HTML/JavaScript ගැජෙට් එකක ටයිට්ල් එක නැතිව සේව් කරමුද? |රන්සුර..

~~~~~~~එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ~~~~~~~~
Subscribe Twitter

Sunday, June 27, 2010

HTML/JavaScript ගැජෙට් එකක ටයිට්ල් එක නැතිව සේව් කරමුද?

ම මේ පෝස්ට් එක ලියන්නෙ, අපේ සෑම් සහෝගේ ලිපියක් දැක්ක නිසා. එක ලිපියක තිබුනා අපිට ගැජෙට් කෑල්ලක Title එක නැතිව කෝඩ් එකක් සේව් කරගන්න බැරි කතාවක්. ඉතින් මටත් ඒ සිද්දියම උනා. ඒකට හේතුව කියන්න තමයි අද මම සැරසෙන්නෙ.

ඉතින් ඔය සේව් කරන්ට බැරි ලෙඩේ එන්නෙ හිටපු ගමන්ම. ඒ මොකද අපි කරනකොට, සමහර කෝඩ්ස් වෙනස් වෙනව. එක එක ලෙඩ එනවා. ඔයාල ජූම්ල පාවිච්චි කරල තියනවනම් අත් දැකල ඇති සමහර ප්ල්ගින්ස් දැම්මම සයිට් එකේ ගැජෙට්ස් වලට පිස්සු හැදෙනව. අන්න ඒ වගේ තමයි මේකත්.


මේකෙදි වෙන්නෙ ගැජෙට් වල තියනව (In Edit HTML) ,
 <b:if cond='data:title != &quot;&quot;'>   කියල කෝඩ් එකක්. ඒකෙ තියන විදියට ගැජෙට් එකට ටයිට්ල් එකක් නැත්නම්  එක පල කරන්න එපා කියල  කියන්නේ.
ඉතින් ඒක නැති කරන්න පුලුවන් කෝඩෙ  ටිකක් වෙනස් කරල.
මෙහෙමයි.

1.. Edit HTML ගිහින් Expand Widget Templates යන්න

2.. ඊට පස්සෙ CTR+F ගහල (ශෝට් කට් එක සර්ච් කරන )
     <b:if cond='data:title != & quot;&quot;'>      හොයාගන්න.
     අදාල විජට්ටුව(මෙහි ඔබ එයට දැමු ටයිට්ල් එක තියන නිසා ඔබට සොයගැනිම පහසුයි ) පමනක්.

3.දැන් එක මකල ඒ වෙනුවට මේ කෝඩ් එක දාන්න.
    <b:if cond='data:imagePlacement == &quot;REPLACE"'>

මකා දැමිය යුත්තේ සහ අලුත් කෝඩ් එක රිප්ලේස් කල යුත්තේ ඔබට අනවශ්‍ය   ටයිට්ල් එක එක සහිත විජට්ටුවෙහිය.
හරිම පහසුයි. 

  • ඉතා වැදගත්:  ඔබ  <b:if cond='data:title != & quot;&quot;'> , මකා දැමිය යුත්තේ සහ අලුත් කෝඩ් එක රිප්ලේස් කල යුත්තේ ඔබට අනවශ්‍ය   ටයිට්ල් එක එක සහිත විජට්ටුවෙහිය.
  • පලමුව Design--Add a Gadget--HTML/Java--එකට Title එකක් දෙන්න. එකේදි  Title එක තිබුනට කමක් නෑ. ඊට පස්සෙ මම කියපු විදියට Edit HTML(Expand Widget Templates)කෝඩ් එක ගිහින් එයට අදාල විජට්ටුව(මෙහි ඔබ එයට දැමු ටයිට්ල් එක තියන නිසා ඔබට සොයගැනිම පහසුයි ) පමනක් සිදු කරන්න.
ගැටලුවක් ඇතොත් විමසන්න..
තව අපේ සසීන්ද්‍ර මලයා කිව්වා,  ALT+0160 මගිනුත් , ඒ කියන්නේ ටයිට්ල් එක හිස් තියල, බොඩ් එකේ ලියන්න ඕන දේවල් ලියල ALT+0160 ගහල එක ඔබපුවමත් සේව් වෙනව කියලා...

මම ගිහින් එන්නම් එහෙනම්..

0 ප්‍රතිචාරයක් දාලම යමුකො..:

ඔයාලගේ අදහස් තමයි මට වටින්නේ....

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

දැන්වීම්....

AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION
AD DESCRIPTION