හරිම පුදුමයි. ගුප්තයි.. 2 |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Tuesday, August 24, 2010

හරිම පුදුමයි. ගුප්තයි.. 2

ම කලින් පෝස්ට් එකක් ලිව්වා, ළමයෙක්ට, නයෙක් වැහුන සිද්දියක්, ඒ පෝස්ට් එකට සමහරු නරක බැනලත් තිබුන බොරු කියන්න එපා කියල, ඒත් ඒ සිද්දිය ඔයාල දන්නව, වෙන්නප්පුව පැත්තට වෙන්න ඉන්නවනම්. ඒත් මමනම් දන්නෙ නෑ, සම්පූර්න විශ්වාසයකුත් නෑ, ඒ ගැන. මම ඔයාලගේ දැනගැනීම පිනිසයි මේ ලිපිය ලියන්නේ, ඒක නිසා මට දොස් කියල වැඩක් නෑ හොඳද? /blur

ඉතින් කතාවේ අලුත්ම තොරතුරු, කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න.
 කෙටියෙන් වෙලා තියෙන්නෙ, නයෙක් කන්න යනකොට, නයාව මරල කෙනෙක්, ඒ දිහා බලන් ඉඳල තියන පුතාට (නයාව මරපු කෙනාගෙ ) නයා වැහිලලු. ඕකයි කෙටියෙන් කතාව.

ඉතින් දැන් ඒ ළමය කියපු විදියට, නයා වෙනුවෙන්, දේවාලයක් හදලලු.  ඒ නයා, ගොඩ කාලෙක ඉඳන් එන නාග රාජයෙක් නිසා, බලසම්පන්නයි කියල තමයි ගම්මු කියන්නෙ. සාමාන්‍යයෙන් නාග රාජයන්ගෙ නාග මාණික්‍යක් තියනවලු, ඉතින් නාගය කෑම හොයාගෙන යන්න කලින්, ඒ මාණික්‍ය වමාරල හැපින්නට දෙනවලු. ඊට පස්සෙ හැපින්න මාණික්‍ය ගිලල, නයා කෑම කාල ආවාම ආයෙත් මාණික්‍ය වමාරල නයාට දෙනවලු. (මමත් මේ සිද්දිය දැනගත්තෙ මේ කතාවෙන් පස්සෙ. ඒත් ඇත්ත නැත්ත දන්නෙ නෑ). ඉතින් මේ නයාව මරල තියෙන්නේ, නයා කන්න ගිය වෙලාවෙ, ඒ කියන්නෙ මාණික්‍ය හැපින්න ගාව තියෙද්දිලු. දැන් හැපින්නට ඒ මාණික්‍ය නයාට දීගන්න බැරිව ඉන්නව කියල තමයි ආරන්චිය. පිට පලාත්වලින් පවා එනවලු මේ නයා වැහිල ඉන්න ළමය බලන්න. රෑට ලමය සද්ද කරනවලු නයෙක් විදියට, එතකොට හැපින්න එහා පැත්තෙ වෙලේ ඉඳන් සද්ද දානවලු, මානික්‍ය ආපහු නයාට දීගන්න බැරිව.
මේ කාලෙ තමයි මුන්නෙශ්වරම් කෝවිලේ මංගල්ලෙ. ඉතින් මේ ඕකෙදි චාරිත්‍ර කරනවලු, කරත්තයක් අදිනවලු, කොකු වලින් එල්ලෙනවලු මිනිස්සු, ඉතින් මෙදා පාර ඒ අදින්න තියන කරත්තෙ, තියන තැනින් හොල්ලන්නවත් බැරිව ගියා කියලයි වාර්තා වෙන්නෙ, තව වෙනදට කොකු වලින් එල්ලෙද්දි ලේ එන්නෙ නෑලු, මෙදා පාර ලේ ආවලු, මොකද ගම්මු කියන්නේ, මේ නයාගෙ සිද්දිය නිසා, දෙවිවරු හැමොම මේ ලමයගෙ ගෙදරට ඇවිත් ඉන්නෙ කියලයි. ඒත් මේක ඔය එක එක බිස්නස් කාරයන්ගේ වැඩද දන්නෙත් නැහැ කියල තමයි සමහරු කියන්නෙ.

ඉතින් ගොඩාක් මිනිස්සු යනව මේ ලමයව බලන්න, මස් , මාලු කාල ගියහම, ලමය පයින් ගහන්න එනව කියල තමයි ගිය අය කියන්නේ. සමහරු කියනව, ඒක ඇත්තක් කියල, සමහරු සත 5 කට විශ්වාසකරන්නේ නැහැ, කියනව මානසික වෙනස්වීමක් කියල, ඔය අතරෙ තවත් සමහරු ඉන්නව ෆිෆ්ටි, ෆිෆ්ටි (50%) මැදුම් පිලිවතින්. අනේ මන්දා.

ඔය කතාව අහපු එක ලමයෙක් කිව්වා, නයි කාටවත් කරදරයක් කරන්නේ නෑ කියල, නයාට ආදරෙන් කතා කලාම නයා යනව කියල, ඕක අහගෙන හිටපු කෙනෙක් කිව්වා නයින්ට හොඳින් කිව්වට මොනවත් නයි උපතින්ම බීරි, ඉතින් කොහොමද යන්නෙ කියල. ඔය නයි නටන්වන අයගෙත්, නලා සද්දෙට නෙමේනෙ නයා නටන්නෙ, නයා හදන්නෙ නලාවට දස්ට කරන්න, නලාව එහෙ මෙහෙ යද්දි. 

ඔන්න ඕකයි දැනට අලුත්ම තොරතුර. ඉදිරියට මෙක බොරුවක් වේද, ඇත්තක් වේද කියල බලාපොරොත්තුවෙන් ඉමු. මොකද මමනම් යන්නෙ නෑ ඔය දේ බලන්න. ඇත්තම කිව්වොත් ඔය වගේ දේවල් වලට ටිකක් හරි බයක් තියනව මගෙ ඇත්ත උනත් බොරු උනත් මොනව උනත්.

පසුව හමුවෙමු..

7 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

මද්දු said...

හ්ම්ම් මටත් ඕක ආරන්චියි,මට පුදුම මෙච්චර තාක්ශනය දියුනුයි කියන ලෝකයේ ඔහොම දෙයක් හොරෙන් කරන්න පුලුවන්ද කියන එක.අර කොවූර් පදනමට වගේ දැන්වූවනම් ඕකෙ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන්,කියන්න බෑනෙ පවුලම එකතු වෙලා කරන වැඩක්ද දන්නෙ නෑනෙ.අනික ඔය ලමයෙක් කියල කිව්වට අවු 16ක ඉලන්දාරියෙක්ලු.

ඔවැනි දේවල් මාත් 100%ක් ප්‍රතික්ශේප කරන්නේ නෑ,තෙවනි බලවේගයක් ලෝකෙ තියනවා,අයින්ස්ටයින් වුනත් කියල තියෙන්නෙ ලෝකයේ රහස් මහ සාගරයක් නම් මම එහි වෙරලේ සිප්පි කටුවක හැඩ බලන සිගිත්තෙක් පමනි කියල.ඒත් දැන් මිනිස්සු කරන වැඩවල් අනුව නන් සැකසහිත ඇහකින් තමා ඕව බලන්න ඕනා.
හැබෑට ඔතන ආධාර එහෙමත් එකතු කරනවද දන්නෙ නෑ?

රන් said...

@මද්දු : හ්ම්ම්ම්. ඒකනම් ඇත්ත. එහෙම ව්‍යාපාරත් ඔය අතරෙ යනවද දන්නෙ නෑ. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.... :j

පීවර් said...

ඒ කතාව ඇත්තක්. ඒ නයා සුදු නයෙක් කියලයි ආරංචිය. තව දෙයක්, ඒ ළමයව මෙල්ල කරන්නෙ හලාවත මුන්නේෂ්වරම් දේවාලෙ කපුවොලු.අනික තමයි සුදු නයා තමයිලු බලගතු.

පිස්සා පලාමල්ල said...

ඔව්වා මම ඇත්ත කියන්නෙත් නැහ. බොරුයි කියන්නෙත් නැහ. ඒත් ඔව ටික දවසකින් හා හූව ඉවර උනහම නෑනේ කතාවක් වත්.

හුඟක් ම සල්ලි ගරන්න කරන මගඩි තමා.

සසීන්ද්‍ර වීරසිංහ said...

අයියා, තාම ඔය කොල්ලා[නයා දෂ්ඨ කරපු බුවා] කාටවත් දෂ්ඨ කරල නැද්ද? හැබැයි බුවාගෙ අම්මලාට කරන්න තියෙන්නෙ මේකව හැපින්න ඉන්න තැනට එක්කගෙන ගිහින් හැපින්න ලවා මැණික වමාරවගන්න එකයි..හික්

ඕක ලෙඩක්....ඕකට කියන්නෙ "හිස්ටීරියා" කියල. ඔය මායං වෙනව කියල කියන්නෙත් ඔය ලෙඩේම තමයි.

Anonymous said...

පට්ට කතාව

රන් said...

හ්ම්ම්ම්... :o

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION