ලඟදි අහපු සින්දුවක්. සංගීතය, තනුව, පද රචනය හොඳින් කරල තියනව මට දැනෙන විදියට. තරමක හොඳ සින්දුවක් කියල හිතනව ඔයාලටත් මේක.
මම මේ සින්දුව ගැන කතා කරන්න යන්නෙ මේ සින්දුවයි, විෂුවල් එකයි, දකිද්දි මට යම්කිසි දෙයක් ඔලුවට ආවා. ඒ කියන්නෙ මේ සින්දුවෙ තේරුම, මොකක්ද කියන එක. පොඩ්ඩක් අහල බලල වීඩියෝ එකත් එක්ක, මොන වගේ තේරුමක්ද එන්නෙ කියල හිතල බලන්න, සින්දු වලට කැමති අය.
සමහර අය මේ ලිපිය බලල සමහරවිට මට බනී, කිසි වැදගත් නැති දෙයක් දාල කියල.
විවේචන කාටත් දාන්න පුලුවන්. මම මේ සින්දුව ප්‍රොමොට් කරන්න එහෙම හදනව නෙමෙයි ඔන්න. නිකමට හිතුන අදහසක්.
වැරදියට හිතන්න එපා.
මේ කාලෙ ගෑනු ලමයි ගැන කතා කරන්න කොඉ තරම් දේවල් තියනවද? නොයෙක් විදියෙ ගෑනු ළමයි ඉන්නව. ඔයාල දන්නව ඇති මටත් වඩා හොඳට. මොකද මම ඒ ගැන ඈ තරම් දන්නෙ නැති නිසා. කොහොම උනත් මම මේ සින්දුව අහනකොට කල්පනා උන දෙයක්.
සුදු ගවුම- චරිතය
මඩ-පැල්ලම්
බොර ගං දිය-විසේ කාරකම
ගං දෑල-සමාජය
මල්-අශාවන්
තමුන්ගෙ අදහස් තමුන්ට ආවේනිකයිනෙ. ඉතින් මට හිතුන දෙයක්. සමහරවිට, මේ සින්දුවට ආස කරන අයගෙන් බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ.
ඔයාලටත් මේ ගැන කියන්න, අදහසක් දෙන්න තියනවනම් කමෙන්ට් එකක් දාලම යන්න.
~~ඉතිරි ටිකත් කියවන්න..