රෙද්ද.... |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Sunday, September 5, 2010

රෙද්ද....

මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.

මේකයි කතන්දරේ.. /hihi

දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.

ඉතින් හදිස්සියෙම ඉස්පිරිතාලෙ නතර කරපු මේ කාන්තාවට, ඉස්පිරිතාලෙට යනකොට නවතින්න රෙද්දක්වත් අරන් යන්න බැරි වෙලා, මොකද හදිස්සියෙම ගිහින් තියෙන නිසා, ඉතින් මේ කොල්ලො දෙන්න(අයියයි, මල්ලියි )අම්මගෙ ඇඳුමකුත් අරන් ගියාලු, බලන්න ඉස්පිරිතාලෙට,

ඉතින් ඔහොම යනකොට බස් එකෙ සෙනග පිරිලලු, ඉතින් දෙන්නගෙන් අයිය පිටිපස්සෙ, මල්ලි ඉස්සරහ, බුස් එක ඇතුලෙ.ඔය යන අතරෙ බස් එක පොලොසියෙන නතර කරල, මොකද ඉතින් ඒ කාලෙ බෝම්බ ගහන කාලෙ, හැමෝවම චෙක් කරනව. ඉතින් බස් එක නවත්තල පෝලිමට කස්ටියව තියල චෙcක් කරනවලු. දැන් මල්ලිට පිටිපස්සෙන් අයිය යනවලු පෝලිමෙ.

පොලිසි කාරයෙක් ඇහුවලු මල්ලිගෙන් කොහෙද යන්නෙ කියල, ඉතින් මූ භය වෙලා කියාගන්න බැහැලු යන්නෙ ඉස්පිරිතාලෙට කියල, ඉතින් පිටිපස්සෙන් උන්න මූගෙ අයිය කියල, ඉස්පිරිතාලෙට කියල. ඒ ගමන පොලිස් කාරයට තද වෙලා උම්බෙන්ද ඇහුවෙ, ඇයි උම්බ අයියද, කියල ඇහුවලු.
 ඊට පස්සෙ අරූ කිව්වලු, ඔව් ඇයි අයිය තමා කියල. ඒට පස්සෙ පොලිස් කාරය මූ ලඟට ඇවිත් කකුලෙ ඉඳන් මූනට වෙනකල් බලල ඇහුවලු සැරෙන් මොකද පාට් දාන්නෙ, තමුසෙගෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ කියල.

ඉතින් කොල්ල කියල, "_ _ _ _ රෙද්ද"කියල. /blur
කොල්ල එතනම හොඳ ගුටියක් කාපු බව තමයි ආරන්චි..

5 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

ආදර කතාව said...

හික්ස්. පට්ට :e :f

Anonymous said...

මේක ඇත්ත කතාවක් නම් මේකට හිනාවෙන්න පුළුවන්ද බං?

dinesh said...

හික්,හික්...පට්ට කතාව.

තීර්ථ යාත්‍රිකයා said...

මේක ඇත්ත කතාවක් නම් මේකට හිනා වෙන්න බැහැ මටනම්.පුදුම අනුකම්පාවක් ඇතිවෙන්නේ අර ළමයි දෙන්නා ගැන.අම්මා ඉස්පිරිතාලේ.ඒ කරදරේ හිතේ දරාගෙන යන‍කොට නිරපරාදෙ පොලිසියෙනුත් ගුටිකන්න උනාම.......

රන් said...

මචන්, කතාව ඇත්ත නෙමේනම් එතන කතාවක් නෑනෙ.. ඒත් මේක සත්‍ය කතාවක් නෙමේ වෙන්න ඇති. මොකද, ඇත්තයි, සත්‍යයි අතර වෙනවක් තියනවනෙ....

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION