තවත් එක් සත්‍ය කතාවක් |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Tuesday, May 11, 2010

තවත් එක් සත්‍ය කතාවක්

මේ දවස්වල අපිට විභාගෙ තිබුන නිසා ගොඩාක් ස්ට්‍රෙස් එකේ උන්නෙ. හැමෝම එහෙමනෙ. විභාගෙ කල් යනවනම් හැමෝම කැමතියි, මට දැනෙන විදියට. කීප දෙනෙක් ඇරෙන්න. ඔයාලටත් ඒ අත්දැකීම ඇතිනෙ? විභාගෙට කලින් දාට හිතෙන්නෙ , අනේ හෙට විභාගෙ අනිද්දට  කල් යනවනම් කොයි තරම් හොඳඳ කියල නේද?

ඉතින් ඔය ඉන්න අතරෙ, දන්නවනෙ සමහරු ඉන්නවා යාලුවො, සෙට් උනාම කතන්දර කිය කිය ඉන්න, ඉතින් ඔය විභාගෙකට සම්බන්ද කතාවක් තමයි මේක. මම කියන්නම් දැන් ඒ කතාව. ඔන්න අහගන්න,


හැමෝම කැමති දවස ව්නෝදයෙන් ගත කරන්නනෙ. පාර්ටි වලට යන්න හැමෝම කැමතියි. ඉතින් මම කියන්න යන්නෙ යාලුවො 4 දෙනෙක් ගැන.

දවසක් මේ යාලුවො 4 දෙනා, පාර්ටි එකකට ගිහින්. නටලා, කාල බීල හොඳටම විනෝද වෙන්න. ඉතින් ඒත් මේ 4 දෙනාට පහුවෙනිදට කැම්පස් එකේ විභාගෙ. මොනවත්ම බලල තිබිල නෑ. ඉතින් ආපහු වේලස්සන, නවාතැනට ගිහින් පාඩම් කරන්න කියල හිතන් උන්න මේ යාලුවො ටිකට, දන්නෙම නැතුව, පාර්ටි එකට හිත ඇදිල ගිහින් ගෙදර එන වෙලාව වෙනකොට උදෙත් වෙලා.

දැන් මොනව කරන්නද? ගිහින් විභාගෙ ලියන්න කියලද, ඇයි මොනවත්ම දන්නෙ නෑනෙ. ඉතින් මේ කට්ටිය කල්පනා කෙරුවලු මේකට මොකක්ද කරන්නෙ කියල. එක යාලුවෙක්ට ආවලු අදහසක්.
"අපි දැන් හොඳටම ඇඳුම් ටික කිලිටි කරගෙන ඩීන් සර් ලඟට යමු",කියල ඒ යාලුව කිව්වලු.


ඉතින් කට්ටියම එහෙමම ගියාලු ඩින් සර් ගාවට ඇඳුම් ටිකත් කිලිටි කරගෙන. ගිහින් කිව්වලු,
"සර්, අපි ඊයෙ යාලුවෙක්ගෙ ගෙදර වෙඩින් එකකට ගිහින් එදිදි කාර් එකේ ටයර් එක ගියා, දැන් තමයි කාර් එක හදාගෙන එන්නෙ. ඉතින් සර් අපි මෙහෙම කිලිටි ඇඳුම් ඇඳගෙන විභාගෙ ලියන්නෙ කොහොමද?"


කියල. ඉතින් සර් කල්පනා කරන කිව්වලු ඔයාල 4 දෙනාට විතරක් එහෙනම් විශේෂ විභාගයක් තියන්නම්, දවස් 3කට පස්සෙ කියල. ඉතින් යාලුවොත් එකඟ උනාලු.
කට්ටියගෙ වැඩේ සාර්ථක උනානෙ. යාලුවො 4 දෙනාට ගොඩාක් සතුටුලු. ඉතින් කට්ටිය නවාතැනට ගිහින් දවස් 3ම හොඳට පාඩම් කෙරුවලු  A+ එකක් විභාගෙට අරගන්න.

ඉතින් විභාගෙ තියන දවස ආව දවස් 3කට පස්සෙ. කට්ටියම සතුටින් විභාගෙට ගියා.
විභාග ශාලාවෙදි සර් කිව්වලු, "ඔයාලට විශේෂ විභාගයක් තියෙන්නෙ, ඒක නිසා 4 දෙනාව ශාලා 4කට දාල තමයි විභාගෙට උත්තර ලියන්න දෙන්න වෙන්නෙ"කියල.

කට්ටියම එකඟ උනාලු, මොකද බය වෙන්න දෙයක් නෑනෙ, කොපි කරන්න ඕනත් නෑ, පාඩම් කරලනෙ ආවෙ. ඉතින් 4 දෙනාව ශාලා 4කට දාල පේපර්ස් දුන්නලු.



කට්ටියම පේපර්ස් අරගෙන ලියන්න බලනකොට, පේපර් එකේ ප්‍රශ්න 2යි ලු තියෙන්නෙ.

1) ඔබගේ නම කුමක්ද? (ලකුනු 2)

2)කාර් එකේ පිපිරුනේ මොන ටයරයද?
   a)ඉදිරි දකුනුපස
   b)ඉදිරි වම්පස
   c)පසුපස දකුනුපස
   d)පසුපස වම්පස           (ලකුනු 98)




ඉතින් ඔන්න ඕක තමයි කතාව. මේ කතාව කියපු ගුරා නම් කිව්වෙ මේක ඇත්තටම සිදු උන සිද්දියක් කියල. ඒත් මමනම් හරියටම දන්නෙ නෑ හොඳද?

ඉතින් අපිට මේකෙන් ගන්න තියන පාඩම මොකක්ද?

හොර බොරු වැඩ නොකර ඉන්න කියන එකද? එහෙම ආදර්ශයකුත් හොඳයි.

ඒත් මටනම් හිතෙන්නෙ , අපි මොකක් හරි අපිට විශේෂ කාර්යක් සැලසුම් කරනකොට, වෙන්න පුලුවන් හැම පැත්ත ගැනම හොඳට හිතල බලල තමයි තීරන ගන්න ඕන.දෙයක් සිද්ද උනාට පස්සෙ ආපස්සට ගන්න බෑනෙ. ඉතින් දෙයක් වෙන්න කලින් වෙන්න පුලුවන් අකරතැබ්බ මොනවද කියල හොඳට කල්පනා කරල තීරන ගන්න. ඔයාලටත් වැඩිය කල්පනා කරන්නෙ නැතිව අරගත්තු තීරන නිසා දුක් වෙන්න උන අවස්තාවල් එමට ඇති. මටත් එහෙමයි.

ඉතින් ඔන්න ඔහොමයි සිද්දිය... කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.




සුභ දවසක් හැමෝටම.

2 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

sachi said...

ම්හ්...මරැ කතාව සුපුන් .කථාව කියවද්දි හිනා ගියත් මේ කතාවෙන් ගන්න තියන ආදර්ශය නම් ගොඩක් හොද දෙයක්. ඔව් ඇත්ත අපි යම් තීරණයක් ගද්දි බුද්ධියෙන් වගේම ඒ තීරණය ගත්තට පස්සේ සිද්ධ වෙන දේවල් පිළිබද හොද අවබෝධයකින් ගන්න තීරණයක් ගන්න ඔනා.
එක කෝකටත් හොදයි...පේනවානේ මේ ළමයි 04 දෙනාට වුන වින්නැහිය....

Unknown said...

Ahhhhhh Ubata exam kiyala aranchi! Ela ela.Dan training yanawalu neda. elazzzzzzzzzzz

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION