හාඩ් ඩිස්ක් දෙයියෝ, බේරගන්න.. |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Wednesday, August 18, 2010

හාඩ් ඩිස්ක් දෙයියෝ, බේරගන්න..

ගොඩ කාලෙකට පස්සෙ ලියන්න යන්නෙ මට උන සිද්දියක් ගැන. මේක ඔයාලටත් වැදගත් වේ කියල හිතුන නිසයි මම ලියන්න හිතුවෙ. /hihi

මගේ කොම්පූටර් එකේ, හැමදාම සද්ද බද්ද, චර බරාස් , චර බරාස් ගගා තමයි දුවන්නෙ. ඒත් මම ගනන් ගත්තෙ නැහැ මොකද මම ගොඩාක්ම පාවිච්චිය ලැප් එක හින්ද. ඒ උනත් මගේ ෆිල්ම්ස් ටිකයි, සොෆ්ට්වෙයා ටිකයි තිබුනෙ කොම්පූටෙර් එකේ.
ඉතින් මාත් වැඩිය ගනන් ගත්තෙ නැහැ, ඒත් ගිය සතියෙ එක පාරට හාඩ් එක ලෝඩ් වෙන්නෙ නැතිව ගියා. මට හීන් දාඩිය දැම්ම. /blur
පිස්සු බල්ල වගේ කේබල් මාරු කර කර ගැහුව. වැඩේ හරි ගියේ නෑ.
යාලුවෙක්ගෙ ගෙදර අරන් ගියා බැරිම තැන. ඒකටත් ගහල බැලුව, ඩිටෙක්ට් කරන පාටක්වත් පේන්න නැහැ. සීමාව අනන්තයෙ වගෙ. ඉතින් බැරිම තැන හිත හදා ගත්ත, ෆිල්ම්ස් ටිකටයි, වටිනා දේවල් වලටයි, සොෆ්ට්වෙයා වලටයි සමු දුන්න. හාඩ් එකත් පැත්තකට දාල තිබ්බ.

මට දවසක් පහුවෙන්න උනේ නෑ, ආරන්චියක් ආව, ඩීප් ෆ්‍රීසර් එකේ දාල තියල අරගෙන ගහපුවම ඩෙටෙක්ට් කරන්න ගන්නව කියල හාඩ්. ඉතින් මම කරන්න තිබුන හැම දෙයක්ම කරල තිබුන නිසා, හාඩ් එකට, ( නැතිවෙන්න දෙයක් නැති හින්ද ) ඩීප් ෆ්‍රීසර් එකට දැම්ම ෂොපින් එකක දාල. පැය දෙකක් විතර තියල අර ගත්ත. මාර කූල්.

ටිකක් වටේට පිහල දාල,මැෂින් එකට ගහල ඔන් කරා මැෂින් එක..
මෙන්න බොලේ හාඩ් ඩිස්ක් දෙයියො වැඩ..

ජය වේවා..

10 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

9XM said...

ඇත්තමද මේ....දැනගත්තු එක හොඳයි ප්‍රතිකාරේ...

Anonymous said...

That's cool!

චතුවා said...

හික් හික් අප්පට සිරි මරු වැඩේ නේ... මටත් වුනොත් ට්‍රයි කරන්න ඕනි! :b :b :b

Nadeeka Welenawewa said...

මේක මමත් අහලනම් තිබ්බා...අත්හදාබලන්න අවස්තාවක් නම් ලෑබුනෙ නෑ...දෑන් හරියටම දෑන ගත්ත නේ.ස්තුතියි...

Anonymous said...

අපොයි මෙහෙම දෙයක් නං ඇහුවෙත් අද...මතු ප්‍රයෝජනයට ඕන වෙයි නෙ. ඒ නෙවෙයි ඕක රත් උනාමත් වැඩ කරනවද? ඒ කියන්නෙ දැනුත් වැඩද?
/නිපුන

සංකල්පනා said...

මාර සීන් එක.... මීට පස්සෙ කම්පියු‍ටර් ඉන්බිල්ඩ් ඩීප් ෆ්‍රීසර් එකකම ආවනම් වැඩේ ගොඩම ගොඩ :D

ආදර කතාව said...

මම දන්න විදිහට ඔය පරිපථ වලට වතුර, ජල වාෂ්ප එහෙම අගුණයි නේද?

රන් said...

යා යා... අත්හදා බලන්න කැඩුන එකකට, වැඩ කරනවා....

Tuck Dias said...

මාර සීන් එක... :k

රන් said...

@Saman : යා යා.... :b

@ළමයා : ඒක හැබැයි.. :c

@Nadeeka Welenawewa : අත්හදා බලන්න කැඩුන එකකට.. :t

@නිපුන : මගේ එකනම් තවම වැඩ. කොයි වෙලාවෙ ගහල යයිද නෑ. බැකප් ටික ගත්තු එකත් ලොකු දෙයක්නෙ.. :j

@සංකල්පනා :එතකොට මස් මාලු කොම්පූටෙර් එකේ දායි අම්මලා... හික්zzz :f

@ආදර කතාව :ඒක ඇත්ත. ඒත් වතුර එක්ක ගහන්නෙ නෑනෙ කරන්ට් එකට. ඒක නිසා ගානක් නෑ.. ෆ්‍රීසර් එකෙන් එලියට අරන් ටික වෙලවක් තියල ගහන්නෙ. පැයක් විතර. ෂොපින් එකක දාල දාන්න ෆ්‍රීසර් එක ඇතුලට.... :r

@Sri Kolla: පිස්සු හැදෙයි.... හික්zz :p

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION