හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක් |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Friday, August 20, 2010

හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක්

ම මේ ලිපිය ලියන්න හිතුවෙ පොඩි කාරනාවක් නිසා, මොකක්ද, මම දැක්ක මල්ලි කෙනෙක් පොඩි ගුණ කිරීමක් කරනව, ඉලක්කම් 3ක සංඛ්‍යා දෙකක්. ඉතින් එයාට ඒ ගුණ කිරීම කරන්න රූල් 3ක් එක්ක, ඉලක්කම් එකින් එක වැඩි කරන්න උනා. ඉතින් ඒකට වෙලා යනවනෙ. මට බලන් ඉඳලම එපා උනා. ඉතින් එයා ඒ ගාන හැදුවට පස්සෙ මම එයාට කියල දුන්න එක පේලියෙන් ඕනෙම ඉලක්කම් ගනනකින් යුත් සංඛ්‍යා 2 ක් ගුණ කරන විදිය. ඉතින් මම හිතුව ඔයාලටත් ඒ ක්‍රමේ කිව්වොත් ප්‍රයෝජනවත් වෙයි කියල.
ඔය උඩ තියන පින්තූරෙ තියෙන්නෙ සංඛ්‍යා දෙකක් ගුණ කරන විදිය පහසුවෙන්.
# මුලින්ම සංඛ්‍යා දෙකේ මුල් ඉලක්කම් ගුණ කරල දාන්න.
# ඊට පස්සෙ හරහට සමමිතිකව තියෙන සංඛ්‍යා ගුණ කරල එකතු කරල උත්තරේ දාන්න, රූපේ තියන විදියට.
# ඊට පස්සෙ මුල ඉලක්කම් දෙක ගුණ කරල දාන්න උත්තරේ.
(9 ට වඩ ගනක් ගුණ කරද්දි හරි එකතුකරද්දි හරි ආවොත් ඉතිරිය එහා පැත්තට ගෙන යන්න අමතක කරන්න එපා)




දැන් ඉලක්කම් 3 කින් යුතු සංඛ්‍යා දෙකක්.

# මුල් ඉලක්කම්  (දකුනෙ ඉඳන්) ගුණ කරා,උත්තරේ දැම්ම(18 ආවට 8 විතරයි දාන්නේ, මොකද ඉතුරු එක එහා පැත්තට ගෙන යනවනෙ සාමාන්‍යයෙන් )
#ඒට පස්සෙ මුල් ඉලක්කම් දෙක (දකුනෙ ඉඳන්) හරහට ගුණ කලා, එකතු කලා, උත්තරේ ගත්ත, කලින් ඉතුරු වෙල තිබුනනම් ඒක මේකට එකතු කලා, උත්තරේ දැම්ම.
# ඊට පස්සෙ ඉලක්කම් 3 ම සමමිතිකව ගුණ කලා, එව්ව එකතු කලා, ඒ කියන්නෙ, 6x1+5x2+ 4x3 = 28, මේකට කලින් ඉතුරු 2 එකතු කලාම 30, උත්තරේ දැම්ම
# ඊට පස්සෙ අන්තිම ඉලක්කම් 2 (දකුනු පැත්තෙ ඉඳන්) ගුන කලා, එකතු කලා, උත්තරේ දැම්ම.
# ඊට පස්සෙ අන්තිම ඉලක්කම ගුණ කලා, උත්තරේ දැම්ම.

* හැම ගුණ කිරීමක්ම සමමිතිකව කරන්න ඕනෙ. මේ ක්‍රමයෙන් ලියන්නෙ නැතිව ගාන බලල උත්තරේ කියන්න පුලුවන්.

උත්සාහ කරල බලන්න. තව ලේසි ගණිත ක්‍රම සමගනැවත හමු වෙමු.

5 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

පීවර් said...

මමත් මේ ගැන වෙනත් විදිහකට විග්‍රහ කරල තියනව. මෙතනින් යන්න.

සසීන්ද්‍ර වීරසිංහ said...

එලැ, මේ කෙරේම මරු.. :b ඒත් අයියා මටනම් අර පුරුදු විදිය හොඳා..
මොකද අර සරල අත්හදාබැලීම් අවදානම්නෙ :D

tharanga said...

මේකට කියන්නෙ වේද ගණිතය කියල මේගැන ලිපියක් ඉස්සර විදුසර පත්තරේ ගියා මතකයි

Unknown said...

:b super

Unknown said...

සුපිරි බන් :B :B :B :B :B :B :B :B :B :B :B :B

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION