් පිට උනත් කොන්දෙක්ගෙන් කතන්දර අහන්ඩ බෑ කියල අපෙ උන් ටික වෙන බස් එකක් හොයගන ගියා....
--එරන්ද තරිඳු මගේ මිත්‍රයා කී කතාවක්..--
6 ප්‍රතිචාරයක් දාලම යමුකො..:
yaluwekutada une ...?
ඔටුවා පිට ඔටුවා හි හි
ඇත්ත කියපන් උඹව දැකලා නේද කොන්දා ඔහොම කෑගහන්න පටන් ගත්තේ . .. හික් හික්
@sumith : අපිටනම් ඔහොම වෙයි... :p
@පිස්සා පලාමල්ල :පිට ඔටුවා... හික්z... ඔයත්?? :f
@දුකා : මං තවම ඔටුවෙක් කියල අයිය හරියටම කොහොමද දැනගත්තෙ? :k
maat nikamata hithunaa . .. hiks
Machan Ran oya liyana eke hina yana katha deka thunakuth liyapan
ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....