රන්සුර..: 2010.05

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Wednesday, May 19, 2010

සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ....



ගොඩක් කාලෙකින් මොනව හරි ලියන්න කියල හිතුනත්, හිතට කිසිම අදහසක් එන්නෙ නැහැ. ඒ මොකද දන්නෙ නෑ. ඉතින් මම මේ ගැන කල්පනා කර කර ඉන්නකොට සින්දුවක් ඇහුන, ඒ සින්දුවට හිත ටිකක් ඇදිල ගියා. ඉතින් ඒ සින්දුව ඔයාලටත් අහන්න දාන්න ඕනා කියල හිතුනා. රස විඳලම බලන්නකො..

ඔයාලත් කැමතිනම්
ප්‍රතිචාරයක් දාල යන්න..
~~ඉතිරි ටිකත් කියවන්න..

Tuesday, May 11, 2010

තවත් එක් සත්‍ය කතාවක්

මේ දවස්වල අපිට විභාගෙ තිබුන නිසා ගොඩාක් ස්ට්‍රෙස් එකේ උන්නෙ. හැමෝම එහෙමනෙ. විභාගෙ කල් යනවනම් හැමෝම කැමතියි, මට දැනෙන විදියට. කීප දෙනෙක් ඇරෙන්න. ඔයාලටත් ඒ අත්දැකීම ඇතිනෙ? විභාගෙට කලින් දාට හිතෙන්නෙ , අනේ හෙට විභාගෙ අනිද්දට  කල් යනවනම් කොයි තරම් හොඳඳ කියල නේද?

ඉතින් ඔය ඉන්න අතරෙ, දන්නවනෙ සමහරු ඉන්නවා යාලුවො, සෙට් උනාම කතන්දර කිය කිය ඉන්න, ඉතින් ඔය විභාගෙකට සම්බන්ද කතාවක් තමයි මේක. මම කියන්නම් දැන් ඒ කතාව. ඔන්න අහගන්න,


හැමෝම කැමති දවස ව්නෝදයෙන් ගත කරන්නනෙ. පාර්ටි වලට යන්න හැමෝම කැමතියි. ඉතින් මම කියන්න යන්නෙ යාලුවො 4 දෙනෙක් ගැන.

දවසක් මේ යාලුවො 4 දෙනා, පාර්ටි එකකට ගිහින්. නටලා, කාල බීල හොඳටම විනෝද වෙන්න. ඉතින් ඒත් මේ 4 දෙනාට පහුවෙනිදට කැම්පස් එකේ විභාගෙ. මොනවත්ම බලල තිබිල නෑ. ඉතින් ආපහු වේලස්සන, නවාතැනට ගිහින් පාඩම් කරන්න කියල හිතන් උන්න මේ යාලුවො ටිකට, දන්නෙම නැතුව, පාර්ටි එකට හිත ඇදිල ගිහින් ගෙදර එන වෙලාව වෙනකොට උදෙත් වෙලා.

දැන් මොනව කරන්නද? ගිහින් විභාගෙ ලියන්න කියලද, ඇයි මොනවත්ම දන්නෙ නෑනෙ. ඉතින් මේ කට්ටිය කල්පනා කෙරුවලු මේකට මොකක්ද කරන්නෙ කියල. එක යාලුවෙක්ට ආවලු අදහසක්.
"අපි දැන් හොඳටම ඇඳුම් ටික කිලිටි කරගෙන ඩීන් සර් ලඟට යමු",කියල ඒ යාලුව කිව්වලු.


ඉතින් කට්ටියම එහෙමම ගියාලු ඩින් සර් ගාවට ඇඳුම් ටිකත් කිලිටි කරගෙන. ගිහින් කිව්වලු,
"සර්, අපි ඊයෙ යාලුවෙක්ගෙ ගෙදර වෙඩින් එකකට ගිහින් එදිදි කාර් එකේ ටයර් එක ගියා, දැන් තමයි කාර් එක හදාගෙන එන්නෙ. ඉතින් සර් අපි මෙහෙම කිලිටි ඇඳුම් ඇඳගෙන විභාගෙ ලියන්නෙ කොහොමද?"


කියල. ඉතින් සර් කල්පනා කරන කිව්වලු ඔයාල 4 දෙනාට විතරක් එහෙනම් විශේෂ විභාගයක් තියන්නම්, දවස් 3කට පස්සෙ කියල. ඉතින් යාලුවොත් එකඟ උනාලු.
කට්ටියගෙ වැඩේ සාර්ථක උනානෙ. යාලුවො 4 දෙනාට ගොඩාක් සතුටුලු. ඉතින් කට්ටිය නවාතැනට ගිහින් දවස් 3ම හොඳට පාඩම් කෙරුවලු  A+ එකක් විභාගෙට අරගන්න.

ඉතින් විභාගෙ තියන දවස ආව දවස් 3කට පස්සෙ. කට්ටියම සතුටින් විභාගෙට ගියා.
විභාග ශාලාවෙදි සර් කිව්වලු, "ඔයාලට විශේෂ විභාගයක් තියෙන්නෙ, ඒක නිසා 4 දෙනාව ශාලා 4කට දාල තමයි විභාගෙට උත්තර ලියන්න දෙන්න වෙන්නෙ"කියල.

කට්ටියම එකඟ උනාලු, මොකද බය වෙන්න දෙයක් නෑනෙ, කොපි කරන්න ඕනත් නෑ, පාඩම් කරලනෙ ආවෙ. ඉතින් 4 දෙනාව ශාලා 4කට දාල පේපර්ස් දුන්නලු.



කට්ටියම පේපර්ස් අරගෙන ලියන්න බලනකොට, පේපර් එකේ ප්‍රශ්න 2යි ලු තියෙන්නෙ.

1) ඔබගේ නම කුමක්ද? (ලකුනු 2)

2)කාර් එකේ පිපිරුනේ මොන ටයරයද?
   a)ඉදිරි දකුනුපස
   b)ඉදිරි වම්පස
   c)පසුපස දකුනුපස
   d)පසුපස වම්පස           (ලකුනු 98)




ඉතින් ඔන්න ඕක තමයි කතාව. මේ කතාව කියපු ගුරා නම් කිව්වෙ මේක ඇත්තටම සිදු උන සිද්දියක් කියල. ඒත් මමනම් හරියටම දන්නෙ නෑ හොඳද?

ඉතින් අපිට මේකෙන් ගන්න තියන පාඩම මොකක්ද?

හොර බොරු වැඩ නොකර ඉන්න කියන එකද? එහෙම ආදර්ශයකුත් හොඳයි.

ඒත් මටනම් හිතෙන්නෙ , අපි මොකක් හරි අපිට විශේෂ කාර්යක් සැලසුම් කරනකොට, වෙන්න පුලුවන් හැම පැත්ත ගැනම හොඳට හිතල බලල තමයි තීරන ගන්න ඕන.දෙයක් සිද්ද උනාට පස්සෙ ආපස්සට ගන්න බෑනෙ. ඉතින් දෙයක් වෙන්න කලින් වෙන්න පුලුවන් අකරතැබ්බ මොනවද කියල හොඳට කල්පනා කරල තීරන ගන්න. ඔයාලටත් වැඩිය කල්පනා කරන්නෙ නැතිව අරගත්තු තීරන නිසා දුක් වෙන්න උන අවස්තාවල් එමට ඇති. මටත් එහෙමයි.

ඉතින් ඔන්න ඔහොමයි සිද්දිය... කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.




සුභ දවසක් හැමෝටම.
~~ඉතිරි ටිකත් කියවන්න..

Dear John Vs The Last Song



අද බොහොම නිදහස් දවසක්. මොකද කියල කියනවනම් අද තමයි සෙමෙස්ටර් එකේ අන්තිම විභාගෙ ඉවර උනේ.හිතට මාර නිදහසක්.

ඉස්සර අලුතින් එන එක ෆිල්ම් එකක්වත් මග අරින්නෙ නෑ මම. ඒත් මේ දවස් වල තිබුන කාර්යබහුල කම නිසා බලන්න බැරි උනා කාලෙකින් ෆිල්ම් එකක්.
ඉතින් අද කාමරේට ඇවිත් ඉන්නකොට තමයි මතක් උනේ දැන් ටික කාලෙකට කලින් බාපු ෆිල්ම් එකක් තිබුනනෙ හාඩ් එකේ කියල. ඉතින් ඒ ෆිල්ම් එක හොයන්න යනකොට හම්බ උනා තව ෆිල්ම් එකක්. ඉතින් ඒ ෆිල්ම් දෙක තමයි DEAR JOHN සහ THE LAST SONG. ගොඩාක්ම කැමති  Romantic  ෆිල්ම්ස් වලට නිසා මටත් හරිම කික් එකක් ආව මේ ෆිල්ම්ස් දෙකම බලනව කියල. ඉතින් මුලින්ම කියන්න යන්නෙ  DEAR JOHN  ගැන.


මේ ෆිල්ම් එක ගැන කියනවනම් ඉතාමත්ම හැඟීම්බර ෆිල්ම් එකක්. ආදර වන්තයින් දෙන්නෙක් ගැන. හදිස්සියෙන්ම හමුවෙන මොවුන් සති 2 යනකොට දෙන්නට දෙන්න, නැතුව ඉන්න බැරි තරමටම ආදරවන්තයින් වෙලා. කොල්ලගෙ නම තමයි, ජොන්. කෙල්ලගෙ නම අමන්දා. කොල්ලා එස්.එෆ් එකේ වඩ කරන්නෙ. කෙල්ල ඉගෙන ගන්නව. ඉතින් ඔය දෙන්නගෙ ආදර කතාවට මොකද වෙන්නෙ? බලන්නම ඕන කතාවක් තමයි.
ජොන් , ආමි එකේ ඉන්නකොට තමයි සේරම දේවල් වෙන්නෙ. කොහොම හරි අමන්දා, ජොන් නැතිව මාස ගනනක් දුක් වෙවී ඉන්නව. අන්තිමට මොකක් හරි හේතුවක් නිසා, දෙන්නගෙ බැඳීම නැති වෙනව. ඒත් දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි.
ඔය අතරෙ ගොඩාක් දේවල් දෙන්නගෙම ජීවිත අතරට එනව. ජොන් ආපහු ගෙදර එන්නෙ අවුරුදු 5 කට පස්සෙ.
ඇවිත් අමන්දාව දකිනකොට, ඇයගෙ ජීවිතේ මොන තරම් වෙනස් වෙලාද, ජොන්ට තිබුන ආදරෙට මොකද උනේ කියල මම කියන එක හරි නැහැ, මොකද සමහරවිට ඔයාල ෆිල්ම් එක බලල නැතිව තියෙන්න පුලුවන්නෙ.
ඒක නිසා මේ ෆිල්ම් එක බාලම බලන්න. වරද්දන්න එපා, හැඟීම්බර, ආදරය, දුක, ජීවිතය මුසු උන ෆිල්ම් එකක් මේක.

උඩ තියන පෙර දසුන බලල මෙතනින් බාගන්න DEAR JOHN







The Last Song ගැනත් කියන්න ඕනා. මොකද ආදරවන්තයින්ට ගැලපෙන ෆිල්ම් එකක් තමයි මේක. මට මේකෙ හම්බ උන කොපිය හොඳ එකක් නෙමෙයි. ඒක නිසා හොඳ කොපියක් හම්බ උන ගමන්ම දාන්නම්.

මේකත් අනිවාර්යෙන්ම බලන්න. මොකක්ද වැඩියෙන්ම හොඳ? ඔයාලම තීරනය කරන්න. මටනම් දෙකම සුපර්බ්.

ජය වේවා..
~~ඉතිරි ටිකත් කියවන්න..

Friday, May 7, 2010

සුදු ගවුමෙ ඇයි නංගි මඩ ගෑවුනේ......



                                                                         ලඟදි අහපු සින්දුවක්. සංගීතය, තනුව, පද රචනය හොඳින් කරල තියනව මට දැනෙන විදියට. තරමක හොඳ සින්දුවක් කියල හිතනව ඔයාලටත් මේක.

 මම මේ සින්දුව ගැන කතා කරන්න යන්නෙ මේ සින්දුවයි, විෂුවල් එකයි, දකිද්දි මට යම්කිසි  දෙයක් ඔලුවට ආවා. ඒ කියන්නෙ මේ සින්දුවෙ තේරුම, මොකක්ද කියන එක. පොඩ්ඩක් අහල බලල වීඩියෝ එකත් එක්ක, මොන වගේ තේරුමක්ද එන්නෙ කියල හිතල බලන්න, සින්දු වලට කැමති අය.

සමහර අය මේ ලිපිය බලල සමහරවිට මට බනී, කිසි වැදගත් නැති දෙයක් දාල කියල.
විවේචන කාටත් දාන්න පුලුවන්. මම මේ සින්දුව ප්‍රොමොට් කරන්න එහෙම හදනව නෙමෙයි ඔන්න. නිකමට හිතුන අදහසක්.
වැරදියට හිතන්න එපා.

මේ කාලෙ ගෑනු ලමයි ගැන කතා කරන්න කොඉ තරම් දේවල් තියනවද? නොයෙක් විදියෙ ගෑනු ළමයි ඉන්නව. ඔයාල දන්නව ඇති මටත් වඩා හොඳට. මොකද මම ඒ ගැන ඈ තරම් දන්නෙ නැති නිසා. කොහොම උනත් මම මේ සින්දුව  අහනකොට කල්පනා උන දෙයක්.


සුදු ගවුම- චරිතය
මඩ-පැල්ලම්
බොර ගං දිය-විසේ කාරකම
ගං දෑල-සමාජය
මල්-අශාවන්

තමුන්ගෙ අදහස් තමුන්ට ආවේනිකයිනෙ. ඉතින් මට හිතුන දෙයක්. සමහරවිට, මේ සින්දුවට ආස කරන අයගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ.


ඔයාලටත් මේ ගැන කියන්න, අදහසක් දෙන්න තියනවනම් කමෙන්ට් එකක් දාලම යන්න.



ජය වේවා....



~~ඉතිරි ටිකත් කියවන්න..

Tuesday, May 4, 2010

"ජීවිතේ...." මොකක්ද මේකෙ තේරුම....


                                        ගොඩ කාලෙකින් ලියන්න බැරි උනා මොනවත්. ඒක නිසා අද මොනව හරි ලියන්න හිතුවෙ, ලියන්න දේවල් නම් ගොඩාක් තියනව. ඒත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා උන්න නිසා හිත ටිකක් විතර නොසන්සුන්.

මට හිතුන අද මගෙ හිතට දැනුන දේවල් ටිකක් ඔයාලට කියන්න. මොකද අද මට දැනුන හැඟීම හරිම වෙනස් දෙයක්.


*අපේ ජීවිතේ අර්ථය මොකක්ද?
*අපි කොයි තරම් කල් ජීවත් වෙනවද?
*ජීවත් වෙන කාල සීමාව තුල අපි ලබාගන්න ඕනා දේවල් මොනවද?
*අපිට උවමනා දේවල් ලබාගන්න බැරි උනාම අපිට දැනෙන විදිය?
*අනිත් අයට කරදරයක්, උදවුවක් ඕන උනාම අපි කරන්නෙ මොනවද?
*අපේ ජීවිත කාලය තුල අපෙන් වැරදි සිද්ද උන අය කොයි තරම් ඉන්නවද?


ඇත්තටම අපිට අපි කරපු වැරදි වලට දඬුවම් ලැබෙනවද?
ජීවත් වෙන්නෙ අවුරුදු කීපයයයි.

ඇත්තටම අපි මේ කරන්නෙ මොනවද?

ගොඩාක් අය කරන්නෙ, ඉගෙන ගන්නව, ජොබ් එකක් කරනව, පවුල් ජීවිතයක් ගත කරනව. ඊට එහා දෙයක් ගැන හිතන්නවත් සමහරු උත්සාහ කරන්නෙ නැහැ. ඒකට හේතුව මොකක්ද? සල්ලි හම්බ කරන්න නේද හැමෝම බලන්නෙ ඉක්මනට. සමහරු හොඳින්, සමහරු නරකින්.


අපේ රටේ ගොඩාක් මනුස්සයිගෙ මතය තමයි, ඉගෙන ගත්තෙ නැත්තන්, ජීවත් වෙන්න අමාරුයි, එතනින් එහාට මාර්ග අඩුයි ජීවිතය ඉස්සරහට අරගෙන යන්න කියන එක. ඒක ගොඩක් දෙමවුපියන්ගෙ මතය. ඔයලගෙ දෙමවුපියොත් කැමති තමුන්ගෙ දරුව හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යනවට. ඒත් සමහර දෙමවුපියො මම දැකල තියනව, ළමයින්ට බලෙන් උගන්වනව. තමුන්ගෙ අශාව ඉෂ්ට කර ගන්න.

ඒ ඇයි?

අපි අනිත් අයගෙ හැඟීම් කොහොමද කියල හිතන්නෙ නැහැ,
"අපිට මොකද අනිත් අයට මොනව උනත්?"
 එහෙම හිතන අය ඉන්නව ගොඩාක් මේ ලෝකෙ. වැඩිම පිරිසක් එහෙම අය.


පොඩ්ඩක් හිතල බලන්න ඔයාලත් මේ ගැන. තමුන්ට කරදයක් ඇති උන වෙලාවට දැනෙන හැඟීම මොන වගේද, ඒ වගේ හැඟීමක් තමයි, අනිත් අයටත් ප්‍රශ්නයක් උනාම දැනෙන්නෙ. කවදාවත් ඒ දාල යන්න හදන්න එපා. ඒ වගේ දෙයක් සමහර අයට දරා  ගන්න අමාරුයි.

ඉතින් අපිත් කවද හරි ලොකු මිනිස්සු වෙයි. ඒ උනාට, දුප්පත් මිනිහටත්, පෝසත් මිනිහටත්, ප්‍රශ්න තියන මිනිහටත්, සතුටින් ඉන්න මිනිහටත් මේ ලෝකෙ ජීවත් වෙන්න තියෙන්නෙ ටික කාලයයි. ඒක නිසා අපි හැමෝම  අනිත් අයට උදව් කරගෙන ජීවත් වෙන්න ඕන නේද?

නීතියට වැඩ කරන සමහර මිනුස්සයො ඉන්නව, මනුස්ස කම ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැති. ඇයි ඒ? තමුන්ගෙ වර්ගය ගැන බලන්නෙ නැති ඒ අය අයිති වෙන්නෙ මොන වර්ගයටද?



පොඩ්ඩක් හිතල බලන්න තනියම , නිදාගන්න යනකොට, ඔයාලගෙ ජීවිත ගැනත්....

හැම දේම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව මම.. හද පතුලින්ම....

අපේ ජීවිත වලට දුක, සැප, කරදර, වේදනා එනව, යනව, ඒක තමයි ජීවිතේ. ලැබෙන්න තියන දේවල් ලැබෙනව, නොලැබෙන දේවල් ගොඩායි. ඒත් දුක් වෙන්නෙ මොකටද?  එවාට බියවෙලා පලායන්න එපා,

ඒවට නොසැලී මූන දෙන්න. ධනාත්මකව සිතන්න, අපිට නැති උන දේවල් ගැන සිතන්න එපා. ඉදිරියට ලබාගන්න තියන දේවල් ගැන හිතන්න.

කිසිම දාක, තමුන්ගෙ සිතට තමුන්ව පාලනය කරන්න දෙන්න එපා, තමුන් සිත පාලනය කරන්න.

එයයි ජීවිතයේ සැබෑ අර්ථය..




සදා ජය..
~~ඉතිරි ටිකත් කියවන්න..

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION