රන්සුර..: 2010.07

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Saturday, July 17, 2010

හපොයි නංගි, මොකද ගවුමට උනේ?

ද හරිම අවිවේකී දවසක්. කොළඹ යනව කියන්නේ එපාම කරපු වැඩක්නෙ. මොකද හරිම රස්නෙයි. ඉතින් එපා වෙනව. අද මම කියන්න යන්නෙ කොළඹ ගිහින් උන වැඩක් ගැන. /hihi

අද පංති බම්බලපිටියෙ. ඉතින් සුපුරුදු විදියට කෝච්චියෙ ගියා, බම්බලපිටි. පන්ති ගියා. කරුමෙට(අපිටනම් ඉතින් ෆුල් ආතල්) පන්ති වේලාසනින් අහවර උනා. යාලුවෙක් එක්කපන්ති ඉවර වෙලා එම්.c එක පැත්තෙ රවුමක් ගහල කාලෙ ටිකක් කන්න කියල ලෑස්ති උනේ, මොකද මම උදේටත් කාල උන්නෙ නෑ. ඉතින් ඒකටත් හෙනහුරෙක් පාත් උනා.
~~ඉතිරි ටිකත් කියවන්න..

Thursday, July 15, 2010

මාරාන්තික උපවාස.... ඒකෙත් හැටි ඕං....

දේශලනය කියන්නේ, කතා කරන්නවත් සුදුසු මාතෘකාවක් නොවුනත්, මාරාන්තික උපවාසයක් ගැන කන වැටුනු නිසා පොඩි ලිපියක් ලියන්න හිතුවේ. ලංකාවේ ඉන්න කෘතක්ජන පුද්ගලයො වශයෙන්, ඔයාලට කියන්න ඕනේ නෑනෙ ලංකාවේ දේශපාලනය ගැන. හරියට නිකම් වතුර හිඳිල ගිය මඩ වලක් නාන ඌරො රන්චුවක් මතක් කරගන්නකො. /wahaha
මම කියන්න ගිය කතාව කියන්න කලින් පොඩ්ඩක් මේක බලල ඉන්නකො, ඔයාලටත් තෙරේයි. බලන්නකො ඔය  තියන වීඩියෝ එක.



~~ඉතිරි ටිකත් කියවන්න..

අක්කේ, මොකද ඔරවන්නේ?


මොකද මන්ද මේ ටිකේ හරිම කම්මැලි, ලියන්නත් හිතෙන්නෙ නැහැ. ඒ උනාට මේ සිද්දියනම් ලියන්නම ඕනි කියල හිතුනා. මොකද ටිකක් කොල්ලන්ට සෙට් වෙන කතාවක්.


මම වැඩට යන්නෙ දුම්ර්‍රියෙ, ඉතින් ඕකේ යනකොට වෙන එක එක දේවල් ඔයාලත් අහල ඇතිනෙ. මම කියන්න යන්නෙ මම ගුටි නොකා අනූ නවයෙන්
බේරුනු කතාවක්. /no


ඔන්න ඉතින් වෙනදා වගේම වැඩත් ඉවර වෙලා ආව දුම්ර්‍රිය පලට. සෙනඟ පිරිල. දන්නවනෙ ඔෆිස් ඇරිල ගෙදර යන අය තමයි ගොඩාක් ඉන්නෙ.

ගොඩාක් අයට හැමදාම දුම්ර්‍රියෙ යන, තියනව තමුන්ට වෙන් උන පෙට්ටියක්. ඒ කියන්නෙ ඒ අය හැමදාම යන්නෙ ඒ පෙට්ටියෙ. ඒ පෙට්ටියෙ ඉන්න ඕන කෙනෙක්ව දන්නව ඒ පෙටිටියෙ හැමදාම යන අය. ගොඩාක් දවස් වලට පාර්ට්ස් තියනව. ඒ කියන්නෙ කවුරු හරි කන්න අරන් එනව කට්ටියටම කේක්, බිස්කට් වගේ දේවල්. ඒට පස්සෙ සෙට් එකම වල් පල් දොඩව දොඩව යනව.

ගොඩාක් අය උදෙන්ම නැගිටල වැඩට යන්න කම්මැලියි. අපේ සෙට් එකේ අය. කෝච්චියේ යන්න පටන් ගත්තු දා ඉඳන් කට්ටිය වෙලාවටත් කලින් නැගිටල ස්ටේශමට එනව. මොකද, හැමදාම යන අක්කල, නන්ගිල එක්ක ලයින් එක දාගෙන යන්න පුලුවන්නෙ. :D

හරි. ඉතින් මටත් තියනව ඒ වගේම වෙන් උන පෙට්ටියක්. මම වැඩට යන්න පටන් ගත්තු කාලේ, එහෙම විශේශ පෙට්ටියක් තිබුනෙ නෑ. මම වැඩ කරන තැන (ප්‍රසිද්ද මාධ්‍ය ආයතනයක්) අක්ක කෙනෙක් තමයි කිව්වෙ, මල්ලි යමු මම යන පෙට්ටියෙ කියල. ඉතින් මමත් ඔය පෙට්ටියට සම්බන්ද උනේ ඔන්න ඔහොමයි.


ඒකත් හරිය කියමුකො. ඉතින් පෙරේදා මම ස්ටේශන් එකට එන්න පරක්කු උනා, අක්කවත් මිසින්, ඉතින් මම එනකොට කෝච්චිය ඇවිත්, පෙටිටිය බල බල උන්නෙ නෑ නැග්ග දොරකින්, තව විනාඩියක් වෙලා ගියානම් නැගගන්න වෙන්නෙත් නෑ. ඉතින් මේ පෙටිටියට ගොඩ වෙලා ඇතුලට ටිකක් ගියා. සෙනග පිරිල. මොනව කරන්නද. ඉතින් පැත්තකට සයිඩ් වෙලා උන්න.

මෙන්න මට ඉස්සරහ අක්ක කෙනෙක්.  ඒ අක්ක ෆෝන් එක කනේ ගහගෙන මල් කඩනව පාරත් හරස් කරගෙන. පිටිපස්සෙන් ඉන්න සෙනග ලෝඩ් එකම මගේ ඇඟ උඩ. මම බොහොම අමරුවෙන් එල්ලිල උන්නෙ. ඉතින් මේ අක්කගෙ දැඟලිල්ල එන්න එන්නම වැඩි වෙනව.

 ඒ මදිවට කාගෙ හරි උපන්දිනයක්, මෙයාටත් කේක් කෑල්ලක් හම්බුනා, මෙයත් හැමදාම ඒ පෙට්ටියෙ යන නිසා වෙන්න ඇති. එක පාරටම මගෙ ඇඟ ආව කොච්චිය බ්‍රේක් ගහද්දි, ඒ අක්කව, මාව දැන් දෙපැත්තෙන්ම තැලෙනව. මොනව කරන්නද. මම  ඒ අක්කට කිව්ව,

"අක්කෙ පොඩ්ඩක් අයිනට වෙනවද?"  /XD

 කියල. මෙයා ගනන්වත් ගත්තෙ නෑ ඔන්න, හරියට නිකම් මෙයාගෙ වගේ කෝච්චිය. මොනව කරන්නද, අසරන මම තැලි තැලි උන්න. ඔය යන ගමන් මට ඉන්නම අමාරුයි. ඉතින් මම කකුල පොඩ්ඩක් එහාට කෙරුව. අර අක්ක මං දිහා ඔරොවල බැලුව. මම බැලුව මේ මොකද කියල. අක්කගෙ කකුල පෑගිලාද කොහෙද.

මම සොරි කිව්වා. මෙයා මට දුන්න වද වල හැටියට ඕක මොකක්ද කියලයි මම හිතුවෙ. තවම එය ඇබරි, ඇම්බරි මල් කඩනවා. ඉතින් මෙයා දැන් ලොකු ඉඩක් අරගෙන කකුලත් ඈත් කරන් හොඳට මල් කඩනවා.
මමත් බොහොම අමාරුවෙන් තෙරපි තෙරෙපි උන්න, මොනව කරන්නද කියල හිත හිත. ටික වෙලාවකින් ආයෙත් මන් දිහා ඔරොවල බලනව.
මට තරහ ගියා.

"අක්කෙ මොකද ඔරවන්නෙ?"  /shock

කියල මමත් සැරෙන් ඇහුවා. මෙන්න ආයෙමත් ඔරොවල, එහා පැත්ත බලගෙන ෆෝන් එකත් තියල මොනවද කුටු කුටු ගානවා, එහා පැත්තෙ එයාගෙ සෙට් එකත් එක්ක.

මමත් මං දිහත් බලනව ඒ අක්ක දැන්. මම හිතුව එන පොට හොඳ නෑ.  /blur ගියා කට්ටියව තල්ලු කරගෙන ඉස්සරහටම. මගේ සුපුරුදු පෙටිටියටම, නැත්තමම් බැරි වෙලාවත් සංග්‍රහයක් වත් හම්බ උනොත් එහෙම ඒ පෙට්ටියෙන්. ඇයි ඉතින් මම මොනව කිව්වත් අනිත් අය ගන්නෙ පෙට්ටියෙ අඳුනන කෙනාගේ පැත්තනේ.

මොනවා කරන්නද? ඒ ඉතින් සමාජෙ හැටි. මොන වරදක් කලත් තමන් අඳුනන කෙනෙක්නම්, එයා හරි, අනිත් එක්කෙනා තමයි වැරදි. ඒක ලංකාවෙ හැටියක්නෙ.

එදායි පස්සෙනම් ඒ පෙටිටිය දිහා හැරිලවත් බැලුවෙ නෑ. අපෝ මහ එපා කරපු පෙට්ටියක්. ඔයාලත් කොළඹින් 5.10 පුත්තලම් කොච්චියේ යනවනම්, පිටිපස්සෙ ඉඳන් 2 වෙනි පෙට්ටියෙ යන්න එපා. මහ එපා කරපු පෙටිටියක්.

ඔන්න ඕකයි කතාව..

තව කතා ගොඩාක් තියනව යද්දි , එද්දි උන, පසුවට ගෙන එන්නම් ඔබ වෙතට.

ජය වේවා..
~~ඉතිරි ටිකත් කියවන්න..

Saturday, July 3, 2010

ඔබගේ දුරකතනය නැති වී තිබෙනවාද?

ම අද ලිපියක් ලියන්න නෙමේ උන්නෙ. ඒත් මට උන පොඩි සිද්දියක් නිසා මම මේ ලිපිය ලියන්න හිතුවෙ..  /floor

අද මගෙ පෞද්ගලික දුරකතනයට කවුරු හරි ගේමක් දීලා, දැන් ෆොන් එක නෑ. කවුරු ඉස්සුවද දන්නෙ නෑ. මම ගමනක් යනකොට තමයි මේ සිද්දිය උනේ. ආපහු එනකල් දන්නෙ නෑ ෆොන් එක නැති වෙලා කියල. ඉතින් මම හිතුව ෆොන් එකක් නැති උනාම කරන්න ඕන දේ ඔයාලටත් ටිකක් හරි වැදගත් වෙයි කියල. ඒකයි මේ ලිපිය ලියන්න හිතුවෙ.

මේ ක්‍රියාමාර්ගය ශ්‍රීලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් තමයි අරන් තියෙන්නෙ. ඔබගේ වටිනා දුරකතනයක් නැති උවහොත්, මේ ක්‍රියාමාර්ගය ගන්න.








තවත් දෙයක් තියනවා කියන්න. ඕනෑම දුරකතනයක තියනවා IMEI කියල අංකයක්. ඒ අංකෙ තියනවනම් ඔයාලට පහසුවෙන් නැතිඋන ෆෝන් එකක් හොයාගන්න පුලුවන්, මොකද ෆෝන් එකේ සිම් පත මාරු කලත් IMEI අoකය වෙනස් වෙන්නෙ නැති නිසා, වෙන සිම් පතක් ඇතුලත් කර කතා කිරිමේදී ෆෝන් එක තියන තැන හොයාගැනීමට හැකි නිසා. ඔබත් අදම ඔබගේ IMEI  අංකය සොයාගෙන කොහේ හෝ සඳහන් කර තබාගන්නවානම් වඩාත් හොඳයි..

*#06# මගින් ඔබට එම අංකය ලබාගත හැකියි. එය ඉලක්කම් 15 කින් යුත් අංකයකි. 
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION